iranama
ස්ත්‍රී දේහ ලක්ෂණ අනුව ඇයව හඳුනාගන්නා හැටි
පාද
මොලොක් පැතලි මස් වැඩි ලා රත් පැහැ පාද ඇති ස්ත්‍රීය ගුණ ධර්මයන් වඩන රාඡ භාර්යාවක් වන්නේය. ගොරහැඩි රළු වියළි පා ඇති ස්ත්‍රීය අවාසනාවන්තියකි. පයේ මාපට ඇගිලි උස්ව පිහිටා තිඛෙයි නම් බොහෝ සැප ලබන්නියකි. ගමන් කරන කල්හි දූවිලි ඇවිස්සේ නම්
අවකල් ක්රීයාවෙහි යෙදෙන ස්ත්රීයක්ය. පා ඇඟිලි එක පිට නැගී සිටිම වැන්දඹුබවේ ලක්ෂණයකි.
නිය
පා, නියපොතු වටව උස්ව තඹවන් වුවහොත් ඈ භෝග සම්පත් ලබන්නීය. පිට පතුළ අඳුරු වර්ණ හෝ නෙලූම් පෙත්තක පිට පැත්තේ හැඩයට සමානව පිහිටා ඇත්නම් පිනැති වේ. උඩුපතුළ මැද නැමී ඇත්නම් දිළිඳු වේ. පා මැද නහර ගැට ගැසුනේ නම් නිකරුනේ ඇවිදින්නියකි. උඩු පතුලේ ලොම් ගැවසුනේ දාසියකි.
ඇස්වට
බෝල යුග්මය සැඟවී නහර අඩුවුවහොත් ඈ පිනැති කාන්තාවකි.
විළුඹ
සම වූයේ නම් පිනැතිය. උස්ව පිහිටියේ නම් අසුබය.
කෙණ්ඩ
මස්වැඩි ලොම්නැති සිනිඳු සමින් වැසුනු කෙණ්ඩා ඇති කාන්තාව සැප ලබන්නීය.
දණහිස
මස්වැඩි වටවූ දණහිස් ඇත්තී වාසනාවන්තියකි.
උකුල
උකුල මහත්ව ඉඟටිය සිහින්ව ඇත්තී පින්වන්තියකි. වැහැරී නැමී කුඩාව හෝ ලොම් ගැවසී ඇතොත් කනවැන්දුම් වීමේ ලක්ෂණයකි.
නිතඹ - (තට්ටම)
බිම්බාකාරව උස්ව හෝ මස් අධිකව පළල් වුවහොත් කම්සැප ලබන්නීය. ලෙලෙන නිතඹ ඇත්තී කාමාධිකය.
යෝනි
මුවකුරයක් වැනි වූයේ හා ඇත්කන්මුල් වැනි වූයේ නම් ශ+භය. වම්පස උස්වූයේ නම් ගැහැණු දරුවන් වැඩි බවද, දකුණු පස උස් වූයේ නම් පිරිමි දරුවන් වැඩි බවද පෙන්වන ලක්ෂණයකි. සැවක් මෙන් රැළි ඇතුව වක්වූ යෝනිය ඇත්තී ගැබ් දැරීමට අසමත්ය.
වටොර (කලවා)
ඉතා දික් වූ කලවා දෙකක් ඇත්තී පින්වන්තය. මස් අධික වූයේ නම් ශ+භය. මස් අඩුව වැහැරී ගියේ නම් අශ+භය.
වස්තිය (යටිබඩ)
මහත නම් බොහෝ දරුවන් ලබන්නියකි. මහත්ව මොලොක්ව උස්ව තිබේනම් යහපත්ය. රේඛා වෙන් ගැවසුන හෝ ලොම් වලින් යුත්ත වූයේ හෝ නහර ගැවසුනේ නම් අශ+භය.
නාභිය
ගැඹුරුව දකුණට කරකැවී තිබේනම් භෝග සම්පත් ලබයි. වමට කරකැවී තිබේ නම් අශ+භය.
උදරය (බඩ)
මහත නම් බොහෝ දරුවන් ලබයි. ගෙමැඩියෙකුගේ ආකාරයට පෙනේ නම් රාජ දේවියකි. බලවත් සැමියෙකු ලබයි. මිහිගු ඛෙරයක් යව ඇටයක් සමවූ පුත්‍රයෝ ලබති. උඩට නැමී තිබේ නම් වඳ ස්ත්‍රියකි. පුහුල් ගෙඩියක ආකාරයට රළු බඩ ඇති නම් බොහෝ දුක් විදී. බඩ මැද රුළි තුනක් ඇත්තී කාමයෙහි ගිජු වේ. වකුටු බඩ ඇත්තී සිත් තැවුලෙන් හා දුකින් කල් ගෙවයි.
