iranama
විවාහය ගැන මේ ජ්‍යෙතිෂ ගැටලු ඔබටත් තිබේද ?
ප්‍රවීන ජ්‍යෙතිෂවේදී විමල් වීරරත්නගේ විග්‍රහයක්
යම් ජන්මියකුට මේ දිවි ගමන තුළ විවාහයක් හිමිවීමටත් තවත් අයෙකුට විවාහයක් අහිමි වීමටත් බලපාන ජ්‍යෙdතිෂමය සාධක පැහැදිළි කළොත් ජන්මියකුට විවාහ ජීවිතයට ඇතුළත් වීමේ භාග්‍ය උදාකරනුයේ විවාහයට කාරක ග්‍රහයා වන සිකුරු ග්‍රහයාය, ජන්ම අවස්ථාවේ සිකුරු ග්‍රහයාගේ තත්ත්වය සහ ජන්මියාගේ විවාහ ස්ථානාධිපතිගේ බල දුබලතාවය මත විවාහයක් සිදුවේ. මෙම ග්‍රහ බලය දුර්වලව පීඩාකාරීව පැවතීම විවාහ සැපත හීන කරවන්නකි.
එමෙන්ම කෙනකුගේ විවාහය නිසි වයසේදී සිදුවීමටත් තවත් කෙනෙකුගේ විවාහය ප්‍රමාද වීමටත් හේතුවන ග්‍රහබලපෑම් මොනවාද?
විවාහ කාරක සිකුරුගේ බලවත්කම, අඟහරුගේ පිහිටීම විවාහය ඉක්මන් කරවන අතර සිකුරු ග්‍රහයාගේ ග්‍රහ බලයට බාධකව සෙනසුරුගේ පිහිටීම විවාහය ප්‍රමාද කරවන ප්‍රධාන පෙළේ යෙදුමකි. කේතුගේ පිහිටීමද කල්පනාවට ගත යුත්තකි. ජ්‍යෙතිෂ ශාස්ත්රයේ විවාහය ප්‍රමාද වීම පිළිබඳව කරුණු රැසක් පෙන්වා දී ඇත. මේ දක්වා ඇත්තේ මූලික හේතුවයි.
පොරොන්දම් ගැලපීම වෙත බොහෝ දුරට යොමුවන්නේ සිංහල බෞද්ධ ජනතාව පමණයි. එහෙත් ඒ අයගේ විවාහ ගැටලු සහගතයි. ඒ සඳහා හේතු වන්නේ?
සිංහල බෞද්ධයන් විවාහ ජීවිතයට ඇතුළත් වීමේදී පොරොන්දම් පිළිබඳව මනා සැලකිල්ලක් දැක්වීම පෙර සිටම පැවත එන සිරිතකි. මෙහිදී අන්‍ය ආගමිකයන්ගේ විවාහ ගැටලු පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කර නොමැත. මේ අනුව බෞද්ධයන්ගේ පමණක් විවාහ ගැටලු ඇතිවන බව තීන්දු කළ නොහැක. විවාහයේ ගැටලු ඇතිවීම පොරොන්දම් ගැලපීම මතම තීරණය කළ හැක්කක් නොවේ. මෙම ගැටලු ඇතිවීමේදී දෙදෙනාගේ බුද්ධි මට්ටම ප්‍රධාන සාධකයකි.
* අන්‍යාගමික පිරිස් හඳහන් පරීක්ෂාව නොකළද සාර්ථක විවාහ ජීවිත ගත කිරීමට වාසනාව උදාවන්නේ කෙසේද ?
බෞද්ධ ජනතාව හැර අන්‍ය ආගමිකයන් විවාහ දිවියට ඇතුළත් වීමේදී දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ප්‍රධානකොට ගනී. මෙහිදී දෙවියන් වහන්සේ මැදිහත්කරුවකු වශයෙන් ඔවුන් සලකයි. දෙවියන් වහන්සේ නොහොත් මැදිහත්කරුට එරෙහිවීම පාපයක් වශයෙන් ඔවුන් සිතනවා විය හැක.
* වර්තමාන සමාජය දෙස අවධානය යොමු කිරීමේදී බොහෝ ජන්මීන්ගේ විවාහ ජීවිත ගැටලු සහගත බව පෙනෙනවා. එය ජ්‍යෙතිෂයට අනුව විග්රහ කළොත්?
යුග පරිවර්තනය අනුව ගත කරනුයේ "කලි" යුගයයි. මෙම යුගයේ විවාහ කාරක සිකුරුගේ බලපෑමට වැඩි බලපෑමක්, විවාහයට බාධක ගෙන එන සෙනසුරුගේ බලය ඉස්මතු වෙමින් පවතී. ඉදිරියට කාලය ගෙවී යැමක් සමඟම මෙම තත්ත්වය බහුල ලෙස සිදුවනු දැකිය හැක. තවත් කාලය ගෙවී යන විට විවාහය සිදුවන ස්වභාවය පවා වෙනස් විය හැක.
* සාර්ථක විවාහ දිවියක් උරුමකර ගත හැක්කේ පොරොන්දම් ගැලපීම තුළ පමණද?
සාර්ථක විවාහයක් සඳහා කේන්ද්‍ර ගැලපීම ප්රමාණවත්ය. නමුත් යුග දිවියට ඇතුළත් වීමේ ක්‍රමවේදයන් ශාස්ත්‍රානුකූල නොවේ. දොෂ සහිතයි වර්තමානයේ තරුණ සමාජයට ඒවා (විවාහ චාරිත්‍ර) පිළිබඳව අවබෝධයක් නොමැත.
* ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව කෙනකුගේ විවාහ දිවියේ ස්වභාවය කේන්ද්‍රය තුළිsන් තීරණය කළ හැකිද?
දක්ෂ ජ්‍යෙතිෂ ශාස්ත්‍රඥයකුට මෙය පහසු කරුණකි.
* විවාහ දිවියක් හිමිද අහිමිද යන්නත් එය සිදුවන කාලයත් ජ්‍යෙdතිෂයට අනුව තීරණය කළ හැකිද?
ස්ථිරවම කළ හැක. කේන්ද්‍රයක උපස්ථම්භක කර්මය හා බැඳුණු ග්‍රහ බලය පිරික්සීමෙන් මෙය තීරණය කළ හැක.
* හිමිවන විවාහ දිවියක සතුට කෙනකුට අහිමිවීමට බලපාන ග්‍රහචාරය පැහැදිළි කළොත්?
කේන්ද්‍රයක දෙවැන්න සහ 8 වැනි භාවය සියුම් ලෙස අධ්‍යයනය කිරීමෙන් මෙය තීරණය කළ හැක. මෙම භාවයන් බලවත්ව ඇති අයගේ යුග දිවිය සතුට දනවන්නක් වන අතර දුර්වල වීම දැඩි මානසික පීඩනයක් ගෙන දෙන්නකි
* විවාහ දිවිය ආරක්ෂා කර ගැනීමට පොදුවේ ජ්‍යෙතිෂමය වශයෙන් දිය හැකි උපදෙස් කවරේද?
සරල දිවි පැවැත්මකට හුරු වීම සහ දෙදෙනාට දෙදෙනා අභිබවා යැමේ ස්වභාවයෙන් තොරවීම.
Wmqgd .ekSu