iranama
සිංහල අලුත් අවුරුදු ලග්න පලාපල
ශ්‍රී මත් ශාලිවාහන ශකනෘප වර්ෂ ප්‍රමාණයෙන් විෂ්ණු විංශතියට අයත් ශිව යුග පංචාබ්දයෙහි පස්වැනි ඉදිවත්සර භේදනාම ධාරි ශිව දේවතාධිපති දුර්මුඛ" සංවත්සරය වනාහි සූර්ය මාස ක්‍රමයෙන් මේෂ, රවි 01 භාග වූ බක් මස පුර සතවත තිථිය ලත් බුධ දින උදයාදී සිංහල පැය 34යි විනාඩි 21යි තත්පර 49ට හෙවත් ශ්‍රී බුද්ධ වර්ෂ 2559ක් වූද ශක වර්ෂ 1938 හෙවත් කලියුග වර්ෂ 5117 හෙවත් ව්‍යවහාරික වර්ෂ හෙවත් ක්‍රි.ව. 2016ක් වූ අප්‍රේල් මස 13 වැනි බදාදා දින අපර භාග 07.48ට රාශි වළල්ලේ මූලික වූ නව ග්‍රහ ගෝචරය අනුව ලග්න ෙදාළසින් දෙවැනි ලග්නය වන වෘෂභ ලග්නයේ නව අවුරුදු ලග්න පලාපල මෙසේ දිගහැරෙන වගයි!
ලග්නාධිපති ශුක්‍ර හෙවත් සිකුරු ලග්නයෙන් 11 වැන්නේත් පිහිටන අතර කුජ විවාහ ස්ථානයේ සෙනසුරු හෙවත් ශනි සමඟ යෝග වන අතර රවි, බුධ 12 වැන්නේත්, සඳු 2 වැන්නේත් රාහු, ගුරු සමඟින් යෝගව 4 වැන්නේත් කේතු 10 වැන්නේත් ගෝචර ගමනක යෙදෙන අවස්ථාවක මෙම නව වසර උදාවනු ඇත. මෙම නව වසර වෘෂභ ලග්නය හිමි ඔබට මධ්‍යම ප්‍රතිඵල උදාවන්නා වූ වසරකි.
වෘෂභ ලග්න හිමි අයගේ ගතිගුණ
සිකුරු හිමි වෘෂභයේ උපන් අය කෞතුක දේවලට ආශා කරයි. ලෙහෙසියෙන් ජීවත් වීමට සිතයි. තිර රාශියේ ගතිය ඔප්පු කිරීමට මෙන් නොනැමෙන හිතක් ඇත. හිතේ තබාගෙන සිටීමට සමතෙකි. තරහ වීමත් හෙමින්ය. එසේ වුණොත් හොඳ වීමත් හෙමින්ය. අනුන්ට තේරුම්ගත නොහැකි ගුප්ත ගති තිබේ. ඉතා සුළු දේවල් පවා සිතේ තබාගෙන සිට වුවමනා වූ විට ඉදිරිපත් කර කතා කරයි. ස්ථිරව ජය ලැබෙන තුරු සටන් කරගෙන යෑමට සමතෙකි. මිල මුදල් සම්බන්ධ හා තමාගේ ලෞකික දේවල් බොහෝ සුපරීක්ෂාකාරී වෙයි. වෛවර්ණ ඇඳුම් පැලඳුම්වලට වියදම් කිරීමට මැළි නොවේ. භූමියට හිතයි. මල් වැවීමට හිතයි. අන්‍යයන් උදෙසා වියදම් කිරීමට ටිකක් මැළි වෙයි. තරමක් ලෝභයි. මුදල් ගනුදෙනුවලදී පරෙස්සම් වෙයි. කඩිසරකමක් නැත. එහෙත් නොනවත්වා වැඩෙහි යෙදී කරගෙන යෑමට සමර්ථ වෙයි. විරුද්ධකාරයා ඉදිරියේ දණින් වැටී නැමෙන්නෙක් නොවේ. ස්වාභාවික දර්ශනයන්ට ප්‍රියයි. නගරබද ජීවිතයට වඩා මල් ගොමු පලතුරු, ගස්වැල් ආදියෙන් යුත් පිටිසරබද ජීවිතය යහපත් සේ සිතයි. කතාවට බොහොම හොඳයි. කරුණු ඇතිව කතා කරයි. තමාගේ අදහස් තදින් අල්ලාගෙනම සිටියි. අනුන්ගේ දැනමුතුකම් අනුව කටයුතු කිරීමට සතුටු නැත. තමා දන්නා කෙනෙක් සේ සිතයි. සිතිවිලි ලෞකික පැත්තට බර වෙයි.
දුර්වලකම් හැටියට පෙනෙන්නේ තරමක ලෝභකමත් සැප පහසුවට ඕනෑවට වඩා ආශාවන් ජය ගැනීමට තිබෙන වුවමනාවත්ය. එනිසාම සතුරෝ ඇති වෙති. නඩු මඟට බසින්නද අන්තිමේදී සිදුවෙයි.
රෝග: සියලු සෙම් රෝග පහසුවෙන් සෑදේ. ඔළුවේ, බෙල්ලේ හා පපුවේ රෝග, උගුරේ රෝග, පීනස, ඇදුම, සෙම් ගෙඩි ලෙහෙසියෙන් සෑදේ. කල් යෑමේදී මලබද්ධය, ලේ වැඩිකම හෝ සෙම් වැඩිකම, දණහිස්වල අමාරු හා අත පය හිරිවැටීම ඇති විය හැකිය.
විවාහය හා ගෘහ ජීවිතය
මෙම නව වසර විවාහ අපේක්ෂිත ඔබට විවාහ ප්‍රමාද වන සහ බාධා එල්ල වන වසරකි. විවාහක වෘෂභ ලග්න හිමියන්ගේ පවුල් ජීවිතය සම්බන්ධයෙන් සිතා බැලීමේදී බොහෝ විට නිතරම බාධක හා ගැටලු උදා වනු ඇත. ගේෙදාර වාසනාව ඇති වන කාලයකි. උසස් අයගෙන් යහපතක් උදා වන කාලසීමාවකි. පවුලේ දියුණුවට කටයුතු සැලසෙනු ඇත. විශේෂයෙන්ම අවිවාහක වෘෂභ ලග්න හිමියන් වසරේ මුල් මාස 6න් පසු එම කටයුතු සම්බන්ධයෙන් උනන්දු වීමෙන් ඔබට යහපත් ප්‍රතිඵල උදා කරගත හැකි වනු ඇත. බොහෝ විට මෙම අගෝස්තු දක්වා කාලය තුළ පෙම්වතුන්ගේ ප්‍රේම සම්බන්ධතා අසාර්ථක වන කාලසීමාවකි. ඔක්තෝබර්වලින් පසු කාලය තරුණ වයසේ පසු වන ස්ත්රීන්ට හා පුරුෂයන්ට ආදර හැඟීම් අතින් යහපත් වූ කාලසීමාවකි. වසරේ අග භාගයේ ග්‍රහ ගමන අනුව අඹුසැමි සතුට හීන වන කාලයකි.
ධනය හා ලැබීම්
මෙම වර්ෂය ආරම්භයේදී ඔබට මිල මුදල් හා ධන ලාභවලින් සුබදායක වනු ඇත. වසරේ මුල් මාස 6ක කාලය ධන ලාභ ලැබෙන කාලයකි. නමුත් විටින් විට අධික වියදම් හා ප්‍රබල ධන හානිද මෙම වසර පුරාවටම ඔබට යම් යම් අවස්ථාවල ඇති විය හැකිය. ඒ පිළිබඳව නිතරම අවධානය යොමු කිරීම හා බුද්ධිමත්ව කටයුතු කිරීම නුවණට හුරුය. වසරේ ජූලි සිට නොවැම්බර් දක්වා කාලසීමාව මිල මුදල් අතින් යහපත් කාලසීමාවකි. ලොතරැයි වාසනා වැනි ධන ලාභ ලැබීමට අවස්ථාවන් උදා වෙයි. මෙම කාලයේ ඔබ කතාවට දක්ෂ වනු ඇත. වචනයේ බලය පෙන්වීමට හොඳ කාලයකි. ගුප්ත විද්‍යාවෙන් වැඩ ගැනීමට බලාපොරොත්තු වන අයට මුල් මාසවලදී ඉතා යහපත් ප්‍රතිඵල ලැබෙන කාලසීමාවක් වනු ඇත. ඔබගේ බාල සහෝදරයකුට උසස්වීමක් ලැබීමට අවස්ථා උදාවනු ඇත.