පපුව
උඩට බිදුනු ලොම් වලින් යුත් ස්ත්‍රීය සැමියා නසයි. උස් වූ පිරුණු ලය ඇත්තී වාසනාවන්තියකි. ළය පළල් වූයේ නම් වෙසඟනකි. අඟල් 18 ක් පමණ ලය ඇති ස්ත්‍රිය සැප ලබයි. ළය නොපිරිනු ස්ත්‍රිය අවාසනාවන්තය. පපුවේ රෝම තිබීම කණවැන්දුම් බවේ ලක්ෂණයකි.
පයෝධර
පිරුණු පයෝධර ඇත්තී වාසනාවන්තය මුල මහත්ව ක්‍රමයෙන් සිහින්ව ඇත්නම් වාසනාවන්තය වැහැරී ගියේ නම් අශ+භය දකුණු පියවුර උස්වූයේ නම් පිරිමි දරුවන් ලබයි වම් පියවුර උස්වූයේ නම් ගැහැනු දරුවන් ලබයි. සමව ඝනව දැඩිව ඇත්නම් පුරුෂයාගේ කාම වර්ධනය කෙරෙයි පියයුරු යුගලය අතර දුර වැඩි නම් ගුණවත් තැනැත්තියක් නොවේ.
උරහිස
නැමුණු උරහිස පුතුන් ඇති ලක්ෂණයකි. කෙටි වුවහොත් සැප ඇත්තියකි. මස් වැඩුනොත් ඉතා කාමාධිකය. මස් රහිත වූයේ නම් වැන්දඹු වෙයි. සමව උරහිස් ඇත්තිය පින්වන්තය.
අත්
අතේ මහපට ඇගිල්ල පියුම් කැකුලක් බඳු වූයේ හා පිරිසිදු හා පැහැදිලි රේඛා අත්ලේ පිහිටියේ නම් ඇය පිනැත්තියකි. අත්ල පියුමක් මෙන් මොලොක් වූයේ නම් සැප ලබන්නියකි. තරාදියක ලක්ෂණ රේඛා පිහිටා ඇති නම් වෙළඳ භාර්යාවකි. කොඩි කුඩ මත්ස්‍ය ස්වස්තික දුනු ආකාර ලක්ෂණ වලින් එකක් යම් කාන්තාවකගේ අත්ලේ පිහිටියේ නම් ඈ සැප ලබන්නියකි. චක්‍ර යුධායුද ඡය සංකේත යන ලක්ෂණ වලින් එකක් පිහිටියේ නම් ඇය කිසිලෙසකින් දුක් නොවිඳින භාග්‍යය වන්ත කාන්තාවකි. රෝම ගැවසුනු හා වළගැසුනු පිටි අල්ල ඇති කාන්තාව ස්වාමියාට අපල වෙයි. නහර ඉලිප්පී ලොම් ගැවසුනු පිටි අල්ල ඇති ස්ත්‍රීය චිත්ත සන්තාපයෙන් කල් ගෙවන්නියකි. මාපට ඇඟිල්ල මුල සිට සුලඟිල්ල දක්වා අල්ලේ රේඛා වැටී ඇති නම් ඇය ස්වාමියා නසන්නීය. පැතලි වැහැරී කොට හැකිලූනු ඇඟිලි පුරුක් රෝග භිය ඇති කරයි. වකුටු වූ හෝ රළු වූ නියපොතුද රෝග බිය ඇති කරන අතර නියපොතු වල සුදු බින්දු වැටීම අධික කාමාශාව ඇති බවෙහි ලක්ෂණයකි.
පිට
ලෝම අධික පිට ඇත්තී වැන්දඹු වෙයි. නහර සහිත නැමුණු පිට ඇත් නම් අසුභ වෙයි. මසින් පිරුණු පිට ඇත්නම් ස්වාමියාට ප්රීය වෙයි. ඇද නැතුව මසින් වැඩි සැගවුනු පිට කටුව ඇති ස්ත්‍රීය අනුභද්රා නම් වරංගනාවකි.
ඛෙල්ල
වට වූ පිරුණු දිග් වූ ඛෙල්ල ඇති ස්ත්‍රීය ස්වාමියාට සැප ගෙන දෙයි. ඛෙල්ල කෙටි වීම ස්වාමියාට සැප අඩු කරයි. ඛෙල්ලේ රේඛා 3 ක් පෙනේ නම් එය ඉතා සුභ ලක්ෂණයක් වෙයි. ඛෙල්ල පැතලි නම් ස්වාමි සැප අඩුය.
