iranama
මකරයේ ශනි-කුජ-සිකුරු සිටියොත් තොල් පාට කරනවා මිස වෙන වැඩක් නැත
ශනි, කුජ, සිකුරු, අප කවුරුත් දන්නා බලගතු ග්‍රහයන් වේ. බලගතුකම කියා දැන් වූවත්, ග්‍රහයින් එක් එක් අංශවලට බලවත් වේ. අප හඳුන්වන්නේ ග්‍රහ යෝගයක් ගැනයි. මොනවද මේ යෝග, ශනි, කුජ, සිකුරු යන ග්‍රහයින් තිදෙනාගේ බලය බලවත් කර පෙන්වීමට දශාවන්ගෙන්ද සහන ලැබේ. යම් කෙනෙකු උපතේදී මේ යෝගය ලග්නයේ පිහිටීමෙන් ඔවුන්ගේ කේන්ද්‍රයේ බලවත් භාවයක් ඇතිකර පෙන්වයි. ලග්නගතව කුජ ග්‍රහයා සිටීමෙන් නීතිගරුක භාවයත් එඩිතර භාවයත් කැපී පෙන්වයි. යම් කෙනෙක් නපුරු ගති ඇති සැර පරුෂ යැයි හැඳින්වුවත් ශනි සමඟ යෝග වීමෙන් විවාහය ප්‍රමාද වීමක් ද ඇති කරයි.
ශනි ග්‍රහයාගේ එකතුව ශනි මංගල යෝගය වශයෙන් හඳුන්වයි. නමුත් කුජගේ එඩිතර සැර පරුෂ ගති මර්දනය වීමත් මෙම ශනි - කුජ යෝගයෙන් සිදුවේ. දැනට හඳුන්වා ගෙන එන කුජ - ශනි - යෝගයට සිකුරු එකතුව ශනි, කුජ, සිකුරු, යෝගයක් සෑදේ. මෙම යෝගයේ ප්‍රතිඵල වශයෙන් තමන්ගේ කේන්දරයේ මොන යම් ස්ථානයේ හෝ මෙම යෝගය පිහිටා ඇත්දැයි බලමු.
ලග්නයේ ශනි කුජ සිකුරු යෝග වීමෙන් විවාහය බාධා කරයි. කලින් පැවති ශනි මංගල දෝෂයෙන් විවාහයට බාධා ඇතිකරන යෝගයෙන් විවාහය ප්‍රමාද කර විවාහය බාධක වශයෙන් හඳුන්වන්නේ විවාහය ප්‍රමාද වීමවත් විවාහය සිදුනොවීමත් නොවේ. විවාහයෙන් පසු ඇතිවන කරදරයි. බොහෝ විට හොඳින් කේන්දර ගැලපීමක් සිදු නොවුණේ නම් ඔහුට හෝ ඇයට විවාහ දෙකක් වීමට ඉඩ ඇත. ඔවුන්ට විවාහ ජිවිතය සම්බන්ධව හොඳ මානසික මට්ටමක් ඇති නොවේ. බොහෝ දෙනෙක් විවාහ වී සිටියත් වෙනත් අයගේ ඇසුර පතා විවාහය අවුල් සහගත කර ගනී.
මෙලෙස යෝගයේ ප්‍රතිඵල සඳහන් කළත් මකර ලග්න හිමියන්ට මෙම යෝගය ලග්නයේ පිහිටීමෙන්, ඒ අයට නිතර ගුප්ත ගති ඇති කරයි. නමුත් මනෝ ලෝකයේ ජීවත්වන්නකු මෙන් තමන්ගේ රූ සපුව ගැන සිතනවා විනා අන් අය ගැන නොසිතයි. සුවඳ විලවුන් ගල්වා ශරීරය පැහැපත් කෙරෙන්නේ නිතර අන් අයගේ සිත් තමන්ට ළංකර ගැනීමටයි.
මකර ලග්නය ගත් විට ලග්නාධිපති ශනි ලග්නයේ උච්ච කුජ ග්‍රහයා සමඟ යෝග වීමත් 5 වැන්නාධිපති 10 වැන්නාධිපති සමඟ යෝග වීමත් සමාජයට බොහෝ සිල්වත් පුද්ගලයකු වශයෙන් පෙන්වා හොර රහසේ අනියම් සබඳකම් ඇති කරගන්නේ කිසිවෙකුටත් අසුනොවන පරිදියි. අධික කාමාතුර හැඟීම් ඇති අය වශයෙන් හඳුන්වා දිය හැක.
