iranama
සියල්ල සිදුවන්නේ කර්මය අනුවද ?
ජ්‍යෙතිෂ විද්‍යාවේදී කර්මානුරූපී බලපෑම ග්‍රහයන්ට අනුරූපීව ක්‍රියාත්මක වන්නේ කෙසේද? යන්න විග්රහ වේ. මෙහිදී කර්මය යනු කුසල, අකුසල යන දෙකම වේ. එයට අනුව කුසල කර්මයේ බලපෑම තම කේන්ද්‍රයේ යහපත් ග්‍රහ පිහිටීම් වලින් පෙන්නුම් කරන අතර, අකුසල කර්මයේ බලපෑම කේන්ද්‍ර සටහනක අයහපත් ග්‍රහ පිහිටීම් වලින් පෙන්නුම් කරයි.
මෙහිදී යහපත් ග්‍රහ පිහිටීම් ලෙස ග්‍රහයන් බලවත් වීම් (ෂඩ් වර්ගයෙන්, නැකතෙන්, දෘෂ්ටි බලයෙන්, දිග් බලයෙන්, කාල බලයෙන්) යහපත් ග්‍රහ යෝග, ආදිය සැලකිල්ලට ගත යුතුය. එසේම අයහපත් පිහිටීම් ලෙස ග්‍රහයන් දුර්වල වීම, අයහපත් ග්‍රහයෝග යෙදීම, දුර්වල ස්ථානවල යෙදීම, අශුභ දෘෂ්ටි වැටීම ආදිය වේ. ස්ථානීය දුර්වලවීමේදී ග්‍රහයන්ගේ නැකත, රාශිය, නවාංශකය, ආදිය පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය. ඒ අනුව අකුසලය හෝ කුසලය කුමන ආකාරයකින් සකස් වේදැයි යන්න කේන්ද්‍රයට අනුව නිශ්චිතවම තීරණය කළ හැකිය.
දළ කේන්ද්‍රයක යහපත් ග්‍රහ පිහිටීම් තිබුණු පමණින් කිසිදු ශුභ ඵලයක් සිදුනොවූ අවස්ථාද අයහපත් ග්රහපිහිටීම් තිබුණු විට ඉන් කිසිදු අයහපත් සිදුවීමක් සිදුනොවූ අවස්ථාද දැකගත හැකිය. එයට හේතුවන්නේ එම ග්‍රහයන්ගේ බලදුබලතාවය සියලු ආකාරයකින්ම විශ්ලේෂණය නොකර පලාපල කථනය කිරීම මගිනි. මෙහිදී කර්මානුරූපී බලපෑම, කුසලානුරූපී බලපෑම හා අකුසලානුරූපී බලපෑම යනුවෙන් දෙආකාරයකට හේතුවේ. මෙහිදී යහපත් කර්මයන්ගේ බලපෑම, තමාට අනුරූපීව ගළපා ගැනීම සඳහා පුද්ගලයන්ට අදාළ වන ක්ෂේත්රයන්, හැකියාවන්, ලෞකික දියුණුව, ලෝකෝත්තර දියුණුව ආදී සියල්ල කර්මානුරූපීව සිදුවන බලපෑම අනුව සිදුවන ආකාරය, ජන්ම පත්‍රය නිවැරදි ලෙස පරීක්ෂා කිරීමෙන් නිශ්චිතවම ප්‍රකාශ කළ හැකිය.
ඒ ආකාරයෙන්ම අයහපත් ග්‍රහබලපෑම් වලින් සිදුවන ජීවිතයේ කරදර, ලෙඩරෝග, හදිසි අනතුරු, විවිධ පුද්ගලයන්ගේ වෙන්වීම්, කඩා වැටීම් ආදී සියල්ල පැවසිය හැකිය. මෙහිදී උප්පත්ති ග්‍රහබලය, ග්‍රහයන්ගේ ගෝචරවීම, මහදශා, අන්තර්දශා වල බලපෑම ආදී සියල්ල සූක්ෂම ආකාරයට පරීක්ෂා කළ යුතුවේ. මෙහිදී කර්මය තුළින් සිදුවන අයහපත් බලපෑම මගහරවා ගතහැකිදැයි ද යමෙකු ඇසුවොත් ඒ සඳහා පිළිතුර වන්නේ කර්මය තුළින් සිදුවන සමහරක් මගහරවා ගතහැකි වූවද, සමහරක් මගහරවාගත නොහැකි බවයි.
මෙයට උදාහරණයක් ලෙස, එක් අවස්ථාවක අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නැගණිය වූ රෝහිණී හට කුෂ්ඨ රෝගයක් වැළඳුනි. මෙම හේතුව නිසා ඇය මහත් ලැඡ්ජාවට හා දුකට පත්වුණි. අනුරුද්ධ මහරහතන් වහන්සේ ඇයට අවවාද කළේ කුසල් කිරීමටය. එවිට ඇය කුමන ආකාරයේ කුසල් කළ යුතුද යන්න ඇසූවිට, මහාසංඝයාට අසුන්හලක් සකස් කිරීමට ඇයට අනුශාසනා කළේය. එවිට ඇයට හිමි ආභරණ සියල්ල විකුණා තම නෑදැයන්ද සහභාගි කරවාගෙන දෙමහල් ගොඩනැඟිල්ලක් සාදවා මහාසංඝයා වහන්සේලාට පූජාකර, උපස්ථාන කළාය. කිසිදු ඖෂධයකින් සුව නොවූ ඇයගේ කුෂ්ඨ රෝගය ක්‍රම ක්‍රමයෙන් සුව වන්නට විය. ගොඩනැඟිල්ල සාදවා අවසානයේදී බුදුහිමියන් ඇතුළු මහාසංඝයා වහන්සේලා වඩමවා මහත් දානයක් දුන්නාය. දානය අවසානයේදී බුදුරජාණන්වහන්සේ මෙම කුෂ්ඨ රෝගය වැළඳීමට හේතුවූ කර්මය පිළිබඳව අතීත කථාව ව¹ළ සේක. එනම් පෙර භවයක බරණැස් රජුගේ අගමෙහෙසිය වූ රෝහිණී එක් නාට්‍යාංගනාවක් සමඟ වෛර බැඳ වෙන පුද්ගලයකු ලවා උපායශීලී ලෙස ඇගේ ශරීරයේ කසබිලියා ගල්වා, ඇගේ යහනේද කසබිලියා ගල්වා, ඇයට දරාගත නොහැකි වේදනාවක් ලබාදුන් හේතුව මත ඇයට විපාක ලැබුණි. නමුත් සඳහන් කුසලය හේතුකරගෙන, පසුව ඇයගේ කුෂ්ඨ රෝගය සුවවී රන් රුවක් මෙන් බබළන්නට විය. පෙර භවයන්වල සිදුකරන ලද මෙවැනි අකුසල් මේ භවයේ සිදුකරන කුසල් මගින් යටපත් කරගත හැකිබව මෙවැනි උදාහරණ වලින් පැහැදිලි වේ.
එසේම සෝවාන් වීමට තරම් පිං තිබූ අජාසත්ත, පසුව කරන ලද අකුසල් කර්ම නිසා එම අවස්ථාවද ගිලිහී ගියේය. එයට හේතුව වූයේ කල්‍යාණමිත්‍ර සේවනය නොලැබීමය. මුගලන් මහරහතන් වහන්සේද සොරුන්ගෙන් පහරකෑමට ලක්වී පරිනිර්වාණයට පත්වීමට සිදුවීමද මේ සඳහා උදාහරණයකි.
මේ ආකාරයට ජ්‍යෙdතිෂය තුළින් නිවැරදිව කේන්ද්‍ර සටහන පරීක්ෂා කිරීම තුළින් තමන්ගේ ජීවිතය යහපත් ආකාරයට සකස්කර ගැනීමට, පිටිවහලක් වන අතර අයහපත් ආකාරයට වන කර්මානුරූපී බලපෑම අවමකර ගැනීම සඳහා දානධර්ම පිංකම්වල යෙදීම යෝග්‍ය වේ. තවද ජ්‍යෙdතිෂයට අනුව සිදුකරනු ලබන වත් පිළිවෙත් මගින්ද මෙම අයහපත් බලපෑම අවමකර ගත හැකිවේ.
වැඩිදුර විස්තර සදහා 0718602525, 0115248187.
විද්‍යාවේදී ජ්‍යෙතිෂවේදී ගෝඨාභය මුදලිගේ
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks