iranama
පෙර සහ පසු භවයන් ජන්ම පත්‍රයෙන් පැවසිය හැකිද?
ජන්ම පත්‍රය යනු අප විසින්ම කළ ක්‍රියාවට අදාළ විපාක පත්රයයි. ජන්මියෙකු මෙලොව එළිය දුටු විට ආකාශයේ තිබෙන ග්‍රහ තාරකා පිහිටන ආකාරය අනුව එම පුද්ගලයාගේ පූර්ව කර්ම විපාක ගැන නිගමනයකට එළඹිය හැක. එම කර්ම පත්‍රය නොහොත් ජන්මපත්රය තුළ ඔබ කිසිදා නොසිතූ බොහෝ කරුණු ගැබ් වී තිබේ. එය හොඳින් විමර්ශනය කළහොත් එම ජන්මියා "මේ භවයට පැමිණියේ කුමන භවයකින්ද? මරණින් පසුව යන්නේ කුමන භවයකට ද?" යන්න නිවැරදිව පැවසිය හැක. පෙර භවයේදී හොඳින් දන් පින් කරගෙන කටයුතු කළද අවසන් ෙච්තනාව නරක වුවහොත් පහත් ආත්මයක උපත ලැබීමට හේතු තිබේ. උදාහරණයක් ලෙස හොඳින් දානමානාදිය කරමින් කටයුතු කළ කෙනෙකුගේ අවසන් ෙච්තනාව නරක් වූ විට පොහොසත් නිවසක සුනඛයෙකු ලෙස උපත ලැබීමක් සිදු විය හැක. පොහොසත් නිවසක උපත ලබන සුනඛයා අප්‍රමාණ සැප ලබන්නේ පෙර භවයේදී සිදුකළ දානමානාදී කටයුතුවල බල මහිමය නිසාය. එහෙත් සුනඛ ආත්මයක් හිමි වූයේ අවසන් චූති සිත නරක වී එය මීළඟ ප්රතිසන්ධි සිත සමඟ සම්බන්ධ වූ නිසාය. මෙහි අනිත් පැත්තත් විමසා බලමු. ජීවිත කාලය මුළුල්ලේම පිං නොකළ කෙනෙකුට අවසාන මරණ මංචකයේදී කුසල් සිතක් පහළ වුවහොත් මිනිස් ආත්මයක උපත ලැබුවද කුසල් බලය නොමැති නිසා යාචක පවුලක උපත ලබයි. පෙර භවයේදී දානමානාදිය නොකළ නිසා යාචකයෙකු ලෙස උපත ලබයි. අවසන් ෙච්තනාව සුබ වූ නිසා නමට "මිනිසා" ය. නමුත් යාචකයා ය. යම් පුද්ගලයෙකුගේ ලග්නයේ සුබ ග්රහයෙකු සුබවාදීව යෙදීම නිසා මෙම භවයේදී උසස් ලෙස දිවි ගෙවීමට වාසනාව තිබේ. කටක, ධනු, මීන ලග්නයෙන් උපත ලැබුණු ජන්මියෙකුගේ ලග්නයේ ගුරු ඉතා බලවත්ව පිහිටා තිබේ. එවිට එම පුද්ගලයාගේ මෙම භවය ඉතා සුබ වේ. ප්‍රතිපත්ති ගරුක, පිනට සිත ඇති, උපදෙස් දීමට කැමැති වටිනා පංච මහා පුරුෂයෝගයක් වූ අති උත්තම " ගුරු හංස යෝගය" සහිතව උපත ලබා තිබේ. ලග්න භාවය හිස්ව පිහිටියහොත් මෙම භවයේදී සමඵල ජීවිතයකට හිමිකම් කියයි. යම් පුද්ගලයෙකුගේ පසුගිය භවය ගැන බලන්නේ ඔහුගේ ජන්මපත්රයේ දෙවැන්නෙනි. දෙවැන්නාධිපතියා නවාංශක කේන්ද්‍රයේ සිටින තැන අනුව මෙම පුද්ගලයාගේ පසුගිය ආත්මය ගැන පැවසිය හැකිය. ජන්මියෙකුගේ දෙවැන්නාධිපතියා නවාංශකයේදීත් උච්චව පිහිටා ඇත්නම් එම ජන්මියාගේ පෙර භවය උතුම් දේව ආත්මයකි. දෙවැන්නාධිපතියා නවාංශකයේ මිත්‍ර, ස්වක්ෂේත්ර හෝ සම තත්ත්වයේ පිහිටා ඇත්නම් පෙර භවයේදී මිනිස් ලොව ඉපදී තිබේ. දෙවැන්නාධිපති ග්‍රහයා නවාංශකයේදී නීච වී සිටියා නම් අපාගතව සිට පූර්ව කර්ම ගෙවාගෙන මිනිස් ලොව උපත ලබා තිබේ. දෙවැන්නාධිපති ග්‍රහයා නවාංශකයේ සතුරුව සිටියා නම් තිරිසන් ආත්ම භවයක සිට මෙහි පැමිණ ඇති බවට පූර්ව නිගමනයකට එළඹිය හැක. ජන්මියෙකුගේ මීළඟ උපත සිදුවන්නේ කොහේදැයි දැන ගැනීමට කේන්ද්‍රයේ 12 වැන්න පරීක්ෂා කළ යුතුය. 12 වැන්නාධිපතියා නවාංශකයේ උච්චව ඇත්නම් උසස් දේව ආත්මයක උපත ලැබීමට හේතු වේ. 12 වැන්නාධිපතියා නවාංශකයේ මිත්‍රව, ස්වක්ෂේත්රව හෝ සම තත්ත්වයේ ඇත්නම් නැවතත් මිනිස් ලොව උපතක් සිදු විය හැක. නීචව ඇත්නම් අපා ගත වීමට හේතු තිබේ. එයට හොඳම නිදසුන පහත් ආත්මයකට යන්න කටයුතු පෙළගැස්වී තිබුණු ඡත්ත මානවකයාට මරණ මංචකයේදී බුදුරදුන් දුන් උපදෙස් මත ජත්ත මානවක ගාථා කියා දෙව් ලොව උපත ලැබූ බව අප අමතක නොකළ යුතුය.
මේ මිනිස් ලොව රජුන් ලෙස වැජඹෙන ඇත්තන් මිනිස් ලොවින් චුතව පහත් භවයක උපත ලැබිය හැකි බව සිහි තබාගත යුතුය. අන්ත අසරණව යාචකයෙක් වන් දිවියක් ගෙවනා අයෙක් දන් පැන් පූජා කරමින් ප්‍රතිපත්ති ගරුකව කටයුතු කර දැහැමෙන් සෙමෙන් ධනය උපයා මරණින් මතු මහේශාක්‍ය දෙවියෙකු ලෙස උපත ලැබ කල්පකාලාන්තරයක් සැප විඳිය හැකි බවත් අවසන් වශයෙන් සඳහන් කරමි.
වැඩිදුර විස්තර සදහා 0778892039
ප්‍රවීණ ජ්‍යෙතිර්වේදී ධර්මාචාර්ය අජිත් ලොකුගේ
සටහන - ධම්මික හේවාවසම්