iranama
මැණික් පළදින්නේ ප්‍රවේශමෙන්
මෙලොව ජීවත් වන අප සෑම සියලු දෙනාම දුකක්, කරදරයක්, අසනීපයක් නොමැතිව සතුටින් ජීවත් වීමට ආශා කරමු. මෙලොව ජීවිතයේ අමිහිරි පැත්තට නැඹුරු වන සිදුවීම් අප බොහෝ විට ග්‍රහ අපල නිසා ඇතිවන බව පිළිගැනේ. මෙම භෞතික සමාජය තුළ කොතරම් ධන ධාන්‍ය සම්පත්වලින් පිරිපුන් ජීවිතයක් ලැබුවත් යම්කිසි පීඩාකාරී බලවේගයන් නිසා අසතුටින් සහ අපේක්ෂා භංගත්වයෙන් දිවි ගෙවන අය වර්තමාන සමාජය තුළ බහුලව දක්නට ලැබේ.
මෙසේ මිනිසාට අත්විඳින්නට වන හිරිහැර බාධක සහ පීඩාවන් පෙර ආත්මයන්හි කරන ලද අකුසල කර්මයන් සහ මෙම ආත්ම භවයේදී සිදු කරන ලද අකුසල කර්මයන්ගේ විපාකයන් ලෙස හැඳින්වෙතත් මෙම අහිතකර වූ පීඩාවන්ට නිශ්චිත හේතුවක් හඳුනා ගැනීමට නොහැකි වන අතර මෙම නොවිසඳෙන ගැටලු විස¹ ගැනීම සඳහා මිනිසුන් යම් යම් ගුප්ත බලවේගයන්ගේ පිහිට පතති.
මෙම ගුප්ත බලවේග අතරට මැණික් පැළඳීමද අනාදිමත් කාලයක සිට ජනප්‍රියව පවතී. ජ්‍යෙdතිර් රත්න විද්‍යා වේදයේ භාවිතා කරනු ලබන මැණික් ඒවායේ නම් අනුව ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ යනුවෙන් නම්කර තිබේ. මැණික්වල එම වර්ගීකරණය පහත සඳහන් පරිදි වේ.
ආපෝ ගුණය - දියමන්ති හා මුතු
තේජෝ ගුණය - රතු මැණික් හා රතු කොරල්
වායෝ ගුණය - නිල් මැණික්
පඨවි ගුණය - එමරල්ඩ්
ආකාශ ගුණය - පුෂ්පරාග
මනුෂ්‍යයාද මෙම පංච භූත ශක්තීන්ට යටත් හෙයින් මැණික්වල ඇති විවිධ ගුණ මිනිසාට විවිධාකාරයෙන් බලපායි. එම නිසාවෙන් මෙම මැණික් පැළඳීම ඉතා සුපරීක්ෂාකාරීව කළ යුතු වන අතර එසේ නොමැති වුවහොත් ඒවායේ අනිටු ඵල විපාක අත් විඳින්නට සිදු වේ.
මැණික් සහ ග්‍රහ තාරකාවන් අතර කිසියම් සම්බන්ධතාවක් ඇති බව සොයාගෙන ඇති අතර ග්‍රහ තාරකාවන්ගෙන් මිනිසාට ඇතිවන බලපෑමට අනුකුලවූ බලපෑමක් මැණික්වලින්ද ලැබෙන බව පර්යේෂණවලින් සනාථ කරගෙන තිබෙ.
මැණික් යනු දීර්ඝ කාලයක් තිස්සේ පොළොව තුළ රසායන විපර්යාසවලට ලක්ව නිර්මාණය වූ විශ්මිත ශක්ති කදම්භයක් ඇති පාෂාණ විශේෂයකි. මිනිසා සිය ශරීරය වටා පවතින ග්‍රහ මණ්ඩලය හා අන්තරීක්ෂ කිරණ කදම්භය අතර තිබෙන අසමතුලිතතා සමනය කිරීමට මැණික් පැළඳීම සිදු කරයි.
එමනිසා මැණික් පැළඳීමේදී තමාගේ ජන්ම පත්‍රය පරීක්ෂා කර බලා තමාට ශුභ ග්‍රහයන්ගේ කිරණ අවශෝෂණය කර ගැනීමෙන් අශුභ ග්‍රහ කිරණ දුර්වල කර ගැනීමටත් හැකි අයුරින් මැණික් පැළඳීම කළ යුතුයි.
මැණික් තමා නියෝජනය කරන ග්‍රහයාගේම ගුණ ප්‍රකට කරන බැවින් අපල කරන ග්‍රහයා නියෝනජය කරන ග්‍රහයාට අදාළ මැණික් පැළඳීම තුළින් එම අපලය තවත් තීව්ර කරනු ඇත. මෙය ක්‍රිෂ්ණමූර්ති තුමන් හඳුන්වාදී ඇත්තේ දියවැඩියා රෝගියෙකුට සීනි හැන්දක් දැමූ තේ කෝප්පයක් දීම හා සමාන ලෙසටය. එසේම ශුභ ග්රහයෙකුට එනම් ලග්නාධිපතිට යෝග කාරක ග්‍රහයා තමාගේ ජන්ම කේන්ද්‍රයට අනුව 22 වැනි දෙර්කාණාධිපති එසේ නැතිනම් 64 වැනි නවාංශකාධිපති බාධක ග්‍රහයා වන්නේ නම් එම ග්‍රහයාට අදාළ මැණික් පැළඳීමෙන් ශුභ ඵල වෙනුවට අශුභ ඵල උදාකරනු ඇත.
ග්‍රහ අපලවලට මැණික් පළඳින බෙහෝමයක් දෙනා අපේක්ෂා භංගත්වයට පත්ව සිටිනු දක්නට ලැබේ. ඊට හේතුව නම් එක් එක්කෙනා තමන්ගේ හිතු මනාපයට මැණික් නිර්දේශ කරන්නට යැමය. එය නිවැරැදිව ජන්ම පත්‍රය පරීක්ෂා කරවා විද්‍යාත්මක පදනමක පිහිටා කළ යුත්තකි. මෙසේ ජ්‍යෙdතිර්වේදයේ මැණික් නිර්දේශ කිරීමේ ක්‍රම ගණනාවක් වේ. එම ක්‍රමවේද අතරින් කිහිපයක් මෙසේය.
1. සූර්ය මාස ක්‍රමය අනුව උපන් මාසයට මැණික් පැළඳීම
2. ජන්ම ලග්නයට අධිපති ග්‍රහයාට මැණික් පැළඳීම
3. උපන් නැකත නියෝජනය කරන ග්‍රහයාට අනුව මැණික් පැළඳීම
4. උපන් දවස නියෝජනය කරන ග්‍රහයාට අදාළ මැණික් පැළඳීම
5. දෛව අංකයට අනුව මැණික් පැළඳීම
6. ගතකරන දශාව අධිපති අනුව මැණික් පැළඳීම
7. ජන්ම කේන්ද්‍රයේ ශුභ කාරක ග්‍රහයන් ප්රමුඛකොට මැණික් පැළඳීම
8. රෝගවලින් මිදීම සඳහා මැණික් පැළඳීම
9. රැකියාව හෝ වෘත්තියට අනුව මැණික් පැළඳීම
10. ගැටලුවලින් මිදීම සඳහා මැණික් පැළඳීම
11. අපල කාරක ග්‍රහයා අනුව මැණික් පැළඳීම
12. යෝග කාරක ග්‍රහයාට අනුව මැණික් පැළඳීම
13. පංච මහා භූතයන්ට අනුව මැණික් පැළඳීම
14. ඉෂ්ඨ දේවතාවන්ට අනුව මැණික් පැළඳීම
15. පාලන දේවතාවාට අනුව මැණික් පැළඳීම
මෙවැනි ක්‍රමවේද කොතෙක් තිබුණත් ජන්ම පත්‍රයක් විමසීමේදී ජන්මියාගේ ගැටලුව නිරාකරණය වන ආකාරයේ සුදුසු ක්‍රමවේදයක් අනුගමනය කරමින් නිර්දේශ සිදුකළ යුතුය.
