iranama
ව්‍යායාමයක් නැති ඔබට වාෂ්ප ස්වේද ප්‍රතිකාරය
ආයුර්වේදී වෛද්‍ය විද්‍යාවේදී ස්වේදය යනුවෙන් හඳුන්වන්නේ දහදියයි. මිනිස් සිරුරෙහි ප්‍රධාන මල කොටස් 03ක්ම වේ. එය ත්‍රිමල ලෙසද හැඳින්වේ. එලෙසම මේවා ශරීරයෙන් බැහැර විය යුතු ප්‍රධාන අපද්‍රව්‍යයන්ද වේ. මෙම ත්‍රිමල ශරීරයෙන් බැහැර වීම නිසා අභ්‍යන්තරය පවිත්‍ර වන අතර ශරීරයෙහි යහපත් පැවැත්මටද එය බෙහෙවින් උපකාරී වේ. ධාතු පරිවෘත්තීයෙන් ජනිත මල කොටස් අතර මේදෝ ධාතුවේ මල කොටස වන්නේ ස්වේදයයි.
inShare
Mawbima, 2015-10-31 02:00:00
Read 156 Times
ආයුර්වේදී වෛද්‍ය විද්‍යාවේදී ස්වේදය යනුවෙන් හඳුන්වන්නේ දහදියයි. මිනිස් සිරුරෙහි ප්‍රධාන මල කොටස් 03ක්ම වේ. එය ත්‍රිමල ලෙසද හැඳින්වේ. එලෙසම මේවා ශරීරයෙන් බැහැර විය යුතු ප්‍රධාන අපද්‍රව්‍යයන්ද වේ. මෙම ත්‍රිමල ශරීරයෙන් බැහැර වීම නිසා අභ්‍යන්තරය පවිත්‍ර වන අතර ශරීරයෙහි යහපත් පැවැත්මටද එය බෙහෙවින් උපකාරී වේ. ධාතු පරිවෘත්තීයෙන් ජනිත මල කොටස් අතර මේදෝ ධාතුවේ මල කොටස වන්නේ ස්වේදයයි.
එම ස්වේදය වෙනුවෙන්ම ආයුර්වේදයේ වෙන්ව තිබෙන ස්වේද කර්මය තවත් බොහොමයක් රෝගයන් සඳහාද චිකිත්සාවක් ලෙස භාවිතයට ගනියි. වාත රෝග සහ කථජ රෝගයන්හිදී ස්වේද කර්ම ප්‍රතිකාරය නිර්දේශ වේ. ශෝධන කර්මය කිරීමේදී ස්වේද කර්මය පූර්ව කර්මයක් ලෙස කිරීමට නියමිතය. පංචකර්ම ප්රතිකාරයේදීද ස්වේදකර්මය පූර්ව කර්මයක් ලෙස භාවිතයට ගනියි. චිකිත්සා අවස්ථාවකදී ස්වේද කර්මයට පළමුව තෛල අභ්යාංගය කළ යුතුය.
කොටස් දෙකකට බෙදී වෙන්වන
ස්වේද කර්මය මෙසේය.
1. ශර්වාංග ස්වේදය - (මෙය මුළු ශරීරයටම එකවර ස්වේද කිරීම සිදුකරවයි.)
2. ඒකාංග ස්වේදය - (මෙයින් සිදුවන්නේ ශරීරයෙහි එක් අංගයකට හෝ දෙකකට ස්වේද කිරීම වේ.)
එලෙසම සාහිත ග්‍රන්ථිවල ස්වේදය තාප ස්වේදය, උපනාහ ස්වේදය, උෟෂ්ම ස්වේදය සහ ද්‍රව ස්වේදය යනුවෙන් සිවු ආකාරයකි.
තාප ස්වේදය
උණුසුම සහ වියළි සොබාවයෙන් යුතු ද්‍රව්‍යයන් පීඩිත ස්ථාන මත තබා තැවීම මෙලෙස හඳුන්වයි. මෙහිදී උණුසුම් කළ වැලි, ගඩොල්, ලෝහ, තිරුවාණා ගල් යනාදියද රෙදි කඩකින් ඔතා අදාළ ස්ථානය තැවීම කළ යුතුය. සමහර අවස්ථාවන් හිදී උණු වතුර බෝතල්ද මේ සඳහා භාවිතයට ගන්නා අතර උණුසුම් කාමරයක් තුළ ඉන්නට සැලැස්වීමද තාප ස්වේදයකි.
උෟෂ්ම ස්වේදය
උණුසුම් වාෂ්පය මඟින් ශරීරය දහ ගැන්වීම මෙසේ හැඳින්වේ. උෟෂ්ම යනු වාෂ්පයයි.
ද්‍රව්‍ය ස්වේදය
උණුසුම සහිත කෂාය මිශ්‍ර වතුර සිරුරට පතිත වෙන්නට සැලැස්වීම මෙසේ හැඳින්වේ.
උපනාහ ස්වේදය
උෟෂ්ණ ගුණයෙන් යුත් ද්‍රව්‍යයන්ගෙන් සැකැසූ පත්තු සහ මැල්ලුම් ආදියද සිරුරට අවැසි ආකාරයට ඒ ඒ අවස්ථාවන්හිදී යෙදීම.
එමෙන්ම ස්වේදය යෙදිය යුතු ආබාධයන් පිළිබඳවද ආයුර්වේදයෙහි සඳහන් වේ. මෙය එක් අයකුගෙන් තවත් අයකුට වෙනස් වන අවස්ථාද පැමිණේ. ඒ ඒ ආබාධයන් අනුව යොදන ස්වේද ප්රතිකාරයනට යම්කිසි කාලයක් තිබුණද රෝගියාගේ ප්‍රතිචාරය අනුව එය වෙනස් වේ. ශරීරයෙහි බර ගතිය සහ වේදනාව නැති වී දහදිය දමන කල ස්වේදය නතර කළ යුතුය. නළලට දහදිය දැමීම තුළින්ද අපට ස්වේදයේ සීමාව හඳුනාගත හැකිය.
වාෂ්ප ස්වේදය යෝග්‍ය වන රෝග අතර කථ රෝග, වාත රෝග, ශුලය, ආම දෝෂ වැනි දෑ ප්‍රධාන වේ. එලෙසම නිතර මත්පැන් පානය කරන්නන්, හෘද රෝගීන්, ගැබිනි මවුවරුන්, අතීසාර සහ විස වර්ගයනට ගොදුරු වූ රෝගීන්, ඇස් රෝගවලින් පෙළෙන්නන් සඳහා ස්වේදය යෝග්‍ය නොවේ.
ස්වේද කර්මය කිරීමට පළමුව හොඳින් තෙල් අභ්‍යංග කිරීම කළ යුතුය. එය මඳ උණුසුම් තෛලයක් නම් වඩාත් හොඳය. මෙහිදී රෝගියා, නිසි ලෙස ආහාර පානගෙන තිබීම වඩාත් වැදගත් වේ. වාෂ්ප ස්වේද ප්‍රතිකාරය උදෑසනක කරන්නේ නම් වඩාත් යෝග්‍යය. තෙල් අභ්‍යංගය සඳහා සුළඟ හමන්නේ නැති උණුසුම් ස්ථානයක කිරීම මැනවි.
මෙතැනදී රෝගියාගේ කැමැත්ත සහ ප්‍රතිචාරයද වැදගත්ය. ස්වේද කර්මයෙන් පසුව ශරීරයෙහි තිබෙන තෙල් මෙන්ම දහදියත් තුවායකින් හොඳින් පිස දමන්න. මඳ වේලාවකට පසුව උණුසුම් වතුර ස්නානය කර සැහැල්ලු ආහාරයක් ගත යුතුය. එයට පසුව හොඳින් වාතාශ්‍රය ලැබෙන තැකන මඳක් කාලය ගත කිරීම යෙහෙකි.
ස්වේද ප්‍රතිකර්මයෙන් පසුව සිරුරෙහි බර බව නැතිවීම, මාංස පේෂීන්හි තද බව නැතිවීම, දහදිය ඇති වීම, මානසික පීඩනය දුරුවීම, හොඳින් නින්ද යෑම, ශරීරයට සැහැල්ලුවක් දැනීම වැනි යහපත් දෑ ප්‍රධාන වේ. සම පැහැත් වීම, කොලෙස්ටරෝල් පහව යෑම, වාත රෝගයන් සමඟ ඇතිවන ඉදිමුම පහව යෑම ආදිය සිදුවේ.
මාසික ශූද්ධිය පවතින විට ස්වේද කර්මය නොකළ යුතුය. හෘද රෝගීන්ටද මෙය අයහපත්ය. යම් යම් රෝගාබාධයන් ඇති අය ස්වේද කර්මය සඳහා යොමුවන විට අභ්‍යංගය සඳහා ගන්නා තෛලය වෙනස්කර ගත යුතුය. එලෙසම ශරීර අභ්යංගයන්ගෙන් තොරව වුවද ස්වේද කර්මය කළ හැකිය.
චර්ම රෝගයන්ගෙන් පෙළෙන අය සඳහා ස්වේද කර්මයේදී වෙනම තෙල් වර්ගයක් භාවිතයට ගත හැකිය. එමෙන්ම සුවිශේෂී රෝගාබාධයක් නැති වුවද (ඔබගේ රැකියාවේ සොබාවය අනුව ඔබ නිතර වාඩිවී සිටින, ව්‍යායාමයක් නොමැති, යම් පීඩනයකින් සිටින්නෙක් නම්) ඔබට ස්වේද කර්මයක සහනය අවශ්‍ය නම් එය අත්කර ගත හැකියි.
Wmqgd .ekSu u