නමුත් මේ කාලයේදී වුවත් චෝදනා නින්දා අපහාස ද ඇතිවේ. මෙවැනි අය විරුද්ධ ලිංගික ඇසුර වැඩිපුර අගේ කරයි. මෙවැනි අයට සිකුරු මහ දශාවේ රාහු අතුරු දශාව හෝ බුධ අතුරු දශාව පැමිණි කළ සිත සිල්වත් කර ගිහි ජීවිතය අත්හැර යෑමට තරම් සිතයි. 5 වැන්නේ ගුරු සිටියොත් බොහෝ විට බුද්ධිය දියුණු කර ගැනීමෙන් සිල්වත් භාවය ඇතිකර ගනී. කර්මස්ථානය අධිපති සිකුරු ශනි - කුජ සමඟ යෝගව සිට 5 වැන්නේ සිටින ගුරු දැකීමෙන් ධර්මය ඉදිරියේ බියසුළු ගතියක් දක්වයි. ඒ අය පන්සල් යෑමට කැමැති වුවත් යන්නේ අකමැත්තෙනි. සමහර විට අන් අයට හොරෙන් පන්සල් යයි. මෙවැනි ක්‍රියාකාරකම් දක්වන්නේ පුංචියට හෝ යටි සිතේ වැරදි ඇතිවීමෙනි.
ඔවුන්ගේ විවාහයට ද මෙවැනි බියගුළුකම් දක්වයි. සමහර අය විවාහ නොවී වැරදි මඟට යොමු වේ. ඒ නිසා මානසික ආතතියක් ඇතිවීමට ද පුළුවන. කුජ - සිකුරු එකට යෝගවීමෙන් ඇතිවන කාමුක හැඟීම් සෙනසුරු විසින් මර්දනය කර මානසික වැටීම් ඇතිකරයි. අප මෙවැනි දේ සඳහන් කළේ මකර ලග්න හිමි අයටයි. මේෂ ලග්න හිමි අයට මෙයට වඩා සම්පූර්ණ වෙනත් ප්‍රතිඵල පෙන්නුම් කරයි. විශේෂයෙන් මේෂ ලග්න හිමි අයට කුජ ග්‍රහයා බලවත්ව ලග්නයේ සිටීමෙන් සහ 2 වැන්නාධිපති 7 වැන්නාධිපති සිකුරු සහ 10 වැන්නාධිපති 11 වැන්නාධිපති ශනි සමඟ යෝග වීමෙන් (ශනී නීචව ඇත.) තරුණ ගැහැනු දරුවන් නොමඟ හැරීමට ඉතා ප්‍රබල යෝගයකි. පීතෘ ස්ථානය අධිපති ශනි නීචව ලග්නාධි සමඟ යෝගවීමෙන් පියාගේ අණසකට යටත් නොවන ගති ඇතිකරයි. විශේෂයෙන්ම ගැහැනු දරුවන්ට මෙය බලපාන්නේ 7 වැන්නාධිපති සිකුරු සමඟ යෝගවීම නිසයි. දෙමාපියන්ගේ අවවාද අනුශාසනා නොපිළිගන්නා හිතුවක්කාර ගති ඇතිවීමෙන් චරිතය හානිකර ගන්නේ අවලංගු කාසි මෙනි.
රාගාධික චරිත වන අතර, තනි මතයට වැඩ කරයි. පිරිමි අයටත් මෙම දෝෂ බලපාන්නේ වෙනත් ආකාරයේ චරිත මවාපාමිනි. අවි ආයුධ පරිහරණයට කැමැති හොඳින් හෝ නරකින් තම සිතුවිලි ඉටුකර ගන්නා අතර නමින් ප්‍රසිද්ධිය ලබයි. අධ්‍යාපනයට බාධක යෝගයක් වන අතර උගතුන්ට වඩා සමාජය අතරේ කැපී පෙනෙන චරිත වේ. මත්ද්‍රව්‍ය, සුරා සූදුව අගේකරයි. එවැනි අයට ස්ථිර විවාහය නැත. කාන්තාවන්ට වුවත් සාර්ථක විවාහයක් ගතකරන්නේ බොහොම කලාතුරකිනි. අනිවාර්යයෙන්ම දෙවන විවාහයකට යාමට සිදුවේ. තවත් සමහරෙක් විවාහ නොවී සිටීමට ද තීරණය කරයි.