මේ අනුව කේන්ද්‍රගත පිහිටීම්වලට අදාළ ග්‍රහයන්ගේ බලය ශක්තිමත් කිරීම සඳහා ගල් පැළඳිය හැකිය. නීච, සතුරු, අසත හෝ බාධක ආදී අශුභ පල තවත් වර්ධනය කිරීමට හේතු වේ. කේන්ද්‍ර, ත්‍රිකෝණ අධිපතීන්, ආත්මකාරක, යෝග කාරක, අධිපතීන් මෙන්ම දුර්වල වූ ශුභ ග්‍රහයන් බලවත් කළ යුතු වේ. මේ නිසා ශුභ ග්‍රහයන්ගේ බලය ශක්තිමත් කළ යුතු අතර අශුභ හෝ නීච භාවයක සිටින ග්රහයෙකුගේ බලය උත්තේජනය කිරීම සඳහා මැණික් භාවිත නොකළ යුතුය. ග්‍රහ අපල නොමැති වුවද යම් පුද්ගලයකුගේ අනාගත ජීවිතය යහපත් කර ගැනීම සඳහා යෝග කාරක සහ ආත්ම කාරක ග්‍රහයන් වෙනුවෙන් මැණික් පැළඳීම ශුභ වේ.
අපල දුරු කර ගැනීමට මැණික් ගල් තෝරා ගැනීමේදී ඒවායේ ස්වාභාවික ගුණය අත්‍යවශ්‍ය වේ. කෘත්‍රිම ලෙස ඔප්නංවන ලද කවර මැණික් වර්ගයන් වුවද මහ පොළොවෙන් ලබාගත් ස්වාභාවික මැණික්වල සංයුතියට සමාන නොවන බැවින් ඒවා පැළඳීමෙන් කිසිම ප්‍රතිඵලයක් නොලැබෙනු ඇත. එමෙන්ම ඉරි, පලුදු, තිත්, බොඳ වූ පැල්ලම් ආදී අයහපත් ලක්ෂණයන්ගෙන් තොරවූ දෝෂ රහිත මැණික් තෝරාගත යුතුය. එමෙන්ම කිරණ ධාරාවන් පහසුවෙන් ආකර්ෂණය කර ගැනීම සඳහා ගලෙහි කැපුම් සහ ඔපමට්ටම් කර ඇති ආකාරයද උසස් මට්ටමක පැවතීම අත්‍යවශ්‍ය වේ. එය ශරීරයේ ස්පර්ශ වන ආකාරයෙන් පැළඳිය යුතුය. එක් වරකට මැණික් ගල් 2 කට වඩා භාවිත නොකළ යුතුය. එකිනෙකට ප්‍රතිවිරුද්ධ ග්‍රහයන් වෙනුවෙන් එකවර ගල් පැළඳීමද නොකළ යුතුය. ඒ ඒ ග්‍රහයා සඳහා නියම වූ මැණික් වර්ග
රවිට - පද්මරාග
සඳුට - මුතු ඇට
කුජට - රතු කැට
බුධට - එමරල්ඩ් / පච්ච
ගුරුට - පුෂ්පරාග
සිකුරුට - දියමන්ති
ශනිට - නිල් මැණික්
රාහු හා කේතු සඳහා ගෝමේද හා වෛරෝඩි ද ගනු ලැබේ.
මැණික් ගල් පැළඳීමට අවශ්‍ය ග්‍රහයා නිවැරැදිව හඳුනා ගැනීම ඉතා වැදගත්ය. අනවශ්‍ය ග්රහයෙකු බලවත් කිරිම ළින් අනපේක්ෂිත විපාක ඇතිවීම ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබාගත යුතු වේ. සමහර විටක යම් ජන්මියෙකුගේ කේන්ද්‍රයක කිසිදු ග්රහයෙකු බලවත් කිරීමට නොහැකි වන අවස්ථා නැතිවා නොවේ.
මේ අනුව මැණික් භාවිතය ඉතාම නිවැරැදිව කළ යුත්තකි. එය සංකීර්ණ කාර්යයකි. එම නිසා සුදුසුකම් ඇති අයෙකු ලවා ජන්ම පත්‍රය නිවැරැදිව පරීක්ෂා කරවා ගෙන එම නිර්දේශ අනුව ක්‍රමවත් ලෙස මැණික් පැළඳීම තුළින් පමණක් යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත. වැඩි විස්තර 077-1268646 අංකයෙන් නොමිලේ ලබාගත හැක.
ජ්‍යෙතිෂවේදිනී
තුෂාරා වික්‍රමසිංහ
මීගමුව, දාගොන්න
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks