iranama
වසරේ සුබම සුබ නැකැත් දෙක මෙන්න
දරුවට අකුරු කියවමුද ? දරුවගේ කන් විදිමුද? ගෙදර වැඩ නැවතිලාද ? ආයිත් පටන් ගමුද ? අලුත් ගෙදරට ගෙවදිනවාද ? උළුවහු ජනෙල් ටික තියමුද ? අලුත් ව්‍යාපාරයක් පටන්ගමුද ? ඉඩමක් ගමුද ? ළිඳ කපමුද ? එහෙනම් මෙන්න නැකත.
බහුතර ජනතාව බොහෝ සුබ කටයුතු සඳහා නැකැත් වේලාවක් යොදා ගැනීම අතීතයේ සිට පැවත එන්නකි. ඒ තුළින් එම කටයුත්ත වඩ වඩාත් සාර්ථක කර ගත හැකිය. බාධාවකින් තොරව කරගත හැකිය. ජය ගත හැකිය. එවන් වූ සුබ කටයුතු රාශියක් සඳහා සුබ නැකතක් යෙදෙන්නේ ඉතා කලාතුරකිනි. එවන් වූ නැකැත් දෙකක් ඉදිරි මාස දෙක තුළ යෙදේ. ඒ අනුව ඔබගේ සියලු සුබ කටයුතු සඳහා යොදාගත හැකි වඩාත්ම සුදුසු අති ප්‍රබල සුබම සුබ නැකත් දින 2 ක් එළඹෙන 2017 ජුනි මස 28 වන බදාදා හා ජුලි මස 05 වන බුධ දින උදාවේ. මෙම දින දෙක අතරින් ජුනි 28 වන බදාදා දිනය සියලුම නව ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමටත්, ඉඩම් මිලදී ගැනීමටත් ඉතාමත් යෝග්‍ය වේ. මෙදින පෙ.ව 09.02 ට නැගෙනහිර දිශාව බලා ඉතා යහපත් වන අතර මෙදින උදෑසන 08.59 සිට සවස 06.41 දක්වා ප්‍රබල සුබ ග්‍රහ බලයක් පවතී. මෙම දිනය තුළ මා නැකත හා සිද්ධි යෝගය පවතින අතර මෙම යෝගය ව්‍යාපාර කටයුතු සඳහා ඉතාම ප්‍රශස්ථ මට්ටමක පවතී. මෙම නැකත වඩාත් සුදුසු වන්නේ රේවතී, දෙට, අස්ලිස, උත්‍රපුටුප, පුෂ, අනුර, සියාවස, හත, සුවන, අද, රෙහෙන, පුවසල පුවපල් හා බෙරණ යන නැකතකින් උපන් අයටයි. මෙදින ඉර උදාව පෙ.ව. 05.58 වන අතර රාහු කාලය දවල් 12.13 සිට ප ව 01.47 දක්වා යෙදී ඇත.
ජූලි 05 වන දින සියලු නිවාස කටයුතු හා ගෙට ගෙවදීම, අසම්පූර්ණ නිවාසවල කටයුතු නැවත ආරම්භ කිරීම, උළුවහු ජනෙල් තැබීම, වහළ ගැසීම, සිඟිති දරුවන්ට අකුරු කියවීම, කන් විදීම, ළිං කැපීම, ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම, විභාග හා නව රැකියා කටයුතු ආරම්භ කිරීමට, වෙහෙර විහාර හා ආගමික කටයුතු ආරම්භ කිරීමට ඉතාම යහපත් වේ. කලකට පසු උදාවන මෙම නැකත බාධා කරදරවලින් තොර යහපත් වූ නැකතක් ලෙස හඳුන්වා දිය හැකිය. විශේෂයෙන් මෙදින අනුර නැකත සිද්ධි යෝගය, දොළොස්වක භද්‍රd තිථිය යෙදෙන බදාදා දිනයක් වීමත්, අටවිසි මහ යෝග අතරින් සෞම්‍ය යෝගය පැවතීමද ඉතාම සුබ දායක වේ. මෙම කාලය තුළ කන්‍යා ලග්නයත්, ගුරු ලග්න ගතවත්, රවි හා කුජ දිග්බලව 10 වැන්නේ වීමත් සිකුරු විසින් සප්තම දෘෂ්ටියෙන් සඳු දැකීමත් දෝෂ භංග වන අතිශය යහපත් වූ තත්ත්වයකි.
මෙහි විශේෂත්වය වනුයේ මෙම දින දෙකම බදාදා දිනයන් වීමත් සුබ කටයුතු සඳහා යහපත් නැකැත් වන අනුර හා මා යන නැකත් යෙදීමත්, තත්කාල කේන්ද්‍රයේම සුබ ග්‍රහයන් බලවත්ව යෙදීමත් යහපත් අතර මේ දින දෙක තුළ සිද්ධි යෝගය උදාව පවතින්නේය. ජූලි 05 වන දින ගුරු ලග්නයේත්a රවි, කුජ ලග්නයෙන් 10 යෙදීමත් මෙදින ඇති විශේෂත්වයයි.
ජුලි 05 වන දින පෙ.ව 11.09 ට හා 11.52 ට නැගෙනහිර බලා යෙදෙන මෙම නැකත තමන් උපන් ජන්ම නැකත අනුව අස්ලිස, මා, මූල, කැති, උත්‍රපල්, උත්‍රසල, දෙට, පුනාවස, මුවසිරස, විසා හා රේවතී යන නැකැත් වලින් උපන් අයට තමාගේ අවශ්‍ය කටයුතුවලට යොදා ගත හැකිය. මෙදින ඉර උදාව පෙ.ව. 06.00 වන අතර රාහු කාලය දවල් 12.15 සිට ප ව 01.48 දක්වා යෙදී ඇත.
ඒ අනුව ඔබත් ඉහත සඳහන් දින දෙක තුළ ජ්‍යෙතිෂවේදී මහතාගේ උපදෙස් මත අවශ්‍ය කටයුතු සඳහා නැකැත් යොදා ගැනීමට උත්සුක වීම තුළින් ඔබටත් යහපත් ප්‍රතිඵල උදා කරගත හැකිය.
ජ්‍යෙතිෂවේදී, බණ්ඩාරගම,
සම්පත් එස්. කල්පගේ "තසුනි" සෙත්කවි හා ජ්‍යෙතිෂ සේවය
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks