iranama
මේ අවුරුද්දේ පළමු සිකුරු මාරුව
සිකුරු ග්‍රහයාගේ නව වසරේ ප්‍රථම ග්‍රහ චලිතය එළැඹෙන ජනවාරි 19 වැනි දින සිදුවීමට නියමිතය. ජනවාරි 19 වැනි අඟහරුවාදා දින හරියටම උදේ 6.20ට පමණ සිකුරු කුජ හිමි වෘශ්චික රාශියේ සිට සිය සම රාශියක් වන ගුරුට අයත් ධනු රාශියට පිවිසෙනු ඇත.
මෙම සිකුරු ධනුවට පිවිසීමත්, අද දින ධනු රාශි ගත බුධ සමඟ සිකුරු යෝග වීමත් හේතුවෙන් මෙම කාලය තුළ විශ්ව කේන්දරය තුළ සරස්වතී හා විෂ්ණු ලක්ෂ්මී යන සුබ යෝග උදා වනු ඇත. ඉගෙනීමට, ව්‍යාපාර දියුණුවට මෙන්ම තම නිදන් ගත රෝග සුවයටද මෙම යෝග උදාවීම ඉතාම සුබ දායක වනු ඇත. මෙම කාල සීමාවේ උපදින දරුවන් අනාගතයේ කලා ක්ෂේත්රයේ කැපී පෙනෙන රූපයෙන් අනූන අය වනු ඇත.
පොදුවේ ලග්න වශයෙන් ගත් කල සිකුරු ධනුවට පිවිසීම හේතුවෙන් පහත සඳහන් ප්‍රතිඵල උදා වනු ඇත. විශේෂයෙන් මෙම සිකුරු ග්‍රහ මාරුව හා සිකුරු සෙනසුරු ග්‍රහ යුද්ධයේ බලපෑම් හේතු කොටගෙන 2016 ජනවාරි මාසයේ ආරම්භයේ සිට ඉදිරි 2016 මාර්තු මාසය අවසානය දක්වා වූ කාලය තුළ අපට රටට පමණක් නොව මුළු මහත් ලෝකයටම යම් පීඩාකාරී හා කරදරකාරී කාලයකට මුහුණ දීමට සිදුවනු ඇත. ස්වාභාවික විපත් බහුලවම සිදුවන කාලයකි. ගංවතුර, නායයෑම්, භූමිකම්පා, සුළිසුලං, මුහුදු විපත්, හදිසි අනතුරු කැපීපෙනෙන ලෙස වර්ධනය වන කාලයකි. රහස්‍ය කටයුතු බහුලව සිදුවන කාලයකි. ජනතාවගේ මානසික සෞම්යතාව බිඳ වැටීම හේතුවෙන් ජනතාව අතර නොයෙක් වසංගත රෝග හා නොසන්සුන්තා ඇති වනු ඇත. විශේෂයෙන් පරිපාලන ක්ෂේත්රයේ හා රාජ්‍ය අංශවල ගැටලු හා ප්‍රශ්න බහුල වන කාලයකි.
විශේෂයෙන් කලාවට සම්බන්ධ උසස් ප්රභූන්ට මෙන්ම අලුත උපදින කුඩා දරුවන්ට මෙම කාල සීමාව ඉතාමත් යහපත් වනු ඇත. විශේෂයෙන්ම ඔවුන් සමාජයේ ඉහළටම නොබියව පියනඟනු ඇත. අප රටේ තත්ත්වය දෙස අවධානය යොමු කිරීමේදී පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොයෙක් ගැටලු හා කරදර ඇති වනු ඇත. දේශපාලන ලෝකය තුළ නොසිතූ නොපැතූ හැලහැප්පීම් ඇති වෙයි. උද්ඝෝෂණ, උපවාස, වැඩ වර්ජන ඇතිවන කාලසීමාවකි. රට තුළ සිදුවන මංකොල්ල හා මිනීමැරුම් හා දුරාචාර ඉහළ යන අතර ඒවාට නීතිය ක්‍රියාත්මක වනු ඇත. රථවාහන අනතුරුවල කැපීපෙනෙන වැඩිවීමක් සිදුවනු ඇත. ආහාරපානවල මිල ඉහළ යනු ඇත. කෙසේ වෙතත් මෙම ග්‍රහ මාරුව හා ග්‍රහ සටනින් සිකුරු ජය ගැනීම, විවාහ මංගල කටයුතු, නව නිවාස ඉදිකිරීම්, ප්‍රේම සම්බන්ධතා, විසිතුරු භාණ්ඩ හා රෙදි පිළි කර්මාන්තයට ඉතාම සුබ දායක වනු ඇත.
