iranama
රට යන්න පාර හදන්නේ ග්‍රහයෝ
කුජ හතරවැන්නේ සිටීනම් ජන්මියා පිට දේශයක වාසය කරන මුල් කාලයේදී ගෘහ ජීවිතය ප්‍රීතිමත් වේ. 4 වැන්නේ ශනි නම් ඔහුගේ ජීවිතයේ අග භාගයේදී මවු බිමෙන් බැහැරව ගොස් ආගමික දිවි පෙවෙතක් ගත කරයි. 6 වැන්නාධිපති 2 වැන්නේ හෝ 10 වන්නේ සිටීමත් පිට දේශයකට යැමට හිතකර පිහිටීමකි.
විදේශ සංචාරයේ යෙදී රට රටවල තොරතුරු බලා සතුටුවීමට වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා හෝ නැතිනම් විදේශ රැකියාවක් කිරීමට ඔබ සිහින මවන කෙනෙකු විය හැක. එහෙත් එම සිහින සැබෑ වෙන්නේ ඔබේ ජන්ම පත්‍රයේ ඒ සඳහා හේතුවන ග්‍රහ සංයෝග තිබුණොත් පමණි. ජ්‍යෙdතිෂයේ එම ග්‍රහයෝග මේ අයුරින් සඳහන් කර ඇත.
රාශි චක්‍රයේ දේශ සංචාරය සම්බන්ධයෙන් වඩාත්ම ප්‍රබල වනුයේ 12 වෙනි රාශියයි. පිළිවෙළින් හත්වෙනි දහවෙනි හා නමවෙනි රාශිද බලවත්වේ. එමෙන්ම පස්වැන්න හැර ඉතිරි අනිකුත් රාශි ගැනද සලකා බැලිය යුතුය. ජන්මියෙකුගේ කේන්ද්‍රයේ පළමුවැන්නෙන් ස්වකීය මාතෘ භූමියදී ප්රකාශවන බැවින් පළමුවැන්නට විරුද්ධ රාශිය වන 7 වැන්නන්, 4 වැන්නට විරුද්ධ රාශිය වන 10 වැන්නේ ග්‍රහ බලපෑම් අනුවද කෙනෙකුට උපන් ස්ථානයෙන් පිටතට යැමට සිදුවේ. බටහිර ජ්‍යෙdතිෂ ක්‍රමය අනුව 3 වැන්නෙන් පෙන්නුම් කරනුයේ කෙටි ගමන් පිළිබඳවය. 9 වැන්නෙන් දීර්ඝ ගමන් පිළිබඳ තීරණය කළ යුතු බව සඳහන්ව ඇත. දුම්රිය බස් රිය හා වෙනත් වාහනවලින් රට අභ්‍යන්තරයේ කෙරෙන ගමන් ගැන 3 වැන්නෙන් ප්‍රකාශ වන බැවින් දුර ගමන් පිළිබඳව බලපාන්නේ 9 වැන්නේ මේෂ කටක, තුලා, මකර යන රාශි හතර ආදී දේශ සංචාරය පිළිබඳව ඉමහත් ඵලදායි රාශියකි. නමුත් ගමන් කරන ආකාරය කෙසේදැයි මූලික වශයෙන් තීරණය කළ හැකි වන්නේ පඨවි, ආපෝ, වායෝ ආදී බෙදීම් අනුවය.
වෘෂභ, කන්‍යා, මකර වැනි පඨවි රාශී පොළව මත ගමන් කරන වාහනද, මිථුන, කුම්භ, තුලා යන වායෝ රාශි ගුවන් යානාවලින්ද, වෘශ්චික හා මීන දියේ පදවන නැව්, බෝට්ටු ආදියෙන්ද ගමන් කරන බව කිව යුතුය.
ග්‍රහයින් අතර රවි, සඳු, බුධ හා සිකුරු චර රාශියෙන්ය. ගුරු, කුජ, ශනි තිර ග්‍රහයෝය. චර ග්‍රහයෝ ඉක්මනින් ගමන් කරන අතර තිර ග්‍රහයෝ ගමන් කරනුයේ මන්දගාමීවය. ගමන් බිමන් කෙරෙහි වැඩි වශයෙන් බලපවත්වන්නේ චර ග්‍රහයන් හෙවත් ඉක්මනින් ගමන් කරන ග්‍රහයන්ය.
ගුරු ග්‍රහයා ලෝක පරිචාරකයා හෙවත් වේගයෙන් රට රටවල් බලා යන්නා යන නමින් හැඳින්වෙයි. ධනු ලග්නයෙන් උපත ලත් අය හා ගුරු බලවත් අය රට රටවල සංචාරය කිරීමටත් දේශ ගවේෂණයටත් දැඩි ආශාවක් දක්වති. මෙම සිද්ධාන්ත කෙසේ වෙතත් දේශ සංචාරය පිළිබඳ එම දෙපක්ෂයේම එකහෙලා පිළිගෙන ඇති ග්‍රහ බලපෑම් කීපයක් මෙසේ සඳහන් වෙයි.
සෘෂිමතය අනුව කෙනෙකුගේ ලග්නාධිපතියා 7 වැන්නෙහි යෙදී ඇත්නම් ඔහුට තම ජන්ම භූමියෙන් පිට දේශයක වාසය කිරීමට සිදුවේ. චර රාශියක් ලග්නය වීම හෝ ලග්නාධිපතියා චර රාශියක සිට වෙනත් චර රාශියක වික්ෂණයට අසුවී තිබීම ජන්මියාට පිට දේශයක වාසය කිරීමට සලස්වන ග්‍රහ පිහිටීමකි. ඉතා සාර්ථක දේශ සංචාරක ගමන් බිමන් සඳහා ලග්නය චිර රාශියක් වීමත්, ලග්නාධිපතියා රවි, සඳු, බුධ සිකුරු යන ඉක්මන් ගමන් ඇති ග්රහයෙකු වීමත් අවශ්‍ය වේ. ඉහත සඳහන් පිහිටීම් නොමැතිනම් ඒ වෙනුවට තිබිය යුතු තවත් ග්‍රහ පිහිටීම් ජ්‍යෙdතිෂයේ සඳහන් වී ඇත.
උච්ච මූල ත්‍රිකෝණ ස්වක්ෂේත්ර හෝ මිත්‍ර බලයකින් යුතුව බලවත් පාපයෙකු ලග්නයෙහි සිටීම ජන්මියා ස්වකීය ජන්ම භූමියෙන් පිටතට යැමට හේතු වේ. ලග්නාධිපතියා 12 වැනි රාශියේ හෝ ඉතා දුර්වලව හෝ සතුරු රැසක හෝ ඇතිව උපන් අයට පිටරටවල ඇවිදීමට හා මුළු ජීවිත කාලයම පිට දේශයක ගත කිරීමටද සිදු වේ.
දේශ සංචාරය පිළිබඳ තීරණය කිරීමේදී 3 වැන්න ගැනද සැලකිලිමත් විය යුතු බව බෘහන් හෝරාවෙහි සහ උත්තර කලා මාත්‍රයෙහි දැක් වේ. සර්වජන භූෂණ නම් ග්‍රන්ථයේ දැක්වෙන පරිදි 3 වැන්නේ රාහු සිටීම කෙනෙකුට තම ස්ථිර වාසස්ථානයෙන් තාවකාලිකව විදේශගත වීමට සිදුවන බලයකි. තුන්වැන්න කටකය හෝ මීනය වී එහි චන්ද්‍රයා සිටීමෙන් නියත වශයෙන්ම වන්දනා ගමන් සඳහා පිට දේශවල සංචාරය කිරීමට වාසනාව උදා වෙන බව "භව දීපිකාවේ" දැක්වෙයි. කටකය හා මීන මෝක්ෂ රාශියන්ය. ඒ හා සම්බන්ධව යෙදෙන ගමන් බිමන් වැඩි වශයෙන් ශුද්ධ ස්ථානයන් කෙරෙහි බලපාන බව පැහැදිලිය. එම දෙරැස ජල රාශිද වන බැවින් විශේෂයෙන්ම මුහුදු යාත්රාවකින්ම එම ගමන් සිදුවීමට ඉඩ ඇත. මුහුදු ගමන් කෙරෙහි චන්ද්‍රයාද බල පවත්වයි. 3 වැන්න වැඩි වශයෙන් කෙටි ගමන් ප්‍රකාශ වෙතත් එහි ඇති අනෙකුත් ග්රාහකත්වයන් අනුව දීර්ඝ ගමන්වලටද හේතුවිය හැක.
හතරවැන්නාධිපතියා සුභ ස්ථානයක ගුරු සමග සිටීම සහ ලග්නාධිපතිගේ වික්ෂණයට අසුවීම හා එම පිහිටීම සමග 2 වැන්න බලවත්වීම යම් ජන්ම පත්‍රයක දක්නට ලැබේනම් එම ජන්මියා ශුද්ධ ස්ථානයකට ගොස් තම ජීවිත කාලයම එහි ගෙවන බව භව දිපිකාවේ සඳහන් වෙයි.
කුජ හතරවැන්නේ සිටීනම් ජන්මියා පිට දේශයක වාසය කරන මුල් කාලයේදී ගෘහ ජීවිතය ප්‍රීතිමත් වේ. 4 වැන්නේ ශනි නම් ඔහුගේ ජීවිතයේ අග භාගයේදී මවු බිමෙන් බැහැරව ගොස් ආගමික දිවි පෙවෙතක් ගත කරයි. 6 වැන්නාධිපති 2 වැන්නේ හෝ 10 වන්නේ සිටීමත් පිට දේශයකට යැමට හිතකර පිහිටීමකි.
හයවැන්නාධිපති දෙවැන්නේ සිට 8 වැන්න ද කීනම් හෝ රාහු 6, 8, 11 සහ 12 වෙනි ස්ථානයේ සිටීමෙන්ද විදේශ ගමන් යෙදෙයි. නිරතුරුවම ඈත දේශවල සංචාරය කිරීම සඳහා තිබිය යුතු තවත් ග්‍රහයෝගයක් නම් 7 වැන්නේ රවි උච්චව සිටීමය. තුලාව ලග්නය වී රවි මේෂයේ බලවත්ව සිටීමද බලවත් පිහිටීමක් වෙයි. නීච රවි අටවැන්නේ සිටි විට ගමන් බිමන් අධික වීම නිසා අවිවේකී තත්ත්වයකට පත් වේ. ගුරු අටවැන්නේ නම් වැඩි වශයෙන්ම යෙදෙන්නේ වන්දනා ගමන්ය. ශනි අටවැන්නේ නම් ඉතා ඈත දේශවල සංචාරය කිරීමේ භාග්‍යය උදාවනු ඇත.
රවි සිංහයේ සිටින අයට වඩා රවි මේෂයේ සිටින අය දේශ සංචාරයට වඩා පෙළඹේ. එමෙන්ම සඳු කටකයේ සිටීමට වඩා වෘෂභයේ සිටීම මේ අතින් බලවත්ය. බුධ කන්‍යාවේ සිටීමට වඩා බුධ මිථුනයේ සිටිම දේශ සංචාරයට හිතකරය. දහවැන්නේ පිහිටන ග්‍රහ බලය අනුවද දේශ සංචාරය පිළිබඳ නිගමනයට බැසිය හැකි බව මහාචාර්ය රාමන් ප්‍රකාශ කරයි.
11 වැන්නාධිපති 6 වැන්නේ සිටීමද කෙනෙකුට පිට දේශයක වාසය කිරීමට සිදුවන බලයකි. එයට 12 වැන්නාධිපතිගේ බැල්මත් ලැබේනම් ඔහුට මුල සිටම පිට දේශයක විසීමට සිදු වේ. දේශ සංචාරය පිළිබඳව බලවත්ම ස්ථානය වනුයේ 12 වැන්නය. පරාෂර සෘෂිවරයා මේ සම්බන්ධයෙන් දක්වා ඇති මතය අනුව පාප ග්රහයෙකුගේ දෘෂ්ඨ
Wmqgd .ekSu