රැකීරක්ෂා කටයුතු
රැකීරක්ෂාවල උසස් වීම් මෙන්ම නව රැකියා අවස්ථා ලැබෙන කාලයකි. නමුත් වසර අග කාලසීමාව තුළ තමා රැකියාව කරන ස්ථානයේ යම් යම් මානසික පීඩා ඇති වන ආකාරයේ සිද්ධීන් උදා විය හැකිය. විශේෂයෙන් සමාජයෙන් ගරු නාම ලැබෙන අතර සමාජයේ පිළිගැනීමක් ඇති වෙයි. රැකියාව හේතු කොටගෙන ආදායම් මාර්ග සරු වන හා පඩි වැඩි වන කාලයකි. මෙම වසර තුළ වෙළෙඳ ව්‍යාපාරවල යෙදෙන ලග්න හිමියන්ට එමඟින් ලාභ ලැබෙන අතර මෙම වර්ෂය ව්‍යාපාරවලට සුබදායක වසරක් වනු ඇත. කෙසේ වෙතත් රාහු මහ දශා හා අන්තර් දශා ගත කරන හා සෙනසුරු ජන්ම හෝ චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටක ගත කරන වෘෂභ ලග්න හිමියන්ට ව්‍යාපාර අතින් එතරම් සුබදායක නොවනු ඇත. අධික ලෙස මුදල් වියදම් කිරීමට සිදුවීම හේතුවෙන් ඒවායින් අලාභ හා පාඩු සිදුවිය හැකිය. එම නිසා ඔවුන්ට මිල මුදල් අතින් එතරම් සුබ නොවනු ඇත. හවුලේ කරන රැකියා හෝ ව්‍යාපාර කටයුවලින්ද පාඩු සිදුවෙයි. කලක් පටන් කරගෙන ආ රැකීරක්ෂාවලට බාධා ඇති වෙයි.
ශරීර සෞඛ්‍ය
ඔබට මෙම වසර සෞඛ්‍ය අතින් නම් එතරම් සතුටුදායක යහපත් කාලයක් නොවනු ඇත. ශරීර සනීපය අඩු වන කාලයකි. ශරීරයේ බර වැඩි වෙයි. උදරාශි‍්‍රත රෝග, ආහාර ජීර්ණ පද්ධතියේ විවිධ ආබාධ, වසංගත රෝග, නිදන්ගත රෝගාබාධ, හෘදයේ තදබල ගැස්සීම් නිසා ඇති වන්නා වූ ආබාධ නිසා අනතුරුවලට මුහුණපෑමට සිදුවනු ඇත. ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. විශේෂයෙන්ම මෙම කාලය තුළ තදබල ලෙස පාදවලට අනතුරු ඇති විය හැකිය. යාන වාහන පැදවීමේදී ඉතාමත් පරෙස්සම් විය යුතු කාලයකි.
අධ්‍යාපනය
ඥානය හෝ බුද්ධිය වැඩිදියුණු වන අතර අලුත් දෙයක් පිළිබඳ ඉගෙනීමටද අවස්ථාව ලැබේ. තරග විභාගවලට ඉදිරිපත් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් එමඟින් ජය හිමි වන අතර ඔවුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් වීමටද කටයුතු සැලසේ. අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ශාරීරික නිරෝගීතාව අඩු වන අතර බොහෝ දේ අමතක වන ස්වභාවයක් ඇත. වසරේ මුල් මාස 3ක කාලයේදී නොගැළපෙන බැඳීම්වලට සිත යොමු වීම හේතුකොටගෙන අධ්‍යාපනයට බාධා හා අවහිරතා පැමිණේ.
පුර පක්ෂයේ සිකුරාදා දින 07ක් සවස 8-9ත් අතර හෝ උදෑසන 6-7ත් අතර කාලය තුළ නිල් කටරොළු මල් හා විවිධ වර්ගයේ මල් සමඟ බෝධි පූජාවක් පවත්වා විෂ්ණු දෙවියන්, පත්තිනි මෑණියන් ප්‍රධාන තම ඉෂ්ට දෙවියන්ට පින් අනුමෝදන් කර පවතින නවග්‍රහ අපල සමනය වේවායි ප්‍රාර්ථනා කරන්න. වෘෂභයෙන් උපන් අයට පච්ච ගල් පැලඳීම යහපති.
