iranama
සඳු, සිකුරු, අඟහරු සංයෝගය
සඳු සිකුරු ස්ත්‍රී කාරක ගණයට අයත් ග්‍රහයන් වන අතර, අඟහරු එවැනි ග්‍රහයකු නොවේ. මේ ත්‍රිග්‍රහ යෝගය කේන්ද්‍රයේ කුමන ස්ථානයක යෙදුණ ද ඔවුහු ලිංගික ජීවිතයට වැඩි ආශාවක් හා උනන්දුවක් දක්වති.
මෙම යෝගය බලවත් ශ=භ ග්‍රහයන්ගේ දෘෂ්ටියට ගොදුරු වී කේන්ද්‍රයේ බලවත් ස්ථානයක යෙදුණහොත් අනාචාරයට පෙළඹෙන්නේ කලාතුරකිනි. එවැන්නක් අවස්ථාවක් උදා වුවහොත් එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගනු ඇත. එහෙත් මෙම ග්‍රහයින් නීච හෝ සතුරු ස්ථානයක සිටීම යහපත් නොවේ. පුරුෂ කේන්ද්‍රයක මෙම යෝගය අයහපත් ආකාරයට යෙදීම ඉතාමත් භයානක ප්‍රතිඵල ගෙන දෙන කරුණකි. ඔවුන් ලිංගික ජීවිතය ගෙවන්නේ අමුතුම ආකාරයකටය. අවසානයේ දී නොයෙකුත් ලිංගික රෝග පවා සාදා ගනී.
සිංහ රාශිය සඳු සිකුරු අඟහරු යන තිදෙනාටම සතුරු රාශියකි. එබැවින් මෙම රාශිය හත්වැන්න වුවහොත් ඔවුන් ලාබාල වයසේ දී ම ලිංගික අපචාර ක්‍රියාවන්ට යොමු වේ. මෙම යෝගයේ කර්තෘ කාරකයෙකුගේ මහ දශාවන් ආරම්භ වුවහොත් එම දශා කාලයේ දී කාමාශාව ඛෙහෙවින් වැඩි දියුණු වේ. අධික ලිංගික ශක්තියක් ඇති කෙරේ.
මෙම ග්‍රහයන් තිදෙනාගෙන් එක් ග්රහයෙකු නීච හෝ සතුරු රාශිගත වීමෙන් මෙම යෝගය යෙදී ඇත්නම් ඔවුන් යුග දිවියෙන් පසුව තම බිරිඳගෙන් හෝ සැමියාගෙන් පමණක් තෘප්තිමත්භාවයට පත් නොවේ. රැජිනකගේ කේන්ද්‍රයේ මෙය යෙදී ඇත්නම් ඇය පුරුෂ අන්තඃපුරයක් පවත්වාගෙන යන්නීය.
සඳු, සිකුරු, කුජ දුර්වල තත්ත්වයේ සිටිය දී එම සංයෝගයට රාහු කුමන ආකාරයකින් හෝ සම්බන්ධ වුවහොත් ඔවුන් තැන නොතැන නොබලා ලිංගික කාර්යය මුදුන් පමුණුවා ගැනීමට වෙහෙසේ.
මෙම සංයෝගය සෙනසුරුගේ දෘෂ්ටියට ගොදුරු වුවහොත් ලිංගික ආශාවන් මුදුන් පමුණුවා ගන්නේ සාමාන්‍ය ක්‍රමයෙන් බැහැරව ය.
මීන රාශියේ සඳු, සිකුරු, කුජ යෝගය යෙදුණු විට සිකුරු උච්ච වී අඟහරු සතුරු තත්ත්වයට පත් වේ. එම පුද්ගලයන්ට නිතර ලිංගික සේවනයේ යෙදීමට අවශ්‍ය ය.
මෙම ත්‍රිග්‍රහ යෝගයෙන් උපත ලැබූ කාන්තාවක හෝ පුරුෂයෙකු සමඟ යුග දිවියට එළඹිය යුත්තේ එවැනිම බලසම්පන්න යෝගයක් ඇත්තෙකු සමඟ ය. එසේ නොමැති කෙනෙකු සමඟ යුග දිවියට බැදුණහොත් වැඩි කලක් ගතවීමට පෙරාතුව යුගදිවිය අවුල් කර ගනී. මෙම යෝගය එතරම් විරල යෝගයක් ද නොවේ. සමහර අවුරුදුවල වාර දොළහකට අධික කාලයක් යෙදේ.
සඳු, සිකුරු, කුජ යෝගයෙන් උපන්නෝ තම බිරියට හෝ ස්වාමි පුරුෂයාට ආදරයෙන් කරුණාවෙන් ඇමතුව ද ඔවුන් නිතර අන්‍යයන්ගේ ලිංගික ඇසුරු ප්‍රිය කරති. මෙම යෝගයෙන් අන් අයගේ විවාහ බිඳ වැටෙන්නේ බොහෝ දුරට අනියම් සම්බන්ධතා ගොඩනඟා ගැනීමේ හේතුවෙනි.