සිකුරු මහ දශා හා අතුරු දශා, විදශා ගත කරන අයට මෙම ග්‍රහ මාරුව ඉතාම යහපත් විය යුතුය. ලග්න වශයෙන් ගත් කල මේෂ, සිංහ, වෘශ්චික, ධනු, මීන යන ලග්නවලට සුබ ප්‍රතිඵලත් වෘෂභ, මිථුන, කටක, කන්‍යා, තුලා, මකර, කුම්භ යන ලග්නවලට මිශ්‍ර ප්‍රතිඵලත් ඇතිවනු ඇත. මෙම ග්‍රහ මාරුවේ ග්‍රහ අපල සඳහා මස් මාංස අනුභවයෙන් වැලැකී ශනිදා හා සිකුරාදා දිනවල බෝධි පූජා පැවැත්වීමත්, පත්තිනි මෑණියන්ටත්, විෂ්ණු දෙවියන්ටත් පින් අනුමෝදන් කිරීමත් යහපත් වනු ඇත.
මේෂ ලග්නය
සිකුරු මාරුවත් සමඟින් ඔබට පින්වත් දරුවන් ලැබීමේ වාසනාව හිමි වනු ඇත. සිකුරු හා බුධ 9 වැන්නේ යෝග වෙයි. පෙර පින පෑදෙන කාලයකි. පවුලේ හෝ හිතවතකුට ඇතිවන අසනීප තත්ත්වයන් නිසා ඔබට බොහෝ කාලය, ශ්‍රමය, ධනය ඒ වෙනුවෙන් ගත කිරීමට සිදුවනු ඇත. පසුගිය දිනවල පැවැති බාධා යම් පමණකට ඉවත් වෙයි. තනතුරු ලාභ ලැබෙයි. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලුතින් අරඹන කටයුතු මේ කාලයේ සාර්ථක වෙයි. එසේම මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. හිතේ ඇතිවන මානසික අසහනය දුරු වෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ.
වෘෂභ ලග්නය
සිකුරු හා බුධ 8 වැන්නේ යෝග වීම එතරම් සුබ දායක නැත. මෙම කාලයේ නෑයෙක් හෝ හිතවතුන් සමඟ අමනාප වීමට ඉඩ ඇත. බලාපොරොත්තු වූ ණයක් ලැබෙයි. කාර්යබහුල කාලයකි. සහෝදරයන්ට අසුබ වෙයි. කෙටි ගමන් බිමන් නම් අධික වෙයි. විමසිලිමත් වීම වැදගත්. අනතුරුවලට ලක්විය හැකියි. සහෝදරයන්ට අසුබ වෙයි.
මිථුන ලග්නය
සිකුරු 7 වැන්නට පැමිණේ. මෙම සිකුරු මාරුව සමඟ ඔබට විවාහ වාසනා උදා වනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපොළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. යාන වාහන මෙන්ම විසිතුරු දේවල් හිමි වන කාලයකි. එසේම බිරියගේ පාර්ශ්වයෙන් දායාද හිමි වනු ඇත. පපුවේ සෙම් අමාරු හා ලේ සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය. රෝහල් ගත වීමේ අවදානමකුත් තිබේ. සෙම් රෝග බහුල වන අතර යුග දිවි සමඟියට සුබදායක වනු ඇත.