2016 වෘෂභයේ අය - 08 වැය 11
සුබ දවස් - ඉරිදා, බදාදා, සිකුරාදා
සුබ වර්ණ - සුදු හා ක්‍රීම් පාට
සුබ අංකය - 06
මීනයට අධිපති ගුරු ග්‍රහයා දැනට ගෝචර වශයෙන් රවි හිමි සිංහ රාශියේ ගමන් කරන අතර රවි මීනට පිවිසීමෙන් පසු සිංහයේ ගමන් ගන්නා ගුරුගේ පූර්ණ දෘෂ්ටියෙන් රවි ග්‍රහයා මිදෙනු ඇත. ග්‍රහ ලොව රාශි වළල්ලේ පියා හෙවත් ග්‍රහ ලොව පාලක ග්‍රහ තාරකාව වන රාජ්‍යකාරක රවි ග්‍රහ මාරුව ජේයාතිෂ්යානුකූලව 2016 නව වසර ආරම්භ වීමට පෙර සිදුවන අවසන් රවි මාරුවද මෙය වන අතර මෙම රවි මාරුව ඉතා ප්‍රබල ග්‍රහ මාරුවකි. එසේම රවි ග්‍රහයා මීන රාශිගත වීම කෝණ මාසයක ආරම්භයයි. එසේම නිවාස හා මංගල නැකැත් නොමැති කාලයයි. නැවැත නැකැත් උදාවනුයේ අප්‍රේල් මස 13 වැනි දායින් පසුවයි. වසරකට කෝණ මාස 04කි.
මෙම 2016 වසරේ කෝණ මාස 04කි. එනම්
1. 2016 මාර්තු 14 වැනි සඳුදා සිට අප්‍රේල් 13 වැනි බදාදා දක්වා.
2. 2016 ජුනි 14 සිට ජූලි 16 දක්වා.
3. 2016 සැප්තැම්බර් 16 සිට ඔක්තෝම්බර් 17 දක්වා.
4. 2016 දෙසැම්බර් 15 සිට ජනවාරි 14 දක්වා වේ.
සූර්ය මාස ක්‍රමයට අනුව රවි ග්‍රහයා මීන, මිථුන, කන්‍යා හා ධනු යන රාශිවල ගමන් කරන කාලය කෝණ මාස ලෙස හඳුන්වයි. ඒ අනුව ජේයාතිෂ්යානුකූලව කෝණ මාසයක් යනුවෙන් අදහස් කරනුයේ එම කාල සීමාව තුළ රවි ග්‍රහයාගෙන් ලැබෙන අසුබ කිරණ නිසා එම කාල සීමාව තුළ ගුරු, සිකුරු, බුධ යන සුබ ග්‍රහයන්ගේ සුබ ග්‍රහ බලය මෙම කාලය තුළ දුර්වල වීමයි. මෙම හේතුව නිසා මෙම සුබ ග්‍රහ බලය දුර්වල වී පිරිහී ගොස් ඇත. ඒ අනුව එම කාලය තුළ විශේෂයෙන් නිවාස සම්බන්ධ කටයුතු හා විවාහ සම්බන්ධ කටයුතුවලට අසුබය. මෙම කාල සීමාව තුළ ඒ සම්බන්ධව නැකැත් සෑදීමක් නොකරනු ඇත. මෙම කාලය තුළ විවාහ කටයුතු මෙන්ම නව නිවාස සෑදීම මෙන්ම ගෙවදීම සිදු කළ විට එම අයගේ සියලු අංශයන් කෙරෙහි එහි අසුබ පල උදා වනු ඇත. ඒ අනුව ඉහත කටයුතු සඳහා නැකැත් යොදා ගත යුත්තේ 2016 වසරේ අප්‍රේල් 13 වැනි දායින් පසුවයි.
ඒ අනුව ඉහත සඳහන් ග්‍රහ තත්ත්වයන්ට අනුව නිවාස හා විවාහ නැකැත් මෙම මාර්තු 14න් පසු නොමැති වුවද අනෙකුත් සාමාන්‍ය කටයුතු සඳහා අදාළ කටයුත්ත මත සුබ නැකැත් යොදා ගත හැකිය.
Wmqgd .ekSu u