iranama
මල්වර වයසේ දියණියන්ට විශේෂිතයි
කුඩා දියණිය 'මල්වර වූ පසු' ඇය ''ලොකු ළමයෙකි' නැතහොත් 'ගැහැණියකි' ඒ නිසා ගැහැණු දරුවෙක් මල්වරවීම ඉතාම වැදගත් අවස්ථාවකි. සුන්දර බොළඳ විය ඉක්මවා ජීවිතයේ වගකීම් දරන්නට නැතහොත් ''තැන්පත්'' වන්නට අවස්ථාව මේ මල්වර වීම හෙවත් ''ලොකු වීම'' සැලකේ. ගැහැණු දරුවාගේ 'දෙවන උපත' මේ මල්වර වීමයි. ඒ නිසා මේ මල්වර වීම ඉතාම වැදගත් මංසන්ධියක් සේ සැලකීම සුදුසුය. මේ අවස්ථාව ඇයට මෙන්ම දෙමාපියනට ද වැදගත්ය.
මල්වරවීම සහ මල්වර චාරිත්‍ර මොනවාද? යන්න බොහෝ ලිපි සහ ග්රන්ථ මඟින් විස්තර කර ඇත. එහිදී වැදගත්වන කරුණු මොනවාද යන්න සෑම කාන්තාවකම පාහේ දන්නා කරුණුය. එහිදී අමතක වන දේ අතර මල්වර වන දියණියගේ පියාට ඇති වගකීම සහ කාර්යභාරය සුවිශේෂි ය. අනෙක් කටයුතු සහ මංගල කටයුතුවලදී මෙන් නොව 'මල්වර මංගල්‍යයේදී' මුල් ස්ථානය ගන්නේ ස්ත්‍රී පාර්ශවයයි. එතනදී 'පුරුෂ ආධිපත්‍යය' ඉබේටම ගිලිහී යනවා ඇත. දියණියක මල්වර වූ බව දැනගත් අවස්ථාවේ සිට නිවසේ පිරිමින් විශේෂයෙන්ම පියා (අප්පච්චි) ඒ කටයුතුවලින් ඉවත් කිරීමට කාන්තාව වගබලා ගනී. මල්වර දියණියගේ 'මල්වර නැකත' සාදා ගැනීමට ද යන්නේ කාන්තාවන්ය. ජ්‍යෙdතිෂයේ එන එක්තරා ආකාරයක සුවිශේෂී සිදුවීමක් ලෙස 'මල්වර නැකැත්' සෑදීම ගත හැක. බොහෝ අවස්ථාවල (මල්වර වීම හැර) ජ්‍යෙdතිෂ මහතා හමුවන්නට යන්නේ තනි පුද්ගලයෙකි. ඉනුත් ගෘහ නැකැත් පොරොන්දම් මංගල නැකැත් ආදිය සෑදීමට යන්නේ පුරුෂයන් ය. ඒත් මල්වර නැකැත් සාදන්නට යන්නේ කාන්තාවන්ය. එයද තනිව නොවේ. තවත් කාන්තාවක් සමඟය. එසේම මල්වර නැකැත් සාදන්නට බුලත් අතක් දෙන්නේ 'සුදුමල්' කිහිපයක් ද සමඟිනි. මේ අවස්ථාවට පිරිමින් සහභාගි නොවේ. එතැනින්ම ඉවත් වු පියා නැවත හමුවන්නේ දැරිය ස්නානය කළාට ද පසුවය. 'ලොකු දොaණිට අප්පච්චිගෙන් කරදරයි ද'' මාතෘකාව ලෙස යොදාගන්නේ මේ සිදුවීම මුල් කරගෙනය.
දියණිය මල්වර වූ පසු ඇය කාමරයක කොටු කරනු ලැබේ. ඒ කාමරයට යා හැක්කේ ස්ත්රීන්ට පමණි. කෙතරම් හුරතල් කළද, ආදරය කළද පියාට ඒ කාමරයට යාම පමණක් නොව දියණිය සමඟ කතා කිරීම පවා තහනම්ය. පියාට පමණක් නොව කුඩා පිරිමි ළමයකුට පවා ඒ කාමරය 'තහනම් අඩවියක්' කොටින්ම දැරිය ස්නානය කරවන තුරු 'පිරිමි පුළුටක්' ඇස ගැටීම මහා පාපයකි, වරදකි. මෙහි ඇත්තේ කුමක් ද? දියණියක මල්වරවීම වැදගත් අවස්ථාවක් බව සත්‍යයකි. එත් ඒ අවස්ථාව පියාට වැදගත් නොවේද? දියණිය හා පියා වෙන් කළ යුතුද? පියාගෙන් දියණියට අපල ඇතිවේද? නැතහොත් පිරිමියකු දුටු පමණින් ඇයට තනිකම් දොaෂ නැතහොත් කළු කුමාර දොaෂය ඇතිවේද? මෙය වැරදි අදහසකි.
පිරිමින් ඉදිරියේ මල්වරවීම 'මල්වර දොaෂයක්' ලෙස ඇතැමුන් පෙන්වා දෙන්නට උත්සාහ කළ ද එහි සත්‍යයක් නොමැත. වර්තමානයේ ලංකාවේ ඇත්තේ (බොහෝ දුරට) මිශ්‍ර පාසල්ය. එසේම වැඩි පිරිසක් ළමුන් පාසල් යන්නේ බස් රථයෙන් හෝ පාසල් වෑන් රථයෙන් හෝ පියා පදවන වාහනයෙනි ඒ නිසා මල්වරවන දැරියන්ගෙන් වැඩි දෙනකු මල්වරවන්නේ පාසල් භූමිය තුළදී හෝ අතරමගදීය. එසේනම් ඒ සියලුම දෙනාට මල්වර දොaෂ හෝ කළු කුමාර දොaෂ ඇතිවිය යුතුය. මෙය සත්‍ය කරුණු වරදවා වටහා ගැනීමක් පමණි. නිවසකදී වුවත් පිරිමින් ඇසුරේදි දැරියක මල්වර වුවායෑයි දොaෂයක් ඇති නොවේ.
එසේනම් අප විස¹ ගත යුතු ප්‍රශ්නයක් ඇත. අතීතයේ සිටම දැරියක මල්වර වූ පසු ඇය වෙන්කර තබා පිරිමින්ට ඇස ගැටෙන්නට නොදෙන්නේ ඇයි? අතීතයේ දුරකථන තිබුණේ නැත. පරිගණක තිබුණේ නැත. රූපවාහිනි නිබුණේ නැත. එහෙත් වර්තමානයේ ඒ තත්ත්වය වෙනස්ය. බොහෝ දෙමාපියන් දැරිය මල්වර වූ පසු කාමරයක හුදකලා කොට ඇයට දුරකථනයක් හෝa පරිගණකයක් භාවිතා කරණට ඉඩදී 'පිරිමින්ට තහනම්' දැන්වීම අලවනු ලැබේ.
දැරියක මල්වර වූ පසු පුරුෂයන්ගෙන් ඈත් කිරීම කළ යුතුය. ඒ වෙනත් දොaෂ ඇතිවන නිසා නොව දැරියකට මල්වරවීමෙන් පසු තමා දැන් වැඩිවියට පත් දැරියක්' යන්න අවබෝධ කරදීම සඳහාය. මෙතෙක් පියාගේ තුරුලේ නිදියාගත්ත ද, පියාගේ උකුලේ නැලවුනාද 'මෙයින් පසු එය සුදුසු නැත' යන අදහස ඇයට දිය යුතුය. එසේ වීමෙන් ඇයට ඇයගේ ආරක්ෂාව පිළිබඳ අදහසක් ඇති කරවිය යුතුය. තමා දැන් පෙර මෙන් දුව පැන ඇවිදීම සුදුසු නැත. පිරිමින් සමඟ ඇසුර පෙරමෙන් 'සරල' දෙයක් නොව. තමා දැන් 'වැඩිහිටි' අයකු බව අවබෝධ කරගත යුතුය. වෙනදා මෙන්ම මේ කාලයත් දුව පැන ඇවිදිමින් සිටියේ නම් ඇයට මේ සිදුවීම උණක් හෙම්බිරිස්සාවක් වැනි සුළු සිදුවීමක් පමණි. එහෙත් දැන් ඇය වගකීම් දැරිය යුතු ආරක්ෂාකාරී යුතු තත්ත්වයක සිටින්නීය යන්න ඇයගේ සිතට දැනිය යුතුය. එසේ වන තරමට ඇයගේ අනාගතය සුරක්ෂිත වනවා ඇත.
පියා සමඟ හෝ සහෝදරයන් සමඟ කතා කළ පමණින් ඔවුන්ගේ රුව දුටු පමණින් ඇයට කරදරයක් අපලයක් සිදු නොවේ. ඒ අදහස ඇය තුලට ලබා දී ඇත්තේ ඇයගේ ආරක්ෂාව සමඟ අනාගතය පිළිබඳව වගකීම ඇයට සිතාගන්නට පමණි. එසේ නොමැතිව පිරිමියකු ඇස ගැටුණු පමණින් පිරිමියකු හා කතා කළ පමණින් ඇයට හෝ පිරිමින්ට කිසිදු අපලයක් සිදුනොවේ.
ජ්‍යෙතිෂවේදී එස්. වීරරත්න ශාස්ත්‍රවේදී
අංක 332, පොල්ගහමුල, කොළඹ පාර, පේරාදෙණිය.
Wmqgd .ekSu isxy,u.a fjí wvúh weiqfrks