iranama
විවාහයේ තීරණය කර්ම ශක්තියට බාරදිය යුතුද!
පුද්ගලයකුගේ
විවාහය කල්තියා දැනගත හැකි එකම ශාස්ත්රය ජ්යෙdතිෂ්ශාස්ත්රයයි
සියලුම දේ ශුභ අශුභ කර්ම බලයෙන්ම සිදු වන්නේ නැත
එයට ග්රහ බලයද එක්විය යුතුය
"ජීවිතයේ සියල්ල සිදුවනුයේ ඉරණම අනුවය. කිසිවකුටත් එය වෙනස් කළ නොහැකිය" යන වදන් පෙළ අනාදිමත් කාලයක සිට අප සමාජයේ මුල් බැස ගත්තකි. පෙර භවයෙහිදී අපට මුහුණ පාන්නට වූ ශුභ හෝ අශුභ සිදුවීම් අපේ ඉරණම වශයෙන් හඳුන්වන අතර කර්මය නමින්ද අර්ථ ගන්වයි.
එහෙත් සියලුම දේ ශුභ අශුභ කර්ම බලයෙන්ම සිදු වන්නේ නැත. එයට ග්රහ බලයද එක්විය යුතුය. බුදු දහමත් ජ්යෙdතිෂයත් එකට එක බැඳී පවතී. කර්මය සහ ඉරණම පිළිබඳව බුදු දහමේද සඳහන් වේ. එහෙත් ඒ දෙක වෙනස් කළ නොහැකි බවක් බුදු දහමේ කොතැනකවත් සඳහන් නොවේ.
පුරාණයේ විසූ අති දක්ෂ ඉසිවරු විසින් අහසේ ග්රහ තාරකාවන්ගේ ගමන පදනම් කර ගනිමින් ගණිත ක්රමයක් අනුව ජ්යෙdතිෂ ශාස්ත්රය ලෝකයට හඳුන්වාදී ඇත. යම් පුද්ගලයකු මෙලොව ජනිත වන අවස්ථාවෙහි නැඟෙනහිර ක්ෂිතිජයෙන් පායන ග්රහ තාරකාවන් පදනම් කොටගෙන නිර්මාණය වන ජන්ම පත්රය ජ්යෙdතිෂයේ මූලික අංගයයි. ජන්ම පත්රයක සියලුම ග්රහ බලයන් යහපත් හෝ අයහපත් නොවෙයි. පුද්ගලයාගේ උත්පත්තිය අනුව ඔහුගේ හෝ ඇයගේ පෙර කුසල් අකුසල් බලයන් අනුව ග්රහ බල ස්වභාවයන්ගේ පිහිටීම මෙයින් අනාවරණය වේ.
කේන්ද්රයක කොටු 12 තුළින් යම් ජන්මියෙකුගේ උපතේ සිට මරණය දක්වා සියලුම අවස්ථාවන් මනාව විග්රහ කළ හැකියි. එසේ නම් බුදු දහමින් මිනිසාගේ ලෝකෝත්තර දියුණුව සැලසෙන ආකාරයත්, ජ්යෙdතිෂයෙන් ලෞකික දියුණුව සැලසෙන ආකාරයත් අපට පෙන්වා දෙයි.
ලෞකික ජීවිතය තුළ අප සෑම සියලු දෙනාම සතුටින් ජීවත් වීමට අපේක්ෂා කරමු. අපගේ ජීවිතයේ වැදගත්ම සංධිස්ථානයක් වන විවාහය මත ගොඩනැඟෙන ඒ ගමන තුළ අප ඉහළින් බලාපොරොත්තු වන්නේ එම සතුට භුක්ති විඳීමටයි. විවාහයෙන් ලබන සතුට හා සැනසීම අඹුසැමි සමගිය මත ර
Wmqgd .ekSu