iranama
මාර්තු 7 සිකුරු මාරුවෙන් ලග්න 9කට සුබ පල
ශුක්‍ර හෙවත් සිකුරු ග්‍රහ තාරකාවිය 2016 මාර්තු මස 7 වැනි සඳු දින රාත්‍රි 9.08 (21.08)ට සෙනසුරුට අයත් කුම්භ රාශි ගතවෙයි. සිකුරුට එක් රාශියක් පසු කිරීමට සාමාන්‍යයෙන් මාසයක පමණ කාලයක් අවශ්‍ය වේ. නමුත් එක රාශියක් තුළම වක්‍ර, නිවෘත (පසු පසට හා ඉදිරියට) දෙකම සිදුවන විට මාස දෙකක් හෝ දෙකහමාරක පමණ කාලයක්ම එම රාශියේ එහාට මෙහාට ගමන් කරයි.
සිකුරු වක්‍ර ගමනේ යෙදෙන්නේ සාමාන්‍යයෙන් වසර එකහමාරත් දෙකත් අතරදීය. ගුරු ග්‍රහයා මෙන් සිකුරු ග්‍රහ තාරකාවියද ගෝචර ගමනේ විපාක ගෙන දෙනුයේ රාශියේ මැද හරියේ ගමන් කරන දවස්වලදී බව ඍෂීන් පවසා තිබේ.
සිකුරුගේ මෙම ග්‍රහ චලිතය 2016 අප්‍රේල් 1 වැනි කිවි දින අලුයම 03.25 දක්වා පවතින අතර එම මෙහොතේදී සිකුරු තම උච්ච රාශිය වන ගුරුට අයත් මීනයට ඇතුළු වේ. සිකුරුගේ කුම්භ රාශි ගමන ඔබේ ලග්නයට බලපානුයේ මෙලෙසිනි.
මේෂ ලග්නය
ඔබේ කේන්දරයේ 11 වැන්නට සිකුරු පිවිසේ. ආදායම් තත්ත්වය උසස් වේ. ලාභ ප්‍රයෝජන ලැබෙන මාර්ග විවර වේ. හදිසි මිල මුදල් ලාභ හෝ භූමි ලාභ හිමිවේ. අනුන්ගෙන් තෑගි බෝග හිමිවන අතර විනෝද ගමන් යෑමටත් කලා කටයුතුවලටත් සිත ඇදී යනු ඇත. වාසනාවන්ත කාලයකි.
වෘෂභ ලග්නය
ඔබේ කේන්දරයේ 10 වැන්නට සිකුරු පැමිණෙයි. මෙය සුබ හා අසුබ පල ගෙන දෙන කාලයකි. වියදම් අධිකව යෙදේ. නමුත් වටිනා මුතු, මැණික් හා රන් රිදී ආභරණ හිමි වීමේ වාසනාවද පෙන්නුම් කෙරේ. අලුතින් ආරම්භ කරන රැකියා, වෙළෙඳ ව්‍යාපාර හා ගොවිතැන් කටයුතුවල දියුණුවක් ඇතිවේ. සතුරන්ගෙන් හා ඊර්ෂ්‍යාකාරයන්ගෙන් කරදර ඇති වීමට ඉඩ ඇත. ස්ත්‍රීන් නිසා ගැටලු ඇති විය හැකි බැවින් ප්‍රවේශම්වන්න.
මිථුන ලග්නය
සිකුරු ඔබේ කේන්දරයේ නව වැන්නේ ගමන් කරයි. දේව භක්තිය වැඩිවේ. ආගමික කටයුතුවල නිරත වීමට සිත්දෙයි. යහපත් ගති ගුණ මතුවන අතර ධාර්මික සිතිවිලි පහළ වේ. උත්සාහයන්ගෙන් යහපත් ප්‍රතිඵල නෙළාගත හැකිය. දියුණුවට මංපෙත් විවර වේ. රැකී රක්ෂා කටයුතු උසස් තත්ත්වයකට පත්වේ. ගොවිතැන් හා වෙළහෙළ
Wmqgd .ekSu u