ලග්නය මේෂ රාශිය වී එහි සිකුරු ග්‍රහයා සිටී නම් ඒ අයගේ මුහුණ ඉතා ප්‍රිය ජනකවේ. කළු කැලලක් හෝ ලපයක් තිබේ. හිසකෙස් වර්ණවත්ය. සිත් ගන්නා සුළු හැඩහුරු කමක්ද වර්ණවත් පැහැයක්ද ඇති අතර සිහින් ශරීරයවේ. සිකුරු දුර්වල වී නම් පැපොල් ආදියෙන් කැලලක් ඇති කරයි.
වෘෂභ රාශිය ලග්නය වී එහි සිකුරු සිටියේ නම් ශරීරය මධ්‍ය ප්‍රමාණ උසකින්ද හොඳ කඩවසම් ලක්ෂණද ප්‍රමාණයට සරිලන මහත ඇති කෙනෙකි. සම සිනිදුය රතුය, හිස කෙස් දුඹුරු පැහැති මෘදු වු වේ. ඇස් කළු පාටය තීක්ෂණ දේහය හොඳින් වැසී තිබේ. ස්ත්‍රියක් නම් ඉතා රූමත්ය.
ලග්නය මිථුන රාශිය වී එහි සිකුරු සිටී නම් දුඹුරු පැහැති මෘදු හිසකෙස් ඇති ඉතා හොඳින් වැඩුණු වර්ණවත් සිහින් ශරීරයක් ඇති මධ්‍යම ප්‍රමාණයේ උස සහ සෘජු වු ඇස් දුඹුරු වර්ග පැහැදිලි නැති කෙනෙකි.
කටක ලග්න රාශිය වී එහි සිකුරු සිටියේ නම් රවුම් වු පසුවත් පැහැ මුහුණක් ඇති ලස්සන හිස කෙස් ඇති තරමක මසින් පිරි මිටි වු සිරුරක් තිබෙන කෙනෙකි. සිකුරු සඳු සමඟ නම් මුහුණ සුමු මැලිය. හිසකෙස් දිලිසේ. සිකුරු කුජට සම්බන්ධ නම් කම්මුල රතුය ඇස් කුඩාය. කොල පාටය.
ලග්නය සිංහය වී සිකුර එහි සිටියේ නම් මුහුණ රවුම්ය. මුහුණේ ලපයක්ද ඇත. දිලිසෙන දුඹුරු පාට වකුටු වු කෙස් ඇති හොඳ කඩවසම් වැඩුන ලක්ෂණ පැහැයක් ඇති මධ්‍ය ප්‍රමාණ උස කෙනෙකුවේ.
ලග්නය කන්‍යාව වී සිකුරු එහි සිටින්නේ නම් මුහුණ අන්ධකාරය හිස කෙස් කළු හෝ දුඹුරු පාට වේ. මධ්‍ය ප්‍රමාණයේ උසය හොඳ කඩවසම් ඇතුව වැඩුන දූවිලිs අපවිත්‍ර ගැවසුන ආකාරයේ වර්ණයක් ඇති සිරුරකින් යුතු කෙනෙකි.
තුලා ලග්න රාශිය වී එහි සිකුරු සිටියේ නම් මුහුණ අන්ධකාරය. සමහර විට මුහුණේ ලපයක් හෝ කම්මුල්වල වල ගැසුන ආකාරයක් ඇති සෘජු ශරීරයක් සහ ලක්ෂණ දුඹුරු හිසකෙස් ඇති උසට හොඳ කඩවසම් වැඩුන රතු වර්ණ කෙනෙකි.
ලග්නය වෘශ්චික රාශිය වී සිකුරු එහි සිටී නම් කළු හෝ දුඹුරු වර්ණ හිස කෙස් ද ප්‍රිය ජනක නැති මුහුණක්ද ස්ථුල මධ්‍ය ප්‍රමාණයේ වැඩුණු අඳුරු වර්ණ ඇති ශරීරයක්ද ඇත්තෙකි.
ධනු රාශිය ලග්නය වී එහි සිකුරු සිටී නම් මුහුණ අන්ධකාරය දිලිසෙන දුඹුරු හිසකෙස් ඇති හොඳින් වැඩුන පැහැදිලි වර්ණයක් ඇති උස කෙනෙකි.
මකර ලග්න රාශිය වී සිකුරු එහි සිටියේ නම් සිහින් මුහුණකින් යුක්ත මලානික පාට කලු හෝ දුඹුරු හිස කෙස් ඇති මධ්‍ය ප්‍රමාණයට වැඩුන හීන් ශරීරයක් ඇති සමහර විට කුඩා ශරීරයක් ඇති කෙනෙකි.
කුම්භ ලග්නය වී සිකුරු එහි සිටී නම් හොඳ කඩවසම් ශරීරයක් ඇති ලක්ෂණ වර්ණවත් පාට ඇති දුඹුරු පාට හිසකෙස් සහිත තරමක් මහත ශරීරයක් ඇත්තෙකි.
ලග්නය මීන රාශිය වී එහි සිකුරු සිටී නම් රවුම්වූ පිරුණ මුහුණකි. නිකට වළ ගැසී හිස කෙස් දුඹුරු පාටය. නැවෙන සුළුය. මස් සහිත මධ්‍ය ප්‍රමාණයේ ශරීරයක් වේ.