iranama
රණහංස යෝගයෙන් අධ්‍යාපනයට යහපත්
ප්රශ්නය : ඉක්මන් කෝපය හා මන්දෝත්සාහය යන ගැටලු පවතියි. ඒවාට විසඳුම් තිබෙනවාද?
පිළිතුර : පියාට භක්තිමත්, නෘත්‍ය ගීත ආදියට කැමැත්තක් දක්වන දියණියකි. අසාධාරණයට එරෙහි වෙයි. හැකියාවන් කිහිපයක්ම පවතින හෙයින් ගැළපෙන රැකියාව තෝරා ගැනීමේ අපහසුවක් පවතියි. පරිවර්තන යෝගයක් පිහිටි හෙයින් උපන් තත්ත්වයට වඩා උසස් වීමේ හැකියාව තිබේ. ඔබ පවසන තත්ත්වය ඇති වන්නේ ශනි - කේතු යෝගය නිසාය. ඒ අතර ශනි මහ දශාවද ගත වෙමින් පවතියි. ඒ සඳහා නිවැරැදි පිළිවෙත් යොදන අතර දිනපතා උදේ හා රාත්‍රි ජිනපඤ්ජරය සජ්ජායනා කරවන්න. වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීම පිළිබඳ නොසිතා අධ්‍යාපන කටයුතු හරියාකාරව කරගෙන යන්න.
ආකාශා - දෙබහැර
මානසික අවපීඩනය
ප්රශ්නය : අමතක වීම, හිසරදය හා අධික නිදිමත යන ගැටලු පවතියි. ඒවාට විසඳුම් තිබෙනවාද?
පිළිතුර : තමන්ගේ කනස්සල්ල පිටතට නොපෙන්වන, අන් අය විසින් වරදවා වටහා ගන්නා දියණියකි. තමන්ට හිමි ගෞරවය නොලැබී යයි. කායික සෞඛ්‍යයට මනසේ බලපෑම ඇති අතර වරින්වර මානසික අවපීඩනය හා අලසබව ඇතිවන අතර එවැනි වකවානුවලදී සිය හැකියාවන් සම්බන්ධයෙන් සැකයක් හටගනියි. වයස 30 - 35න් පමණ පසුව දියුණුව ළඟා වනු ඇත. ශනි - කේතු යෝගය පවතින හෙයින්ද මන්දෝත්සාහය හා අමතකවීම ඇති කරයි. වසර දෙකක් ඉදිරියට ජන්ම ඒරාෂ්ටකය ගතකිරීමට සිදුවෙයි. 2015.10.29 දින ඇරැඹෙන බුධ මහ දශාවේ ගුරු අතුරු දශාව අධ්‍යාපනයට යහපත්ය. උසස් අධ්‍යාපනය ලැබීමේ වාසනාව පවතියි. ශනි - කේතු යෝගයට නිවැරැදි ප්‍රතිකර්ම කරන අතර ඒරාෂ්ටකය සඳහා නිවැරැදි පිළිවෙත් යොදමින් දිනපතා උදේ සහ රාත්‍රි ජිනපඤ්ජරය සජ්ජායනා කරවන්න.
ජයනාත් - පුස්සැල්ල
යහපත් රැකියාවක්
ප්රශ්නය : උසස් අධ්‍යාපනය කෙසේද? අනාගතය කෙබඳුද?
පිළිතුර : 11 වැන්නේ පිහිටා ඇති ත්‍රිග්‍රහ යහපත් බුද්ධිය හා යහපත් රැකියා ලබා දෙන්නකි. 2017.01.26 දක්වා ලග්න ඒරාෂ්ටකය පවතියි. රණහංස යෝගය පැවැතීමද අධ්‍යාපනයට යහපත් වූවකි. දශා ශේෂය එවා නැති හෙයින් ඔබේ අනෙක් ප්‍රශ්නවලට පිළිතුරු දිය නොහැකියි.
දෙව්මිත් _
කළුතර දකුණ
නිර්මාණශීලියි
ප්රශ්නය : තාක්ෂණ විෂයෙන් ඉදිරියට යා හැකිද? දියුණු විය හැකිද?
පිළිතුර : නිර්මාණශීලී, දක්ෂතා සහිත ආත්මාර්ථකාමී දරුවකු බව පෙනේ. සරල ජීවිතයකට කැමැත්ත දක්වයි. 2024-12-15 දක්වා පවතින සිකුරු මහ දශාව යහපත්ය. තාක්ෂණ විෂයය ගැළපේ. අධි සංවේදී බව දුරුකොට ආත්ම විශ්වාසය වර්ධනය කරගන්න. එවිට දියුණු වීම අපහසු නැත.
චමෝද්‍යා - ඇඹිලිපිටිය
බාධා නැත
ප්රශ්නය : සාමාන්‍ය පෙළ සමත් වේද? ඉදිරි අනාගතය කෙසේද?
පිළිතුර : අපේක්ෂා සහගත, ආත්මාර්ථකාමී දියණියකි. තමන්ගේ අදහස් කෙරෙහි තදින් බැඳී සිටින්නීය. අනුන්ට නීති පනවන නමුත් තමන් පිළිපදින්නේ නැත. නිරත වන කටයුත්ත හොඳින් කරන්න මහන්සි ගන්නා බවද පෙනේ. පවතින මහ දශා අධ්‍යාපනයට යහපත්ය. වගකීම් සහිත තනතුරු දැරීමේ වාසනාව තිබේ. හොඳින් පාඩම් කටයුතුවල යෙදුණොත් විභාගය සමත්වීමට ග්‍රහයන්ගෙන් බාධාවක් නැත.
ප්‍රණීත් _
වන්නියම්කුලම
ගණිතයට දක්ෂයි
ප්රශ්නය : ඉදිරි අධ්‍යාපන කටයුතු දැනගැනීමට
පිළිතුර : කාල සර්ප යෝගය සහිතව උපත ලබා ඇතත් රාහු හා කේතුගේ පිහිටීම අනුව දැඩි අයහපත් බලපෑමක් නැතත් දියුණුව ප්‍රමාද කරයි. 7 වැන්නේ යෙදී ඇති චතුර් ග්‍රහ යෝගය දක්ෂ ක්‍රියාශීලී මනසක් ලබා දෙයි. විශේෂයෙන්ම ගණිත අංශයට දක්ෂතාව පවතින හෙයින් ඒ අංශයෙන් සාර්ථක විය හැකිය. අධිෂ්ඨානශීලී දරුවෙකි. දැඩි කැමැති අකැමැති තත්ත්වයන් දැකිය හැකියි. ඉක්මනින් කෝපයට පත්වන නමුත් ඉක්මනින් සංසිඳේ. වයස 37න් පමණ පසුව දියුණුව ළඟා වෙයි. දශා ශේෂය එවා නැත.
රිද්ම _ අංගොඩ
22222
ප්රශ්නය : පාඩම් කිරීමට කම්මැළියි. මතකයද අඩුය.
පිළිතුර : නීච භංග රාජ යෝගයක් හා පරිවර්තන යෝගයක්ද සහිත හෙයින් අනාගතයේදී උපන් තත්ත්වයට වඩා උසස් වීමේ වාසනාව ඇත. චන්ද්‍රයා සහ බුධ යෝගව ලග්නයේම පිහිටීමෙන් යහපත් බුද්ධියක් ලැබෙන නමුත් සිත එක් අරමුණක රඳවා ගත නොහැකි දුර්වලතාවක් පිහිටයි. ඔබ පවසා ඇති ප්‍රධාන ගැටලුවලට මූලික හේතුව ශනි - කේතු යෝගයයි. දශා අපල ඇතිදැයි දැනගැනීමට දශා ශේෂය එවා නැත. ඉහත යෝගය සඳහා නිසි පිළිවෙත් යෙදීමෙන් දෝෂය සෑහෙන ප්‍රමාණයකින් අඩුකර ගත හැකිය. දිනපතා උදේ හා රාත්‍රි ජිනපඤ්ජරය සජ්ජායනා කරවන්න.
රාජා - එප්පල
2222
ප්රශ්නය : යොමු කළ යුත්තේ කුමන අංශයටද?
පිළිතුර : රණහංස හා භද්‍රා යන යෝග දෙකම පවතින හෙයින් බුද්ධිමත්ය. තවමත් පාසල් නොයන වයසේ හෙයින් නිසි කාලයේදී වඩාත් දක්ෂ හා කැමැත්ත පවතින අංශයට යොමු කරන්න.
සයුරු - පානදුර
22222
ප්රශ්නය : අධ්‍යාපනය හා අනාගතය කෙසේද අපල තිබේද?
පිළිතුර : රණහංස යෝගය පවතින හෙයින් ඉගෙනීමේ දක්ෂතාව පිහිටයි. ලග්නයේම පවතින ත්‍රිග්‍රහ යෝගය උගත්කම හා ධනය ලබාදෙන්නකි. ඉවසීම අධිෂ්ඨානය හා ධෛර්යය ඇති හෙයින් දියුණු වීමේ වාසනාව ඇත. වරින්වර පලවා හැරිය නොහැකි අලස බවක් දැනේ. අනපේක්ෂිත හදිසි රෝගාබාධයන්ට හා හදිසි අනතුරුවලට ලක්වීමේ ඉඩ තිබේ. 2014-11-02 සිට වසර හතහමාරක් ජන්ම හා ලග්න ඒරාෂ්ටක පවතින හෙයින් අපල තත්ත්වයක් ඇත. ගතවන රවි මහ දශාව අයහපත් නොවෙයි. ඒරාෂ්ටකය සඳහා නිසි පිළිවෙත් යොදන අතර දිනපතා උදේ හා සවස ජිනපඤ්ජරය සජ්ජායනා කරවන්න.
චතුරිකා - මාලිගාතැන්න
222
ප්රශ්නය : අනාගත අධ්‍යාපන හා උසස් පෙළ කෙසේද?
පිළිතුර : අර්ධ කාල සර්ප යෝගය පවතින හෙයින් දියුණුව ප්‍රමාද කරයි. රණහංස යෝගය යෙදී ඇති හෙයින් බුද්ධිමත්ය. දියුණුව වයස 35 පමණ දක්වා ප්‍රමාද වෙයි. ආත්මාර්ථකාමී දියණියක වන අතර අධිෂ්ඨානය හා ආත්ම ශක්තිය පවතින හෙයින්ද බලාපොරොත්තු සහිතව කටයුතු කරන හෙයින්ද දියුණුව ලැබිය හැකිය. ඉක්මනින් ජීර්ණ පද්ධතියේ රෝග වැලඳෙන නමුත් වැලඳෙන රෝග ඉක්මනින් සුවවන ශක්තියක් තිබේ. ඔබේ මූලික ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න නම් දශා ශේෂය නැවැත විමසන්න.
නෙත්මිණි _ හංවැල්ල
2222
ප්රශ්නය : මෙවර උ/පෙළ ප්‍රතිඵල කෙසේද? අනාගතය කෙසේද?
පිළිතුර : රණහංස යෝගය ඇති නිසා යහපත් බුද්ධියක් සහිත දියණියකි. නිර්මාණශීලීය. ඒකාකාරී බවට කැමැති නැත. විද්‍යා විෂයයන් සුදුසු මෙන්ම සෞන්දර්ය අංශයටද දක්ෂතාව පවතියි. තමන්ගේම මාර්ගයක යෑමේ අධිෂ්ඨානය සහිතය. පරිසරයට අතිශයින්ම සංවේදී වන අතර චන්ද්‍රයා ද යම් තරමකට බලපෑමක් කරයි. ආමාශයේ හෝ අභ්‍යන්තර ඉන්ද්රියයන්ගේ මස් පෙරළීම වැනි වේදනා ඇතිවෙයි. විදේශ ගතවීමේ වාසනාව තිබේ. ලග්න ඒරාෂ්ටකය පවතින අතර 2017 ජනවාරි 26 සිට ලග්න හා ජන්ම ඒරාෂ්ටක ද්විත්වය බවට පත්වෙයි. නිවැරැදි පිළිවෙත් යොදන අතර දිනපතා උදේ හා සවස ජිනපඤ්ජරය සජ්ජායනා කරවන්න.2033-09-06 දක්වා පවතින රාහු මහ දශාවද අයහපත්ය. සෙනසුරු ඒරාෂ්ටකය හා රාහු මහ දශාව එකවර යෙදීම අධ්‍යාපනයට මෙන්ම ජීවිතයටද අයහපත් ආකාරයෙන් බලපායි. පවසා ඇති තත්ත්වයට මූලික හේතුව ඒරාෂ්ටකය හා දශා අපලයයි.
නයෝමි _ හාවාඑළිය
2222
ප්රශ්නය : සරසවි වරම් ලැබේද? රජයේ රැකියාවක් හිමිවේද?
පිළිතුර : 5 වැන්නේ පිහිටි ත්‍රිග්‍රහ යෝගය තීක්ෂණ නුවණක් හා ඉගෙනීමේ දක්ෂතාව ඇති කරන්නකි. පුද්ගලයන්ට හා පරිසරයට අතිශයින් සංවේදී දියණියක වන අතර අභ්යන්තරාවෘත නිහඬ රහසිගත චරිතයක් හිමිය. අන් අය විසින් වරදවා වටහා ගනු ලබයි. 2032.02.30 දක්වා පවතින ශනිගේ මහ දශාව අයහපත්ය. ඒ සඳහා නිවැරැදි පිළිවෙත් යොදන අතර දිනපතා උදේ හා සවස ජිනපඤ්ජරය සජ්ජායනා කරවන්න. ස්ථිර රැකියාවක් ලැබීමේ වාසනාව ඇත.
ජීවනී - මොරොන්තොට
22222
ප්රශ්නය : අධ්‍යාපන කටයුතු කරන අවස්ථාවේ කෝප වීම හා කලබලකාරී හැසිරීමක් පවතියි.
පිළිතුර : නිවැරැදි සිහින පෙනෙන මෙම දැරිය පූර්ව හැඟීම් ඇතිවීම හා සහජ ඉව යන මනෝ මූලික හැකියාවන් සහිතය. ජීර්ණ පද්ධතියේ දුර්වලතා නිසා නිතර උදර රෝග වැලඳිය හැකිය. වරින් වර මානසික අවපීඩන තත්ත්වයක් ඇතිකරයි. ඔබ පවසා ඇති තත්ත්වයට හේතු වටහා ගැනීමට දශා ශේෂය අවශ්‍ය නමුත් එය එවා නැත.
ලක්මිණි _ බිබිල
2222
ප්රශ්නය : මෙවර උ/පෙළ සමත් වී විශ්වවිද්‍යාලයට යා හැකිද?
පිළිතුර : ආත්ම ශක්තිය හා අධිෂ්ඨානය සහිත දියණියක් හෙයින් ස්වයං පාලනය ඇතිකර ගන්නේ නම් අනාගතයේ ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. ඉක්මන් කෝපයද පාලනය කර ගත යුතු අතර අසාර්ථක වූ විට නොගැළපෙන හැසිරීම්ද පාලනය කරගැනීම වැදගත්ය. ඉවසීමද වර්ධනය කරගන්න. ඔබ දශා ශේෂය එවා නැති හෙයින් ප්‍රධාන ප්‍රශ්නයට පිළිතුරු දිය නොහැකියි.
දිල්හාර - පල්ලේබැද්ද
2222
ප්රශ්නය : 9 වැනි වසරේ ඉගෙන ගන්නා අතර පාඩම් කිරීමට මැළි බවක් දක්වයි. ඉගෙනීම හා ඉදිරි අනාගතය කෙසේද?
පිළිතුර : දක්ෂ මනසක් හා හැකියාවන් ඇතත් එක් කාර්යයක දිගු කලක් යෙදීමේ නොහැකියාවක් පවතියි. පුද්ගලයන් කෙරෙහි සැකයක් ඇත. ස්නායු ආතතිය නිසා වරින් වර කලකිරීම් ඇතිකරයි. ඔබ පවසන තත්ත්වයට හේතුව එය වීමට හැකිය. 2016.01.05 දක්වා පවතින කුජ මහ දශාවේ කේතු අතුරු දශාවත් පැවැති බුධ අතුරු දශාවත් මේ තත්ත්වය වැඩි කරයි. 2016.01.05 දක්වා ගතවන රාහු මහ දශාව මෙයටත් වඩා අයහපත් හෙයින් නිවැරැදි පිළිවෙත් යොදන අතර දිනපතා උදේ හා රාත්‍රි සූරිය පිරිත සජ්ජායනා කරවන්න. නවාංශකය එවා නැති හෙයින් නිවැරැදි තීරණයකට පැමිණීමට අපහසුය.
Wmqgd .ekSu u