iranama
විවාහය සඳහා ශුභ අශුභ කාල
මනුෂ්‍ය ජීවිතයේ ප්‍රධාන අවස්ථා තුනක් වේ. එනම් උපත, විවාහය සහ මරණයයි. මෙයින් දෙවැනි උපත ලෙස හැඳින්වෙන විවාහය සාම්ප්‍රදායික සමාජ හා ආගමික චාරිත්රයන්ට අනුකූලව කිරීමට අතීතයේ සිටම අප පුරුදු වී සිටිමු. මේ නිසා බොහෝ දෙනෙක් විවාහ කටයුතු සඳහා ශුභ කාලයක්, දිනයක් සහ ශුභ මුහුර්ථ අනුව එම කටයුතු කිරීමට උනන්දු වෙයි.
මෙම කාරණයේ දී විවාහයට ශුභ කාලය නිර්ණය කිරීමේදී ශුභ කාල වකවානු සහ ශුභ මුහුර්ථ සකස් කිරීම විවාහ අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ ජන්ම පත්‍ර සියුම්ව පරීක්ෂාවට භාජනය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව නිගමනවලට එළඹිය යුතු වේ.
විවාහයක් සිදුවිය යුතු ශුභ කාලසීමාවන් මොනවාද අශුභ කාලසීමාවන් මොනවාද යන්න පිළිබඳව ජ්‍යෙdතිෂයේ පැහැදිලිව සඳහන් වේ. සිකුරුගෙන් සත්වැන්න අධිපතියා හෝ චන්ද්‍රයාගෙන් 7 වැන්න අධිපතියාගේ මහ දශා අතුරු දශා කාලයන් ක්‍රියාත්මක වන්නේ නම් ගෝචර ග්‍රහයන්ද යහපත් රාශිවල ගමන් කරමින් සිටින්නේ නම්ද විවාහයට සුදුසු වයස එළැඹ තිබේ. එවැනි දශා කාල ගෙවන කේන්ද්‍ර හිමියෙකුගේ විවාහය සිදුවීමට පුළුවන.
යම් ජන්මියෙකුගේ විවාහය සිදුවන කාලසීමාව පරීක්ෂණයට භාජනය කිරීමේදී සැලකිල්ලට ගත යුතු කාරණා කිහිපයකි.
1. විවාහයට මඟපාදන ග්‍රහයෝග හෙවත් ග්‍රහ පිහිටීම්.
2. විවාහ වයසේදී ජන්මියා ගත කරනු ලබන දශා, අන්තර් දශා
3. ග්‍රහ ගෝචර තත්ත්වය
බ්‍රහස්පති ග්‍රහයා සඳුගේ හෝ සිකුරුගේ රාශියක ගමන් කරන කාලය විවාහයට යෝග්‍ය වේ. එමෙන්ම ගුරු ලග්නය, දෙවැන්න, හත්වැන්න, එකොළොස් වැන්න යන භාවයන්හි ගෝචරය වන විටද විවාහය සඳහා වැඩි ඉඩකඩ ඇති කරයි. විශේෂයෙන් විවාහය තීරණය කරන කාලය තුළ විවාහක ස්ථානය වූ
7 වැන්නට ගෝචරයෙන් ශුභවාදී බලයක් ඇතිද යන්න විමසා බැලිය යුතු වේ. හත්වැන්න අධිපති හෝ එම භාවයට දෘෂ්ටිගත ග්‍රහයන්ගේ දශා කාල මෙන්ම 7 වැන්න අධිපති හත්වැන්න හරහා ගමන් කරන කාලයද විවාහය සඳහා සුදුසු වේ.
මීට අමතරව ගුරු, සඳු, රාහු සහ ශනි ආදී ග්‍රහයන් 7 වැන්නේ හා 2, 5, 11 යන භාවයන්හි ගෝචර වන කාලසීමාවන්හිදී විවාහයන් සිදුවීමේ හැකියාව පවතී. විවාහ කාල නිර්ණයේදී අනෙකුත් සාධකයන්ට අමතරව කේන්ද්‍රයේ විවාහය නිවේදනය කරන භාවය වන හත්වැන්නට හෙවත් හත්වැනි භාවයට කුමන අන්දමකින් හෝ ශුභ බලපෑම් එල්ල වන කාලයක් තිබේද යන්න තත්කාලීන ග්‍රහයන්ගේ ක්‍රියාකාරකම් අධ්‍යයනය කිරීමෙන්ද සලකා බැලිය යුතු වේ. එනම් තත්කාලීනව ජන්මියා ගතකරන දශා අන්තර් දශාවල ස්වභාවය එම දශා අන්තර් දශා අධිපතීන් හත්වැන්නට බලපාන ආකාරය සහ විවාහ කාරක සිකුරුට කුමන අයුරකින් හෝ සම්බන්ධයක් තිබේද යන්න ගැන සොයා බැලිය යුතු වේ.
මීට අමතරව ගුරු, සඳු, රාහු සහ ශනි යන ග්‍රහයන් හත්වැන්නට හා එහි නිවේදකත්වයට අදාළවන දෙවැන්න, පස්වැන්න හා එකොළොස්වැන්න ආදී සෙසු භාවයන් හරහා ගෝචරය වන කාලසීමාවන්ද වැදගත් වේ. සිකුරුගෙන් පහ, හත සහ නමය යන භාවයන්ගෙන් එකක ගුරු ගෝචරය වන කාලයද විවාහයට ඉතාමත් හිතකරය. ලග්නාධිපති හෝ හත අධිපති ලග්නයේ හත්වැන්නේ ගමන් කරන විට ශුභ ග්රහයෙකුගේ දෘෂ්ටියට ලක්වේ නම් විවාහය යහපත් ලෙස සිදු වේ.
බුධ ග්‍රහයා දෙවැන්න, සිව්වැන්න, හත්වැන්න හා දස වැන්න යන භාවයක ගෝචරය වේ නම් විවාහය පිළිබඳව දෙදෙනා අතර මනා සන්නිවේදනයක් කර ගැනීම තුළින් විවාහ කටයුතු ඉතා හොඳින් සංවිධානාත්මකව ඉටුකරගත හැක.
මෙසේ විවාහයට කාල නිර්ණය කිරීමේදී විවාහය සඳහා අශුභ බාධාකාරී බලවේගයන්ට තුඩුදෙන දශා කාලයන් සහ අනපේක්ෂිත අයුරින් විවාහය ප්‍රමාද කරන අවස්ථාද දක්නට ලැබේ. ඒ අනුව ශනි, කුජ, රාහු සහ කේතු යන අශුභ ග්‍රහයන් 7 වැන්නේ ගෝචරවීම ගෝචරයේ දී 7 වැන්නට දෘෂ්ටි දීම විවාහයට අශුභ අවස්ථාවන් වේ. මෙවැනි ගෝචරයන් ඇති විට විවාහ කටයුතු පමා කිරීම යහපත් වනු ඇත. විවාහයේදී ශනිගේ ගෝචරය විශේෂයෙන් වැදගත් වේ. සෙනසුරු විවාහය පමා කිරීමෙහිලා ප්‍රබල බලපෑමක් ඇති කරයි. කේතුද ඉදිරිපත් වීමේ ප්‍රවණතාව දුර්වල කරයි. සෙනසුරු සහ කේතු ලෞකික කටයුතු කෙරෙහි උදාසීනත්වයක් ඇති කරනු ලබන ග්‍රහයන් බැවින් ඔවුන්ගේ ගෝචර ගමන විවාහයේදී තීරණාත්මක වේ.
විශේෂයෙන් සෙනසුරු ලග්නය, දෙවැන්න, දොළොස්වැන්න හා අටවැන්න යන භාවයන්හි ගමන් කරන විට ඒරාෂ්ටක අපල කාලයන් වන අතර විවාහය කෙරෙහිද පීඩාකාරී, බාධාකාරී බලපෑම් ඇති කරයි. මේ අතර සෙනසුරු 5 වැන්නේ ගමන් කරන කාලය තුළ විවාහ අපේක්ෂක යුවළ අතර සිත් අමනාපකම්, කළකිරීම්, සම්බන්ධතා පළුදු වීම් යනාදිය ඇතිවීමටද විවාහ කටයුතු ප්රමාදවීම්වලටද හේතු විය හැක.
මීට අමතරව සෙනසුරු 10 වැන්නේ ගෝචර වශයෙන් හැසිරෙන කාලය තුළ විවාහය පිළිබඳ තීන්දු තීරණ ගැනීමෙන් වැළකී සිටින්නේ නම් වඩා උචිත වේ. මන්ද ශනි ගෝචර ගමනින් හත්වැන්නේ ගමන් කරන විට ජන්මියාගේ ජීවන ගමනට ප්‍රබල ලෙස බාධා ඇති කිරීමට සමත් වීමයි. මේ අතර හත්වැන්නට දෘෂ්ඨ
Wmqgd .ekSu