iranama
මහ බඹා කොටා මාරුවෙන ග්රහයෝ
බොහෝ තරුණයන් යුග දිවියක් ඇරැඹීමට අදහස් කරන්නේ යශෝධරාවක් සමගය. තරුණියක් බලාපොරොත්තු වන්නේ තමා සිටිනවාට වඩා ඉහළින් සිටීමට හැකි අයෙකු සමග එක්වීමටය. බලාපොරොත්තු අහස උසට වුවත් එක්වනවා නම් එක්වන්නට සිදු වන්නේ පතාගෙන එන හැටියටය. එය මේ ආත්මයේ පැතුමක් නොවිය හැකිය. සංසාරික පැතුමකි. අපි උපදින ආත්මයක් පාසා එක්වෙමු යෑයි පතන ලද පැතුමක්ද විය හැකිය. මෙම එක් වීමේදී පෙර ආත්මයේ ණය ගෙවීමක්ද විය හැකිය. වෛරයක් පිරිමසා ගැනීමක්ද විය හැකිය. තීරණය සංසාර චක්රයේ කරන ලද පින් පව් අනුවම සිදු වේ.
මුවදෙනක්, කිඳුරියක් නුවණැති ගෘහණියක් වගේම රාජ දේවියක් වැනි ආත්ම ගණනාවක් ලෙස බෝසතාණන් වහන්සේ පසුපස පැමිණියේ යශෝධරාවයි. ඒ සංසාරික පැතුමක ආනුභාවයෙනි. එම ආත්මයන්හිදී වුවද වෙන්වීමට සිදුවූ අවස්ථාවන් බොහෝය. එමෙන්ම රාජ සම්පත් අතහැර දුක් විඳිමට සිදුවූ අවස්ථාවන්ද තිබේ. ඒ අෂ්ටලෝක ධර්මය පිළිබඳ උපේක්ෂාවෙන් බලා අරමුණක් ඇති බෝධිසත්වයෝ කටයුතු කර ඇත. අරමුණක් නොමැතිව සෙවණැල්ල සේ ඉන්ද්ර