iranama
රාහුගේ බලපෑම
රාහුට අනෙකුත් ග්‍රහයින්ට මෙන් ග්‍රහ ලෝකයක්‍් නොමැත. හුදෙක්ම ඡායා ග්‍රහයකු වුවත් රාහුගේ බලපෑම ග්‍රහලෝක හිමි ග්රහයින්ගේ තත්ත්වයට සමාන බැව් මේ සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණවල දී අනාවරණය වී ඇත.
භාරතයේ සමහර සෘෂිවරු රාහු-කේතු සම්බන්ධයෙන් මත පළ නොකරන අතර තවත් සෘෂිවරු රාහු-කේතු සම්බන්ධයෙන් වැදගත් තොරතුරු හුවා දක්වා ඇත. බටහිර රටවල ද රාහු-කේතු සම්බන්ධයෙන් යම් යම් මතභේද තිබුණ රාහු-කේතු පිළිබඳව වැදගත් කරුණු අනාවරණය කර ඇත.
මෙවැනි පෙර අපර දෙදිගම රාහු-කේතු සම්බන්ධයෙන් විවිධ මත පළවී ඇති බැවින් රාහු විවාහය කෙරේ බලවත්වන ආකාරය සම්බනAධයෙන් පර්යේෂණය භාජනය කිරීමෙන් අනතතුරුව රාහු ඒ ඒ ස්ථානගත වීමෙන් විවාහයේ යම් යම් ආකාරයෙන් අවුල් වියවුල් ඇති වී තිඛෙන බව මේ පිළිබඳව කරන ලද පර්යේෂණවල දී අනාවරණය වී තිබේ. රාහු හැම රාශියක දී ම හෝ හැම ස්ථාන දී ම විවාහයට බාධා ඇති නොකරයි. සමහර ස්ථානවල රාහුගේ පිහිටීම නිසා විවාහය බලාපොරොත්තු වූවාට වඩා උසස් තත්ත්වයෙන් පවතී.
විවාහය නියෝජනය කරන ප්‍රධාන ස්ථානය හත් වැන්නයි. එහි කිසිදු ග්‍රහයකු නොසිටි විට විවාහයේ කරදර කම්කටොලූ අඩු කෙරේ. එහෙත් අඟහරු හත් වැන්නේ, දෙවැන්නේ ලග්නයේ හෝ අට වැන්නේ සිටින විට විවාහයේ අවුල් වියවුල් ඇති කෙරේ. මෙම අඟහරු ගෙන් ලැඛෙන විපත් තත්ත්වයකට සමාන තත්ත්වයක් රාහුගෙන් ලැඛෙනු ඇත. ලග්නය, දෙක, හත, අට යන ස්ථාන සියල්ලම විවාහයට සෘජු සම්බන්ධතාවක් ඇත. මෙම ස්ථානවල රාහු සමඟ අශ=භ ග්‍රහයකු සම්බන්ධ වූ විට එම ග්‍රහයාගේ ක්‍රියාත්මක වේගය වැඩි දියුණ වී විවාහයේ බාධා ඇති කෙරෙන බව පැහැදිලි ය.
ලිංගික ජීවිතය ප්‍රිය කරන ග්රාහයකු රාහු සමඟ සංයෝග වූ විට එම සැපත ලබා ගැනීම සඳහා හඹා යෑමට සැරසේ. නැතහොත් ඒ කෙරේ වැඩි වැඩියෙන් යොමු වේ. මේ අයුරින් කටයුතු කළහොත් විවාහය වැඩිකල් පවත්වා ගෙන යෑමට නොහැකි වේ. සෙනසුරු වැනි ග්‍රහයකු සමඟ සම්බන්ධ වූ විට විවාහය විරාගී තත්ත්වය නිරායාසයෙන් ඇති කෙරේ. එසේ වුවහොත් සහකරු සහකාරිය වෙනත් අතකට යොමු වේ. විවාහය සාර්ථක වීමට ලිංගික ජීවිතයේ සමතුලිත භාවයක් තිබිය යුතුය.
මෙසේ ලිංගික ජීවිතය කෙරේ යොමු වීමේ දී මධ්‍යස්ථ භාවයක් තිබිය යුතුය. එම මධ්‍යස්ථ භාවයෙන් තොර වුවහොත් ඒ විවාහයේ අවුල් වියවුල් ඇති වීමට බොහෝ දුරට ඉඩ තිබේ. විවාහයට සම්බන්ධ ස්ථානයක රාහු හුදකලාව සිටීම ද විවාහයට හානිදායකය. එසේම විරාගය ඇති කරන ග්‍රහයින් සමඟ සංයෝගය ද යහපත් නොවේ.
රාහුට විශේෂයෙන් ශ=භ ස්ථානයක හැර වෙනත් ස්ථානයක සිටින විට එම ස්ථානයේ කටයුතු අවුල් කරයි. රාහුගේ ස්වභාවය, ඇති දෙය නැති කිරීමය. එම ස්ථානය නියෝජනය කරන දේවල්වලට හානි පමුණුවීමයි. රාහු ලග්නගත වූ විට හත් වැන්නට එම දෘෂ්ටිය එල්ල වේ. අට වැන්නේ සිටින විට දෙවැන්න පෙනේ. එවිට දෙවැන්න දුර්වල වේ. හත් වැන්න හා දෙවැන්න විවාහය සම්බන්ධයෙන් බලවත් හා මෙන්ම වැදගත් ස්ථාන වේ. මෙම ස්ථානවල රාහු සිටින විට විවාහයේ අවුල් වියවුල් ඇති කෙරේ. බ්‍රහස්පති වැනි බලවත් ග්‍රහයකුගේ දෘෂ්ටියට ගොදුරු වුවහොත් තත්ත්වය වඩාත් අයහපත් වේ.