කටක ලග්නය
ලග්නයෙන් 6 වැන්නේ යෝග වන සිකුරු හා බුධගේ ග්‍රහ ගෝචරය නිසා පසුගිය දිනවල පැවැති බාධා යම් පමණකට ඉවත් වෙයි. තනතුරු ලාභ ලැබෙයි. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලුතින් අරඹන කටයුතු මේ කාලයේ සාර්ථක වෙයි. එසේම මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. සිතේ ඇතිවන මානසික අසහනය දුරු වෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ. පවුලේ හෝ හිතවතකුට ඇතිවන අසනීප තත්ත්ව නිසා ඔබට බොහෝ කාලය, ශ්‍රමය, ධනය ඒ වෙනුවෙන් ගත කිරීමට සිදුවනු ඇත.
සිංහ ලග්නය
5 වැන්නේ යෝග වන සිකුරු හා බුධ ග්‍රහ ගෝචරය ඔබට සුබ දායක වනු ඇත. ඔබට පින්වත් දරුවන් ලැබීමේ වාසනාව හිමි වනු ඇත. ඔබගේ සමාජ පිළිගැනීම ප්‍රසිද්ධිය හා කීර්තිය ඉහළ යනු ඇත. විවාහ ජීවිතයේ පැවැති කරදර හා බාධා මෙම කාල සීමාව තුළ පහව යනු ඇත. හදිසි ගමන් බිමන් යෑමට නිතර අවස්ථාව සැලැසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන්ද යෙදීමට ඉඩ ඇත. ශරීර සැප ලැබීම් හා විවාහ වාසනා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයකුට අපලතා පෙනේ.
කන්‍යා ලග්නය
සිකුරු හා බුධ ඔබගේ ලග්නයෙන් 4 වැන්නේ යෝග වන මෙම කාලය ධන සම්පත් ඉහළ යන කාලයකි. නව නිවාස ඉදිකිරීම් හා ඉඩම් මිලදී ගැනීමට ඉතා යහපත් කාලයකි. මෙතෙක් කාලයක් අඩාලව පැවැති යම් කාරණා ඉටු වන කාලයකි. විවාහ අපේක්ෂිත අයට විවාහ වාසනා ඇති වීමට ඉඩ ඇත. සහෝදරයකුට අපල පෙනේ. ලැබීම් නොසිතූ ලෙස ඉහළ යන කාලයකි. දේශපාලනයේ නිරත අයට සුබදායක වනු ඇත.
තුලා ලග්නය
ඔබගේ තුලා ලග්නයේ ලග්නාධිපති සිකුරු 3 වැන්නේ ගමන් කිරීමෙන් අය පක්ෂය ඉහළ යනු ඇත. සතුරු කරදරයකින් ජයගත හැකිය. බලාපොරොත්තු වූ ණය මුදලක් ලැබීමටද හැකියාව ඇත. මුත්‍රා අමාරු හෝ සෙම් රෝග ඇතිවීමට ඉඩ ඇත. ඔබට මෙම කාලය මිශ්රඵල දායක වෙයි. අසනීපවලින් යම් සුවයක් අත්වෙයි. ගෘහ ජීවිතය තුළ අය පක්ෂය ඉහළ යනු ඇත.
වෘශ්චික ලග්නය
සිකුරු හා බුධ ඔබගේ ලග්නයෙන් 2 වැන්නේ ගමන් කිරීම ඔබට සුබ දායක වනු ඇත. හදිසි ගමන් බිමන් යෑමට නිතර අවස්ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන් ද යෙදීමට ඉඩ ඇත. ඇස්වහ කටවහ දෝෂ හට ගැනීමේ ප්‍රවණතාවක් ඇත. රෙදිපිළි හා වස්තු ලාභ ලැබෙන කාලයකි. ශරීරයේ අලංකාරයට අවශ්‍ය දේ මිලදී ගැනීමට අවස්ථාව ලැබෙන අතර නමුත් මෙම කාලයේදී ප්‍රනීත රසමුසු ආහාරද එතරම් නොලැබීමේ හැකියාව පවතී.
ධනු ලග්නය
සිකුරු ඔබගේ ලග්න භාවයේ ගමන් කරන මෙම කාල සීමාව ඔබට බෙහෙවින් සුබදායක වනු ඇත. ඔබගේ මංගල කටයුතු ඉටු වනු ඇත. එසේම දරුවන් බලාපොරොත්තු ඔබට පින්වත් දරුවන් ලැබෙනු ඇත. නමුත් මේ කාලයේදී තම ශරීර සෞඛ්‍ය ගැන විමසිලිමත් වීම වැදගත්. විශේෂයෙන් අහුවෙන්නේ නැති ලෙඩ හැදෙන්න පුළුවන්. ඒ නිසා සුබ වගේම අසුබ ඵලත් ලැබෙනවා. මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. නමුත් ආදායම් තත්ත්වය වර්ධනය වේවි. සමාජ සේවා පොදු කටයුතුවලින් ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. පරම්පරාගත දේපොළ වාසි හිමිවෙයි.
මකර ලග්නය
සිකුරු හා බුධ 12 වැන්නේ ගමන් කරන මෙම කාල සීමාව තුළ රැකියාවේ උසස් වීම් වගේම වෙනස්වීම්ද බලාපොරොත්තු විය හැකිය. නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ රැකියාවේ පාඩු සිදු විය හැකිය. සේවක ගැටලු හා ගෘහ නිර්මාණයකට සම්බන්ධව ගැටලු පැනනැඟීමට හැකිය. වා, පිත් සම්බන්ධ රෝගාබාධ හට ගැනීමට අවස්ථා ඇත. ස්වයං රැකියාවල නිරතවන්නන්ට සුබදායකය. රෝගවලට හරියට ප්‍රතිකාර නොගතහොත් ඒවායේ සුවය ප්‍රමාද වනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායකය.
කුම්භ ලග්නය
11 වැන්නේ සිකුරු ගමන් කරන මෙම කාලයේ ආදායම් තත්ත්වය සුබදායක වෙයි. සතුරු කරදර ඇති වන අතර රෝග පීඩා හා අස්ථාන බිය ඇති වනු ඇත. රැකියාවේ උසස්වීම් බලාපොරොත්තු විය හැකිය. පවුල් ජීවිතය යහපත් වන අතර තැන්පත් ආදායම් තත්ත්වයද ඉහළ යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපොළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වෙයි. තරග විභාගවලින් ජය හිමි වනු ඇත.
මීන ලග්නය
ඔබගේ ලග්න භාවයෙන් 10 වැන්නේ යෝග වන සිකුරු හා බුධ ඔබට සුබදායකයි. රැකී රක්ෂා කටයුතුවල හා නව රැකියා බලාපොරොත්තු වන අයට ඒ සඳහා අවස්ථා උදා වනු ඇත. රැකියාවේ අනාගතයට සාර්ථක අවස්ථා ඇතිවිය හැකිය. එදිනෙදා කටයුතුවලදී යම් ආවේගශීලී තත්ත්වයක් දක්නට ලැබේ. උසස් කෙනකු හෝ අසල්වාසීන් සමඟ අමනාප වීමට ඉඩ ඇත. දරුවන්ගේ කටයුතු වර්ධනය වන අතර සමාජයේ පිළිගැනීම ඇතිවන අතර ඔබට අසල්වැසියන්ගෙන් නම් පොඩි පොඩි බාධා ඇතිවිය හැකියි.
Wmqgd .ekSu u