iranama
විවාහය සහ කේන්ද්‍රයේ හත්වැන්න
යෞවන වියට පාතැබූ තරුණ තරුණියන්ට කායික හා මානසික අවශ්‍යතා ඉටුකර ගැනීමේ අවශ්‍යතාව නිතැතින්ම තම හදවත් තුළ ඇති වේ. ඒ සඳහා තමාට පරිබාහිර වූ පුද්ගලයන් සමඟ සබඳතා පවත්වා ගැනීමේදී ඉතා සමීපතමයකු හා ළංවීමේ අවශ්‍යතාව මතු වේ. සාමාන්‍යයෙන් මෙම විරුද්ධ ලිංගිකයකු සමඟ ඇති කරගන්නා වූ බැඳීම දෙදෙනාගේ එකඟතාව මත නීත්‍යනුකූල ගිවිසුමක් ලෙස සමාජගත කරයි. විවාහය නමින් හඳුන්වන්නා වූ මෙම සංසිද්ධිය ජන්ම කේන්ද්‍රයෙහි 7 වැනි භාවය තුළින් නිවේදනය කරයි.
එසේ නම් ඔබ විවාහ වීමට පෙර ඔබට ලැබෙන සහකාරිය හෝ සහකරු ස්ථිර අදහස් ඇති අයෙක්ද, තමාගේ තත්ත්වයට ගැළපේද? ගතිගුණ කෙසේද? සාර්ථක විවාහයක් ගත කිරීමට හැකිවේද? යනාදී කරුණු පිළිබඳ හොඳින් කල්පනා කර බලා තීන්දු තීරණ ගැනීම නුවණට හුරු වේ.
හත්වැන්නෙන් නියෝජනය වන්නා වූ විවාහය, විවාහ සතුට සහකරු හෝ සහකාරිය, ආදර සම්බන්ධතා ආදී කරුණු ගණනාවකටම කාරක ග්‍රහයා වන්නේ සිකුරුය. 7 වැනි රාශිය ජන්ම පත්‍රයක විවාහය, විවාහ සහකරු සහකාරිය සහ විවාහ ජීවිතයට අදාළ සතුට ආදිය පිළිබඳ කරුණු පෙන්නුම් කරයි.
හත්වැනි භාවය පිළිබඳ කරුණු සලකා බැලීමේදී ප්‍රධාන කරුණු 3 වන්නේ 1. රාශිය/භාවය, 2. එහි අධිපති, 3. කාරක ග්‍රහයා වන සිකුරුය. හත්වැන්නේ පිහිටි ග්‍රහයන් සහ හත්වැන්නට බලපෑම් ඇති කරන වෙනත් ග්‍රහයන් දෙවනුව සැලකිල්ලට ගත යුතු කරුණු වේ. සිකුරු බලවත් වී හත්වැනි භාවය හා සම්බන්ධ වීම සහ හත අධිපති සමඟ සිකුරු සංයෝගවීම විවාහය පිළිබඳ අපේක්ෂා මල්පල ගන්වයි.
සිකුරු මිත්‍ර හෝ තමාගේම රාශියක් වී හත්වැන්නේ සිටීම, 7 වැන්නට සිකුරුගේ දෘෂ්ටි ලැබීම, ගුරු 11 වැන්නේ තැන්පත් වී සිකුරු දැකීම, සිකුරුගේ දායකත්වය වඩාත් ඵල ගැන්වෙන අවස්ථායි. විශේෂයෙන් එකොළොස් වැන්නේ වූ ගුරුගේ දෘෂ්ටිය විවාහයෙන් පසු යුග දිවියේ ආර්ථික හා සමාජීය සමෘද්ධිය සඳහා යහපත් පසුබිමක් නිර්මාණය කිරීමට හේතු වේ.
හත්වැන්න විවාහ සහකරු හෝ සහකාරිය නිවේදනය කරන භාවයයි. එහි සිකුරු අයහපත් ලෙස නියෝජනය වීම විවාහයට අහිතකර ලෙස බලපායි. විශේෂයෙන් පුරුෂ කේන්ද්‍රයක සිකුරු ග්‍රහයා පාප පීඩිතව 7 වැන්නේ සිටීම භාර්යාවට හානිකරන පිහිටීමක් වේ. එමෙන්ම සිකුරු ග්‍රහයා දුෂ්ඨ රාශිගතව එනම් 6, 8, 12 යන භාවයක තැන්පත් වීම වැන්දඹු යෝගයක් ලෙස සැලකේ. හත්වැන්නේ බුධ සිකුරු සංයෝගය විවාහ සතුටට බාධාවකි. 7 හි පිහිටි ශනිට ගුරුගේ දෘෂ්ටි ලැබීම අනුව විවාහයේ ස්ථාවර බව ඇති වුවද අභ්‍යන්තර අර්බුද එකිනෙකා නුරුස්සනා ස්වභාවය ඇති වේ.