මෙම ග්‍රහ යෝග පෙර ගෙන ආ කුසල අකුසල කර්මයන් මත පිහිටන අතර එවැනි අවස්ථාවල දෙමාපියන් ද එවැනි දෙයට සහභාගි වී ඇත.
තුලා ලග්න හිමියකුට මෙම යෝගය 7 වැන්නේ පිහිටීමෙන් ඔහු හෝ ඇය විවාහ වන්නේ වයස අවුරුදු 36 න් පසුවයි. විවාහ ජීවිතය සම්බන්ධ ගැටලු බොහොමයක් ඇතිවේ. වයස අවුරුදු 36 ට ප්‍රථම විවාහ වීමෙන් විවාහ ජීවිතය අවුල් වන අතර සාර්ථක විවාහ ජීවිතයක් ගතකිරීමට නොහැක. විශේෂයෙන් 7 වැන්නාධිපති 8 වැන්නාධිපති 7 වැන්නේ සිටීමත් 4 – 5 අධිපති සමඟ යෝගව සිටීමෙන් විවාහ නොවී සිටීමට බොහෝ විට ඉඩ ඇත. මෙවැනි අයට මවගෙන් ද විවාහයට බාධා ඇතිකරයි.
එවැනි අය විවාහයක් කරන්නේ නම් දශාව ගැන හොඳින් ගණනය කළ යුතු වේ. දශාවන් ගැන ගණනය කළ යුතු වන්නේ තරුණ වයසේදී සෙනසුරු මහ දශාව කාලය තුළ විවාහය සිදු වුවොත් තුලා ලග්න හිමියකුට නීච සෙනසුරු 7 වැන්නේ සිටීමෙන් එම දශා කාලය විවාහයට බාධා ගෙන දේ. සමහර විට 7 වැන්නාධි මාරක ස්ථානය අධිපති (8 වැන්න) සිකුරු සමඟ යෝගව 7 වැන්නේ සිටීමෙන් එම දශා අතුරු දශා කාලයන් තුළ තමන් විවාහ වන ස්වාමියාට හෝ බිරිඳට මාරක ඇතිකරයි. මෙම ග්‍රහයින් තිදෙනාගේ යෝගය විවාහස්ථානයේ පිහිටීම ඉතාම අශුභ යෝගයක් වශයෙන් හැඳින්වීමට පුළුවන. තවද ලග්නයේ සඳු සිට 7 වැන්න දැකීමෙන් විවාහ ජීවිතය දුක් කම්කටොලු අතරින් ගතකිරීමට සිදුවේ. දරුවන් ලැබීම ද තරමක් ප්‍රමාද වන බැවින් ඒ සම්බන්ධව ද සිත් පීඩා ඇතිකරයි.
විවාහ ජීවිතය අසාර්ථක වුවත් විවාහ සැප අඩුවුවත් සමහරෙක් විවාහ කීපයක් වීමට ද සිතන කාමාධික යෝගයක් ද වේ.
මෙම ග්‍රහ යෝගය සෞඛ්‍ය තත්ත්වයට ඉතාම හොඳ නැත. ජීවිතයේ මැද භාගයේදී වකුගඩු අසනීප ද ලේ සම්බන්ධව දුර්වලකම් ඇතිවීමෙන් දුක් විඳීමට ද සිදුවේ. තුලා ලග්න හිමියකුට මෙම ශනි, කුජ, සිකුරු යෝගය 4 වැන්නේ පිහිටීමෙන් භූමි ලාභ ඉඩකඩම් ලාභ ලැබීමෙන් ඉතා පොහොසත් වන අතර තද වර්ණයන්ගෙන් යුත් මැණික් ලැබීමේ හිමිකාරයන් වේ. සෙනසුරු මහදශා කාලයේදී ධනයෝගයකි. අන්සතු දේපළ ලැබීමට ද මව සතු දේපළ හිමි අයවන්නේ ද තුලා රාශියේ 4 වැන්නේ මෙම යෝගය පිහිටීමෙනි.
Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks