iranama
සර්ව සෞභාග්‍යය උදාකරන අති ප්‍රබල ගයාත්‍රි මන්ත්‍රය...
ඕම් භූර් භුවං ස්වහඃ
තත් සවිතූර් වරේ නියම්
භර්ගෝ දේවස්‍ය ධීමහී
ධියෝ යෝනඃ ප්‍රචෝදයාත්
සිංහල තේරුම
ඕම් - විශ්වයේ පරම උත්තම ශක්තිය වේ
භූර් - මහ පොළොව
භූව - සියල්ලන්ගේම විඳීම් භාර ගන්නා තැනැත්තා
ස්වහඃ - සතුට, ප්‍රීතිය ගෙන දෙන්නා
තත් - විශ්ව බලයේ ශක්තිය
සවිතූර් - හිරුගේ පරම දිව්‍යමය ශක්තියට බලයට
වරේන්‍යම් - ගෞරවයෙන් නමස්කාර කරමි
භර්ගෝ - අසීමිත තේජස් දීප්තිය
දේවස්‍ය - දිව්‍යමය අනුග්‍රහය
ධීමහී - මෙනෙහි කරමු
ධියෝ - සිත සහ බුද්ධිය
යෝ - පරම උත්තම ශක්තිය
නඃ - අයකුගේ
ප්‍රචෝදයාත් - යහපත් කාර්යයන්හි යෙදීමට ශක්තිය ධෛර්යය ලබා දෙනු මැන
මෙම අතිප්රබල ගයාත්‍රි මන්ත්‍රය අ+උ+ඕ, ත්‍රිවිධ අක්ෂර වේද තුන බ්‍රහ්ම විෂ්ණු මහෙස්වර යන ත්‍රිමුර්තිය නියෝජනය කරන අතර, සියලු යහපත් දේ උදෙසා භාවිතා කළ හැකි ප්රතිඵලදායී උසස් ගණයේ උතුම් වූ මන්ත්රයකි. දිනපතා උදේ සවස නිවසේ ආගමික වතාවත්වලින් අනතුරුව 21 වාරය බැගින් ගායනා කිරීමෙන් ඇති වන ආශිර්වාදය තුළ තම තමන්ගේ සියලු යහපත් බලාපොරොත්තු සඵල කර ගැනීමටත්, කායික හා මානසික සුවයටත් ජීවිත කාලය තුළ අපවෙත පැමිණෙන අයහපත් ශක්තීන් මර්දනය වී සියලුම යහපත් ගුණාංග සාමය, සතුට, දියුණුව, යසස, කීර්තිය ළඟා කර ගැනීමේ වාසනාව සමග බලාපොරොත්තු වන්නා වූ සර්ව සෞභාග්‍යය උදාවනු ඇත.