iranama
බල සුබ නිමිති පෙර මඟ නැකතැටත් වැඩී
ඔබ යන ගමන් අනේක විය හැකිය. ආගමික වන්දනා ගමන්, දුර ප්‍රදේශයක ඥාතීන් මුණ ගැසීමට යෑම, අත්‍යවශ්‍ය දෙයකට වැදගත් අයකු හමුවීමට යෑම, ව්‍යාපාරික කටයුතු කරන අයෙක්නම් යම් යම් පුද්ගලයන් මුණගැසීමට යෑම, මේ ආදී නොයෙකුත් ගමන් යෙදිය හැකිය.
ඔබ යන ගමන පිටත්වීමේදී ජේයාතිෂමය කටයුතුවලට පිටුනොපා සුදුසු වේලාවක් සකස් කර ගැනීම වටී. ඉර උදාවේ සිට 16, 17 යන විනාඩිය සුබ ගමන් යෑමේදී නිවෙසින් පිටත් වීමට ඉතා සුබදායක වන්නේය. ඒ සඳහා දින පතා ඉර උදාව දැන සිටිය යුතුය. එසේම සුබ දිනයන්හි එනම් සඳුදා, බදාදා, ගුරුදා, සිකුරාදා ගුරු සිකුරු හෝරාව පංචමයේ සූක්ෂ්ම මොහොත සුබදායක වේ.
තවද ගමනට දින 3ක් තිබියදී තදබල ශෝකයක් ඇති වීද, හඬා වැලපීමක් සිදු වීද, යම් කෙනකු සමඟ ගැටීම් ඇතිවී කේරා්ධයක් ඇති වූයේද? අඹු සැමි, දරුවන් අතර ගැටීමක් සිදුවීද? එසේ නම් යොදා ගෙන ඇති ගමන අවලංගු කරන්න. අනතුරු හෝ විශාල පාඩුවක් අත ළඟම හෝ යන ගමනද අසාර්ථක වේ. තමාගෙන් පළිගැනීමේ අදහසින් සිටින සතුරෙක් තමා සමඟ ගැටීමක් ඇතිවී බියට පත්වූයේද? එසේ නම් යන ගමන අවලංගු කරන්න. පාඩුවක් මෙන්ම අනතුරුද ඇතිවිය හැකිය.
ගමනක් යෑමට ඔබ අඳින පලඳින දේ ගැන සුපරීක්ෂාකාරී විය යුතුය. රතු, කළු වස්ත්‍ර ඇඳීම වටිනා ආභරණ පැලැඳීම මෙයින් වැළකිය යුතුය. රතු වස්ත්‍රයක් ඇඳ ගියහොත් අඬදබරද, කළු වස්ත්‍රයක් ඇඳ ගියහොත් ප්‍රතිඵල ශූන්‍ය වීමද සිදුවේ.
තමන් උපන් මාසය තුළ එම දිනයට දුර ගමන් යොදා ගැනීම අසුබ වේ. එදින ආගමික කටයුතුවල යෙදීම හොඳයි.
තම භාර්යාවට දරු සම්පතක් ගැබ් ගෙන ඇත්නම් නව මාසයක් වී තිබේද? එසේ නම් දුර ගමන් යෑම අසුබයි. ස්වාමිපුරුෂයා ඉතා ප්‍රවේශම් විය යුතු කාලයකි. එසේම එම දරුවා බිහිවී දින 30ක් ඇතුළතද ගමන් අසුබ වේ.
ග්‍රහ ඉගිලුම්, ග්‍රහ අස්ථ වක්‍ර වීම්, ග්‍රහ යුද්ධ, චන්ද්‍රග්‍රහණ, සූර්යග්‍රහණ, මෙවැනි විශ්වයේ විසම වෙනස්වීම් දිනවල ගමන් යෑමෙන් වළකින්න. එසේම අහසේ දේදුනු, ධූමකේතු පෑවූ දිනයන්ද ඒවා දුටුවේද ගමන යෑමෙන් වළකින්න. අසුබ දෙයක් සිදුවීමේ පෙරනිමිති වේ.
සවස් සැන්දෑ යාමයද, තද වැසි සහිතව අකුණු ගසන මොහොතේද කිසිම ගමනක් පිටත් නොවන්න. තවද සතියේ ඒ ඒ දිනයන්හි ග්‍රහ ව්‍යතිපාත රික්තා, ගුලිකා මෙම දෝෂ පවතින අවස්ථාවල කිසිම ගමනක් සුබදායක නොවේ. ගියොත් ධන හානි, මානසික කලකිරීම්, බලාපොරොත්තු බිඳ වැටීම් සිදුවේ.
ඉදිරියට හමුවෙන පෙරනිමිත්ත සුබ දෙයක් නම් එම ගමන සුබදායක වේ. කොර ගසමින් එන ලෙඩෙක්, සසර කලකිරුණු අයෙක්, ආයුධ කර තබාගෙන එන අයෙක්, හඬා වැලපෙමින් එන අයෙක්, තමන්ගේ විරුද්ධ සතුරෙක්, බලු, බළල්, ඇටිකුකුළු, කබරගොයා, මේ ආදී කොටස් ඉදිරියට පැමිණේ නම් එම ගමන අසාර්ථක වේ.
නමුත් පළමුවෙන් මෙම අසුබ දේ ඉදිරියට හමුවී දෙවැනුව සුබ නිමිත්තක් ඉදිරියට පැමිණියේ නම් යන ගමනේ කාරණාව ප්‍රමාදවී හො පසුවී ඉෂ්ට වේ. කිරි එළදෙනෙක්, කිකිළියක්, වාහනයක්, දරුවෙක්, වෙළෙන්දෙක්, මයිනන් වැනි කුරුල්ලන්, ජලය පිරවූ කළයක් අතට ගෙන එන කාන්තාවක්, සුදු මල් වට්ටි අතින්ගත් කුඩා පාසල් දරුවන්, මෙවැනි දේ ඉදිරියට හමුවුවහොත් යන ගමන සාර්ථක වේ. ගමන පිටත්වීමේදී මුලින්ම මෙම නිමිති ඉදිරියට හමුවුවහොත් ප්‍රමාද නොවී කාරණාව ඉක්මනින් ඉටුවේ. මුල අසුබ වී දෙවැනුව ඉහත කී දේ ඉදිරියට හමුවුවහොත් ප්‍රමාදවී කල් ගොස් එම කාරණාව ඉටුවේ. ගමන යන දිනයේ පිටත්වන මොහොතේ කෑරලා, ඇටිකුකුළා, කෑ ගැසීම සිදුවූවේ නම් එම ගමන අසාර්ථක වේ. හූනා හැඩීමද සතියේ ඒ ඒ දිනයේ අසුබ වන්නේ දිසාව අනුවය.
ඉරිදාට නැඟෙනහිර, ගිනිකොන, බටහිර, අසුබ වේ. සඳුදාට ගිනිකොන, දකුණ, නිරිත, වයඹ. අඩිරකට ඉහළින් මේ දිසාවලින් හැඬුවොත් අසුබයි. කුජ දින, දකුණ, නිරිත, උතුර හැ
Wmqgd .ekSu u