iranama
සඳු, මකර, කුම්භ රාශිගත වීම
සඳු නීච හෝ දුර්වල වීමෙන් විවාහයේ සාමය, සමගිය, සතුට අඩු කෙරේ. සෙනසුරුට හිමි මකර, කුම්භ යන රාශි යුගලය සඳුට අයහපත් වන අතර මකර රාශිය විශේෂයෙන් ම සඳු අයහපත් ය. එසේ වීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ මකර රාශිය සඳුට සතුරු රාශියක් බැවිනි.
අට වැන්නේ සඳු මකර රාශියේ ගමන් කරන විට උපත ලැබූ අයගේ විවාහය ඛෙහෙවින්ම අසාර්ථක වී ඇති අතර අමාවක යෙදී ඇති දිනයක නම් වඩාත් අසතුටුදායක ය.
සඳු නීච හෝ සතුරු භාවයට පත්වීම පිරිමියාට වඩා කාන්තාවට වඩාත් අයහපත් ය. සඳු දුර්වලත්වයට පත්වීමෙන් අනතුරුව කාන්තවගේ ලාලිත්‍ය, සුකුමල බව අඩු කෙරේ.
සඳුට කුම්භ රාශිය සතුරු හෝ නී රාශියක් නොවූව ද සඳුගේ ස්වභාවික ගුණය මෙම රාශිය තුළ ක්‍රියාත්මක නොවේ. හත්වැන්න මකර, කුම්භ රාශිය වී එහි සඳු සිටීම විවාහයේ පැවැත්මට බලවත් බාධාවකි. මකර, කුම්භ රාශිගත වුණු සඳු යම් ආකාරයකින් සෙනසුරුගෙ දෘෂ්ටියට ලක් වේ නම් විවාහය එක් අතකින් ප්‍රමාද වේ. අනතුරුව විවාහයේ කරදර බාධා ඇති වේ.
මකර හෝ කුම්භ රාශිය විවාහයට බලපාන ස්ථානයක පිහිටා තිබිය දී එහි චන්ද්‍රයා සිටී නම් විවාහයේ ප්‍රීතිය, සතුට බොහෝ සෙයින් මගහැරී යනු ඇත. අඹු සැමියන් අතර පවතින සහයෝගීතාව අඩු කෙරේ