විවාහය බුද්ධියට වඩා සතුට වේදනාව ආදී හැඟීම් තුළ දෝලනය වන ලෞකිකත්වය හා නැඹුරු වූ බැඳීමකි. ගුරු 7 වැන්නේ වූ විට මෙම අවස්ථා දෙකෙහි සමබරතාවය රඳවා තබා ගැනීමට අසීරු වේ. ස්ත්‍රී කේන්ද්‍රයක කුජ අයහපත් ලෙස 7 වැන්නේ යෙදීම තුළින් සහකරුට අසහනශීලී ජීවිතයක් ගත කිරීමට සිදු වේ. එමෙන්ම ශනි 7 වැනි භාවයට පාපී ග්‍රහයන් සමඟ සංයෝග වීම හා දෘෂ්ටිමය වශයෙන් සම්බන්ධ වූ විට විවාහයේ සතුට හා සැනසීම නැතිව යයි.
සඳු හත්වැන්නේ වී රාහු, කේතු, කුජ වැනි පාපී ග්‍රහයන්ගෙන් පීඩාවට පත්වීම හෝ සංයෝග වීම විවාහ ජීවිතයකට අහිතකර වන අතර සඳු 7 වැනි භාවය නීච වීම සහ සතුරු රාශි ගතවීමද විවාහයට හානිදායක වේ. රාහු හත්වැන්නේ වීමද අහිතකර වේ. විශේෂයෙන් ස්ත්‍රී කේන්ද්‍රයක රාහු 7 වැන්නේ සිටීම අහිතකරය. රාහු විසින් ඇති කරන්නා වූ අවිනිශ්චිත මානසිකත්වය තුළ යුග දිවියේ සම්බන්ධතාව බිඳී ගොස් යුග දිවිය කෙරෙහි ප්‍රබල කළකිරීමක් සහ එපාවීමක් දෙදෙනා තුළ ඇති කළ හැකියි. හත අධිපති බුධ වී පාපී ග්රහයෙකු සමඟ 6, 8 යන භාවයක සිටී නම් අඹු සැමියන් අතර නිතර ගැටුම් ඇති කරයි.
විවාහයේ ශුභ අශුභ තීරණය කිරීමෙහිලා හත්වැන්නාධිපතිද වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි. හත අධිපතියා යහපත් භාවයක යහපත් ආකාරයට තැන්පත් වූ විට ජන්මියාට විවාහ ජීවිතයේ සැපත හා සතුට හිමි වේ. හත අධිපතියා පීඩා වී අශුභ තත්ත්වයක් ඇතිවීම දෙදෙනා වෙන්වීම අයහපත් දුෂ්කර ජීවිතය සහ වෙනත් සම්බන්ධතා ඇතිවීම වැනි තත්ත්වයන් ඇතිවිය හැක. කේන්ද්‍රයක සත්වැන්නාධිපති ග්‍රහයා පාප පීඩා නොවී යහපත්වද, ශුභ දෘෂ්ටි ලැබීමද ශුභ ග්‍රහයන්ට මැදිව සිටීමද යහපත් සහකරුවෙක් හෝ සහකාරියක් ලැබීමට හේතු වේ.
යම් ජන්මියෙකුගේ හත්වැන්නාධිපතියා බලවත්ව සිටියදී ගුරු ග්‍රහයාගේ දෘෂ්ටියට ලක්වීම සංයෝගවීම හේතු කොටගෙන එම ජන්මියාට යහපත් සහකාරියක හෝ සහකරුවකු ලැබෙනු ඇත. හත අධිපති ගුරු විසින් දකිනු ලැබීම සහකරු හෝ සහකාරිය ආධ්‍යාත්මික ගුණාංගයන්ගෙන් පිරුණු කෙනෙක් බව කියාපායි.
විවාහයේ දී වැදගත් සාධකයක් වශයෙන් සලකන්නා වූ හත අධිපති ශුභදායක අන්දමින් සිටීම ශුභදායක වනවා මෙන්ම දුර්වල නිවේදකත්වය එම භාවයේ කාරකත්වයට අනිටු බලපෑම් ගෙන එනු ඇත. ඒ අනුව හත අධිපති 6, 8 සහ 12 වන දුෂ්ඨ ස්ථානයක තැන්පත්වීම එම භාවාධිපතියෙකුගේ දෘෂ්ටියට ලක්වීම, සංයෝගවීම, සතුරු රාශිගත වීම, නීච වීම, අස්ථ භාවයට පත්වීම යන කරුණුවලින් කුමන හෝ තත්ත්වයකට යටත්වීම හත්වැන්නෙන් නිවේදනය වන විවාහයට මොනයම් හෝ අනිටු බලපෑමක් ඇති කරයි.
මිනිසාගේ අඛණ්ඩ පැවැත්ම උදෙසාත් කායික හා මානසික සතුට උදෙසාත් විවාහය නමැති බැඳීම ඉතා වැදගත් වේ. එය ඉවසීමෙන් හා ඉතා සංයමයෙන් භුක්ති විඳිය යුතු අතර නිවැරැදි තීරණ ගැනීමද අත්‍යවශ්‍ය වේ. මෙහිදී සෘෂිවරුන් විසින් ලොවට කියාදුන් ජ්‍යෙdතිෂය නම්වූ මා හැඟි ශාස්ත්‍රය ඒ සඳහා මහඟු පිටිවහලක් වනු ඇත.
Wmqgd .ekSu