iranama
විවාහය ප්‍රමාදවන්නේ ඇයි?
විවාහපේක්ෂිත ඔබේ විවාහය ගැන මීට ගොඩක් ඉහතදීද ලිව්වා මතකයි. ඔබේ හෝ ඔබගේ දරුවන්ගේ විවාහය ගැන අපි මෙච්චරම විස්තර ලියන්නේ එය ජීවිතයේ සන්ධිස්ථානයක් හා කාලෝචිත ප්‍රශ්නයක් නිසා. එතැන වැරදුනොත් ඉන් එහාට සියලුම දේ වරදිනවා. ජීවිතය අපායක් බවට පත්වනවා.
හොඳට හිටි මිනිසුන් මත් වතුර බීමට ඇබ්බැහි වනවා ප්‍රශ්න විසඳන්න. අන්තිමට හරි අසරණ වෙනවා. ගැහැණු අයත් එහෙමයි. ඒ අයගේ විවාහය නිශ්ඵල වුණොත් බොහෝ දුරට අතිත් අත යනවා. අන්තිමට ජීවිතය එපා වෙනවා. කළ යුතු දේ නොකළ යුතු දේ පටලැවෙනවා. සමාජය එක් පැත්තක් හරි භයානකයි. අපි උපදින කොට අපේ දෙමව්පියෝ අපි මෙලොවට බිහි කළේ කොච්චර අමාරුවෙන්ද? ගෙදර බුදුන් අම්මා කිව්වා බුදු පියාණන්. ඊළඟට ඒ අයට කුසට ආහාරයක් නැතුව අප හදා වඩා ගත්තා. වත්තේ ඇවිද ඇවිද අපිට බත් කවපු හැටි මතකනේ. මේ අන්තිම කට, මේ අන්තිම කට කිය කියා අන්තිම කටවල් කීයක් කැවුවද? ඒ අය ලස්සනට ඇන්දද? අපිට නම් හැම අවුරුද්දෙම අලුත් ඇඳුම් දුන්නා. හිල් පොල් කටුවෙන් නාවපු අපේ අම්මා අපි නිසා කීවේලක් බඩගින්නේ ඉන්න ඇද්ද? ඇයගේ ජීවිතය වුණේ ඔබ. තාත්තත් ඒ වගේම අපේ වියදමට සල්ලි හොයන්න කී දෙනෙකුට දරදිය ඇද්දද බැල මෙහෙවර කම් කළාද? ඒ අය එහෙම කරලා නැවතුනේ නැහැ. ඔබ මොන්ටිසෝරියට ගිය පළමු දවස මතකද? පංතියට ගිහිල්ලා ඇයත් සමඟ ආපසු ගෙදර එන්න ඇඟිල්ලේ එල්ලිලා ඇඬූ දවස සිහි කරන්න. එතකොට ඇය පංතිය ඉවරවෙනකං ගේට්ටුවෙන් පිටට වෙලා ඈනුම් ඇර ඇර හිටිහැටි මනසට පේනවා නේද? පංතියන්ට ටිකක් ප්‍රමාද වුණොත් ඔබවත් ඔසවාගෙන ලහි ලහියේ ගිය හැටි මතකද? තරුණ වයසට පත් වුණාම දුවට සුදුසු පුතෙක්, පුතාට සුදුසු දුවක් හොයන්න කේන්දර කොපිය අරගෙන පොරොන්දම් බැලූහැටි පුදුමයි නේද? ජ්‍යෙdතිෂ මහත්තයා කියනවා 7 දුර්වලයිලු. අඟහරු ඉන්නවලු. එදා අම්මා කොච්චර දුක් වුණාද? ඔබට හරියන කේන්දරයක් හොයන්න. "සුවාරිස්" කපු මහත්තයාට කොච්චර මුදල් දුන්නද? ඒත් කෝ හරිගියාද වයසත් දැන් ගෙවී ගෙන යනවා. තාමත් නැහැනේ හරි හැටි යෝජනාවක් ආවේ. දෙවියන්ට කොච්චර භාර හාර වුණාද? දෙවියන්ට භාර වීම දැනගෙන හිටියට ඔබේ හෝ ඔබේ දරුවාගේ විවාහය ගැන මේ කේන්දරයේ කොටුවල සඳහන් වෙලා තිබුණු බව දැන සිටියේ නැහැනේ. කොච්චර විවාහ ප්‍රතික්ෂේප වුණාද? තේබීලා, ආපසු එන්නම් කියලා ගිය අය ආවද? විවාහය අද හරියාවි හෙට හරියාවි කිය කියා හීන මැවුවා මිස හරි විස්තර දැනගන්න ලැබුණේ නැහැ නේද? විවාහය හරියන දිනය වකවානුවවත් කිව්වද? කේන්දරයේ චන්ද්‍රයා දිගන්තරයේ යනවා කියලා කාල සීමාවක් තියෙනවා. විවාහකාධිපතියා විවාහයට එන හෝ දෘශයි හෙළන කාලයක් තියෙනවා. ඔන්න ඔබේ විවාහය හරියන කාලය. ඒක බලාගන්නේ නැතුව හිත හිතා හිටියට හරියනවද? ඉස්සෙල්ලා ලිව්වේ එක් පාර්ශ්වයකින් ඇසුනු දුක්ගැනවිල්ලක්. ඒ වුණාට තව කෙනෙක් අපේ දුව නම් විවාහ වුණා. පුතා නම් උපාසකයා වගේ. ඒත් දුව ඉන්න බැහැ කියලා ගෙදර ආවා. බබාලත් නැහැනේ. අපිට එයා වැඩි නැහැ. අපේ දුව නම් දරුවෝ දෙන්නෙක් හදාගෙන හොඳට හිටියා. ඒත් බොරු බොරු ප්‍රශ්න නිසා විවාහය කැඩුණා. දෙදෙනාට අඩු පාඩුවකුත් නැහැ. ඒත් එකගෙයි ඉන්න බැහැලු. මේවා හරි ප්‍රශ්න තවෙකෙක් කියනවා. අපේ පුතාට අපි කොච්චර හෙව්වද එයා මහණ වෙනවලු. අර සොපි අක්කගේ දුවට නම් හරි ජයයි. දරුවෝ හතරක් ඉන්නවා. ජය කාරයෝ. හෙට අනිද්ද කාර් එකකුත් ගන්නවාලු. ඔය ඉන්නේ කුරුලු ජෝඩුව වගේ. ඒ තව චරිතයක්. මේ ඉහත ලිව්වේ මට ප්‍රායෝගිකව හමුවුණු චරිත. නම නොකිව්වට ඒ හැම දෙනාටම සුදුසු පියවරවල් ගත් නිසා දැන් ඒ අය මගේ පාඨකයෝ නොවේ. මිත්‍රයෝ පවුලේ මිත්‍රයෝ වෙලා. මේ විවාහය ගැන ලියා තිබෙන එක පොතක් නැද්ද? උත්තරය නැහැ. මම දන්න තැනක නම් නැහැ. නමුත් සමහර පොත්පත්වල, පුස්කොලවල විවාහය සම්බන්ධව කරුණු කාරණා ලියලා නැත්තෙම නැහැ. උගත් අය සිද්ධාන්ත සඳහන් කරලා තියෙනවා. අපේ ප්‍රයෝජනය සඳහා ඒකට ගොඩක් පොත් කියවන්න ඕනෑ. නමුත් එක පොතක සඳහන් දේ තවත් පොතකින් වෙනස් වෙනවා. දැන් බලන්න රාහු ඔලුවේ විස තිබෙන ග්‍රහයෙක් බවටත් කේතා මලක් උඩ වැඩ ඉන්න යහපත් ග්‍රහයෝ කියල යම් පොතක තිබෙනවා. නමුත් ඒ එක්කම කියනවා තව පොතක රාහුට 7 ක් දුරින් කේතා ඉන්නවා රාහු හතුරු නම් කේතාත් හතුරුයි කියල. ග්‍රහ සංයෝජනයක් කරනවා. මගේ පෞද්ගලික අදහස පොත්පත්වල කොහොම තිබුණත් සෘෂි නියම වෙනස් වන්නේ නැහැ. සෘෂි නියම කියන්නේ සිද්ධාන්ත ඒවා ලෝකේ පවතින දේවල් මම එකක් පැහැදිලි කරන්නම්කෝ. ඔය පරණ 60 පැයේ ක්‍රමයට ජ්‍යෙdaතිෂය කරන අපේ පැරණි අය ළඟ සමහර විට තියෙනවා කේන්දරයක චන්ද්‍රයා නැත්නම් සඳු මහ ලොකු දෙයක් කරනවා. අනිත් ග්‍රහයන් වගේ නොවේ. අනිත් ග්‍රහයෝ ක්‍රම දෙකකට ගුණාගුණ දෙනවා. එනම් හතුරු/මිතුරු දෙපැත්ත. එච්චරයි. චන්ද්‍රයා එහෙම නැහැ. මේ චන්ද්‍රයා දෙආකාරයකට ක්‍රියා කරනවා. සුභ චන්ද්‍රයා හා කෲර චන්ද්‍රයා කියලා. ඒ කිව්වේ සුභ චන්ද්‍රයා අපේ ආදර අම්මා ලෙසටත්, කෲර චන්ද්‍රයා හතුරු කුඩම්මා ලෙසටත්. මම උදාහරණයට චන්ද්‍රයාට ගත්තේ විවාහයට චන්ද්‍රයා අත්‍යවශ්‍යම ග්‍රහයෙක් නිසා මේ ස්ලෝකේ බලන්න කෝ.
"චිත්රං විභූති වර වාහන ඥාණ ශාන්ති
ක්ෂ්ම ප්රතාය බල වීර්ය සුඛාන තස්ස
විශ්වාසාන්ත නාය සයනාසන භෝජනානි
චන්ෙද්‍රda දශාම් සුජීනි කාංචන භූමි ලාභම්"
මේ වගේ ස්ලෝක ඉතින් වරදින්නේ නැහැ. කොයි පොතින් ගත්තත්. මේවා වැඩිපුරම තියෙන්නේ පුස්කොළ පොත්වල. අපි කොච්චර අලුත් ක්‍රමවලට ජ්‍යෙdaතිෂය කළත් මේ පැරණි ක්‍රමයට තිබූ ඒවා හොයාගෙන කරනවා මිසක් අලුත් දේ තාම හොයා ගෙන නැහැ.
ඔය චන්ද්‍රයා වගේ පැහැදිලි කළාට, විවාහය ගැන විවාහක ස්ථානය 7, පුත්‍ර ස්ථානය 5, හා තවත් පුංචි පුංචි ස්ථාන හරියට පරීක්ෂා කළාම ඔබේ ප්‍රශ්නයට පිළිතුරු එනවා. හදිසියට පරිගණකයේ බොත්තම් තද කරන්න එපා. එකේ ඔබේ පිළිතුරු නැහැ. අවශ්‍ය කරන ප්‍රශ්නවලට අදාළ භාවයන් පරීක්ෂා කළාම විවාහය කොහොමද කොයි කාලෙටද ඉදිරියට කොහොමද විවාහය දරුවෝ ගැන කියාවි. ජන්ම කේන්දරය හැර තත්කාල කේන්දරයේ වෙනස් වන බවත් මතක තබා ගන්න ඕනෑ. මේ සියල්ලටම කරුණු ඔබේ ඡන්දම පත්‍රයේ කොටු 12 නැත්නම් රාශි 12 තිබුණාට මොන හේතුවක හෝ ඔබේ ජ්‍යෙdතිර්වේදයාට ඒවා අහුවෙන්නේ නැහැ. පෙනෙන්නේ නැහැ.
මම අහල තියෙනවා සමහර ජ්‍යෙdතිෂ මහත්වරු සමහර විට මේ දිනවලට විවාහය කෙරේවි. සමහර විට මේ දිනය කැඩේවි. සමහර විට දරුවෝ ඉඳීවි. කියලා සමහර විට සමහර විට කියලා ඇග බේරාගන්නවා. ඇයි එහෙම කරන්නේ. මේ ලෝකේ ග්‍රහ කිරන හෙට දවසට ඊයේ වගේ පැවතෙනව නම්, පෘතුවිය ඊයේ වගේ හෙටත් තම කක්ෂය වටේ කැරකෙනවා නම් ග්රහඵලත් අනිවාර්යයෙන්ම පළදෙනවා. සුභ හෝ අශූභ සමහර විට නොවේ අනිවාර්යයෙන්ම පළදෙනවා. මේ ජ්‍යෙdතිෂය විශ්වාස කරන්න. ග්‍රහයෝ විශ්වාස කරන්න. අවශ්‍ය යන්ත්‍ර දැමීම. යාග සාන්ති කරගන්න. ඒවා මමත් කරනවා. නමුත් ඒවාට වාල් වෙන්න එපා. ඒ පසුපසම යන්න එපා. මහ දුර බැහැර ඉඳලා මා හොයාගෙන එන්නේ ඒ පැතිවල ජ්‍යෙdතිර්වේදී මහතුන් නැති නිසා නොවේ. එය අපි ප්‍රථමයෙන් වටහාගන්න ඕනි. ඔබටත් එසේමයි. ගොඩක් පිරිස එතකොට ඒ අය වෙනුවෙන් ගත කරන කාලය අඩුකරන්න එපා. අපි ඒ අයගේ සියලුම ප්‍රශ්නවලට පිළිතුරු දීමට පෙළඹෙමු. එවිට ඒ අය ජ්‍යෙdතිෂය අගේ කරාවි.
එක් දවසක් සාමාන්‍ය දැනුමක් ඇති ජ්‍යෙdතිෂය කරන කෙනෙක් (ටිකක් මම අඳුනන කෙනෙක්) මගේත් කේන්දරය බැලුවා.
මම කිව්වා. මෙන්න මේ කාලෙට ජය වෙනවා කියලා. ඉතින් අපි විහිළු කරලා මේ පරිගණකය පාවිච්චිය ගැනත් කතා කරල එයා ඒකට විරුද්ධත්වයත් පාලා ගියා. ඒ දිනවල එයත් පරිගණකයෙන් බලන්න කැමැති නැහැ. ඔය පරිගණකයෙන් එක එක දත්ත ඇතුල් කළ විදියටයි ප්‍රතිඵල එන්නේ. ඒකත් ඔයලා ටිකක් හිතේ තබා ගන්න. එදා එහෙම කිව් මගේ මිත්‍රයා අද අගනුවර පරිගණකයෙන් මයි ජ්‍යෙdතිෂය කරන්නේ. එක් අයකුට ගත කරන්නේ මිනිත්තු 15 යි. අද තත්ත්වය ඕකයි. අපිට තව කෙනෙක් රවටන්න පුළුවන් නමුත් අපට අපි රවටා ගන්න බැරිබව හිතන්න. භාගෙට පලාඵල කියන එකට උදාහරණයක් දෙන්නම්කෝ. අපි හිතමු අපේ ලග්නය මේෂය කියලා. මේෂය අයිති අඟහරුවාට. ඉතින් අඟහරුවගේ තත්ත්වය විතරක් බලලා පලාඵල කිව්වට නියම ප්‍රතිඵල එන්නේ නැහැ. මූලික වශයෙන් මේ මේෂයේ භාවාධිපතියා අඟහරුට සම්පූර්ණ වශයෙන් අංශක 30 ක ප්‍රමාණයට බලය විහිදනවා. ඒක පළමු එක අනික මේ මේෂයේ ප්‍රථම නැකත වන අස්විදය 13 කලා 20 අතර බලය විහිදනවා. අස්විද අයිති කේතුට. එතකොට මේ ජන්මියා ඉපදි ඇත්තේ හෝ තත්කාලයේ අවශ්‍ය ග්‍රහයා යන්නේ අඟහරුවත් කේතුත් සමඟ. එනම් මේ දෙදෙනාම සලකා බලා පලාඵල කියන්න ඕනෑ. ඒ වගේ 7 විවාහකස්ථානයන් ඒ විදියට පරීක්ෂා කළාම, 5 පුත්‍ර ස්ථානය පරීක්ෂා කළාම ඔබේ විවාහ ගැටලු නිවාරණය කරන්න පුළුවන්. ඔය විදියට කොටු නැත්නම් භාව 12 හේම ප්‍රශ්න දැනගන්න පුළුවන් නේද? කලබල නොවී ගණන් හදලා මහදශාව අන්තර් දශාව - සූක්ෂම් දසාව දැනගත්තාම අනිත්වා. ලේසියි. හරියට බලලා නිවැරදි දේ දැනගන්න විස්තර මී ළඟ ලිපියෙන් ගෙන එන්නම්.
නොමිලේ උපදෙස් ස`දහා දු. ක 072- 2174553 අමතන්න
ජ්‍යෙතිෂ ශාස්ත්‍රඥ, ගුප්ත විද්‍යාධර
මීපේ ගණිතගේ රන්ජිත් විද්‍යාරත්න
පූගොඩ- සරණපාල නුවරපක්ෂ
Wmqgd .ekSu /�K mqj;am; weiqfrks