කම්මුල
මස් ඇති පිරුණු සිනා පිරි කම්මුල ඇත්තී වාසනාවන්තියක. මස් අඩු රළු වකුටු කම්මුල ඇත්තී දුක් ලබන කාන්තාවකි. සිනා සෙන විට මැද වල ගැසුණු කම්මුල් ඇති කාන්තාව නිතර ප්‍රීතියෙන් සිටින්නීය.
තොල්
යටි තොල වටව සිනිදුව බඳු වදමල් මෙන් පැහැපත්ව තිබේ නම් උතුමන් ප්රීය කරන කාන්තාවකි. රළුව එල්ලා වැවෙන මස් රහිත කඑ වූ යටි තොල ඇති කාන්තාව ස්වාමි සැපය අඩු කරයි.
දත්
සමව කුඩාව කිරිවන් පැහැ දත් දෙතිස ඇත්තී පින්වත් කාන්තාවකි. කසාවන් හෝ කළුව මහත්ව පළල්ව සක් කැබලි වැනි දත් පිහිටියේ නම් පින් අඩු කාන්තාවකි යටි ඇන්දේ දත් වැඩි කාන්තාව මවගෙන් වෙන්වේ ව්කෘතිආකාර දත් ඇති කාන්තාව වැන්දඹු වේ.
නාසය
කුඩා සිදුරු ඇති සම වට වූ පුට ඇති නාසය ඇත්තී පින්වන්තය. අගින් වක්වූ නාසය ඇත්තී වැන්දඹු වේ. පැතිලි නාසය ඇත්තී දාසියකි එල්ලෙන නාසය ඇතිනම් ඇය කලහා ප්රීය කරයි.
ඇස්
මුවන්ගේ ඇස් වැනි ඇස් ඇතිනම් පින්වන්තය. බළල්, මී, කොඛෙයි යන සතුන්ගේ ඇස් වැනි ඇස් ඇති නම් ඇය නපුරුය. දකුණ ඇස වපර වූයේ නම් වැන්දඹු වේ. වම් ඇස වපර වූයේ නම් පරපුරුෂයන් සොයයි. බිඟ=වන් ඇස් ඇත්තී ස්වාමියා ධනවත් කරයි. කළුපැහැ ඝන සැහැල්ලූ ඇසිපිය ඇත්තී හිම්යාට ප්‍රියවන සුළුය. නිතර ඇසිපිය ගසන්නේ මානය වැඩි ගුණ හීන කාන්තාවන්ය. නීලවර්ණ මොලොක් ඇස්බැම ඇත්තී වාසනාවන්තය. ඇස් බැම දෙක හාචී නම් නිතර දුක් ලබන කාන්තාවකි.
කන්
කන් දෙක එල්ලෙන ස්වභාව ඇත්නම් ඉතා යහපත්ය.
නළල
නළල් තලය උස්ව මොලොක්ව අඟල් 3 ක ප්‍රමාණවත් ව අඩ සඳාකාරව ඇතිනම් වාසනාවන්තය.
මෞලි ලක්ෂණ (කොණ්ඩය)
කෙස් වැටිය ඇතකුගේ කුම්භස්ථලය වැනි වූයේ නම් පුණ්‍ය ලක්ෂණයකි. මී මැසි පෙළක් මෙන් පැහැතිව අගින් නැමුනු සිහින්ව කෙස් ඇතිවූයේ නම් එයද පුණ්‍ය ලක්ෂණයකි. ඝනවූ රළුවූ හිස කෙස් ඇති නම් දුක් විදින කාන්තාවකි.
ලප කැළල්
නළල මැද හෝ බැම දෙක අතර මැස්සකු වැනි ලපයක් ඇතිනම් හිමියාගේ සහකරුගේ හා මෙහෙකරුවන්ගේ සැප ලබන කාන්තාවකි. කම්මුල් මැද ලපය රතු නම් මහ පින් ඇත්තියෙකි පියවුරු දෙක අතර රතු ලපයක් ඇති නම් අවට ලෝකයාගේ ආදරය දිනාගනිමින් රජ සැප ලබන කාන්තාවකි. නාසයේ අග රතු ලපයක් ඇතොත් ඕතොමෝ ධනවන්තියක් වේ. එය කළු වුවහොත් පරපුරුෂයන් කරා යයි. නාභියෙන් පහත ලප කැළලක් ඇතොත් ඈ පින්වන්තයි. නලලේ ත්රීශ+ල ලක්ෂණයක් ඇතොත් ඈ සේනාධිපතිනියක් වන්නීය.
hirugossip