iranama
මුහුර්ති නැත්නම් නැකැත් කියන්නේ යමක් කිරීමට අත්‍යවශ්‍යම හා කරුණු ඒ විදියටම ඉටුකර දෙන සුදුසුම වෙලාව, නැත්නම් තිථිය. මේ කරුණු ටික ටික ඔබ දැනගෙන හිටියත් පිළිපදින්නෙ නැහැ. ඒ නිසා නියමාකාරයට ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ. මනුෂ්‍යයා කියන්නේ ලෝකය පවත්වාගෙන යන පංච මහා භූතයන් වන ආපෝ - තේජෝ - වායෝ - පඨවි - ආකාශ කියන බලවේගවල රූකඩයක්. අප ඉපදුණේ අපි කළ කුසල් අකුසල්වල බල මහිමයෙන්. මියයන වෙලාව වෙනස් කරන්න බැහැ. ඒත් අවසානය ළඟා කරන ආකාරය වෙනස් කරන්න පුළුවන්. ඒකනේ මට්ටකුණ්ඩලීගේ, පූතිගත්ත හාමුදුරුවන්ගේ අවසාන වෙලාවේ අපේ බුදුහාමුදුරුවෝa එතැනට වැඩියේ. නරක භවයක උපදින අය සුගතියේ උත්පත්තිය ලැබුවා. ඒ වගේ ජ්‍යෙdතිෂය උපයෝගී කරගෙන මේ නැකැත් නැත්නම් මුහුර්ති මගින් සුබ වෙලාව කියා දෙනවා. උදාහරණයක් වශයෙන් ඔබ කවුරුත් දන්නවා දවසේ රාහු කාලය තුළ කිසියම් සුබ දෙයක් නොකරන බව. ඔබ හරියටම දන්නේ එච්චරයි. ඒ මොකද යමක් කිරීමට නුසුදුසු කාලය නිසා. එහෙනම් සුදුසු කාලය මොකද්ද? ඒකට උත්තර දීලා ඔබ ආරම්භ කරන්න යන ව්‍යාපාරය, මංගල්‍යය, නිවසක් හැදීම, කුමන හෝ කර්මාන්තයක ආරම්භය, දියුණු කරන්න තමයි මගේ උත්සාහය. ඔබ දියුණු වුණොත් රටම දිනුම්. ශාස්ත්රයත් දියුණුයි. ව්‍යාපාර අරඹන්න එන අය කියනවා මගේ පක්ෂියා රජවෙන නැකතක් දෙන්න කියලා. එහෙම කිව්වට ඒ අයගේ පක්ෂියා මොකාද කියලවත් ඒ අය දන්නේ නැහැ. ඔබ කරන්න යන ඕනෑම දෙයකින් ලාභ ලබන්න, සතුට ලැබීම තමයි ඔබේ මූලිකම බලාපොරොත්තුව. ඒක ලබන්න නම් සුබ නැකතකින් ඔබේ කටයුතු ආරම්භ කරන්නට වනවා. ඔබ දන්නවා සමහර අය ස්වකීය නිවසින් පිටව ගියේ ආපසු ගෙදර එන්න නේද? ඒ ඔක්කොම ආවාද, නැත්නම් ගිය විදියටම ආවාද? දරුවන්ට හාදු දීලා, නෝනාගේ ඔළුව සිඹලා ගෙදරින් පිටව ගියේ ආපසු එන්න නේද? මොකද නාවේ. ඔබ පිටවීමට කලින් මුහුර්තිය බැලුවද? විශ්වයේ බලයෙන් ඔබ ගමන යන්න කලින් යම්කිසි සංඥවක් දුන්නා. ඒක දැනුණේ නැහැ නේද? ගණන් ගත්තෙත් නැහැනේ. එතැනනේ මාරයා හිටියේ. හොඳට මතකයේ තබාගන්න. මේ විශ්වයේ බලය හැම විටම අපට උදව් කරනවා. ඔබ ඇති කළේ මහ පොළව. ඔබ අන්තිමට යන්නෙත් මහ පොළවට. පඨවි භූතයා එතැන ඉන්නවා. ආගම්භේද, කුලභේද, ජාතිභේද කිසිවක් නැහැ. මේ ස්වභාවධර්මයා නැත්නම් ලෝකයේ පැවැත්ම සඳහා ඔබ කිසියම් වත් උදව්වක් කළාද? අනුන් වෙනුවෙන් ප්‍රයෝජනය සඳහා අඹ ගෙඩියක්වත් පුද කළාද? හෝ වතුර ටිකක් පොහොර ටිකක් ගහකට දැම්මද? ඔබට කරදරයක් වුණාම විතරක් දෙවියන්ගෙන් නැත්නම් විශ්වයේ බලයෙන් උදව් ඉල්ලනවා. ඔබ අහල තියෙනවා නේද? ධර්මය රකින්නා ධර්මය විසින් ආරක්ෂා කරනවා කියලා. ඒ වගේම තමයි ස්වභාවධර්මයා රක්ෂා කරන්නා ඒ විසින්ම ආරක්ෂා කරනවා. ඔබ කවදා හරි අහලා තියෙනවද ගමනක් යන විට හූනෙක් චුක් චුක් ගෑවොත් හෝ නිකමට වගේ ඔබේ කකුල පටළැවුණොත් ටිකක් ඉඳල නැවතිලා යන්න ඕනෑ කියලා. ඔබ එහෙම කළේ නැහැ නේද? පැරැණි අය නම් මේවා කළා. ඔබ ආපසු ආවේ ගිය විදිහටමද? දැනට මේ පුංචි කෙම කරන්න. යම්කිසි ගමනක් යන්න ප්‍රථම එක පාරටම නොයා ගෙදර ප්‍රධාන උළුවස්ස යටට යන්න. ටිකක් නැවතිලා ඉන්න. මේ ඔබ යන ගමනේ තිථිය නැත්නම් නැකත නුසුදුසු නම් අප්රයෝජන නම් හෝ නපුරු නම්, විශ්වයේ බලය විසින් ඔබට යම්කිසි සංඥවක් දේවි. ඒ අනුව ක්‍රියා කරන්න. ගමන සුබයි යන්න. ඔබ දැකල තියෙනවද මනාලියක් හෝ සුබ වැඩකට පිටව යන ඕනෑම කෙනකුගේ ඉදිරියට වීදුරුවකට වතුර දාලා පිරුණු ගැහැනියක් ඉදිරියට එනවා. ඒ ඇයි? මේ ක්‍රම පැරැණි නැහැ. සුබ දේවල්. මේ ආකාරයට ආරම්භය දුන්නාම ප්‍රතිපල ගොඩයි.