iranama
ප්‍රබල ධන ලක්ෂ්මී යෝගයක්
සියලු දෙනාට ඉසුරු සම්පත් ගෙන දීමට සෞභාග්‍ය හා සාමය උදා කරවීමට සමත් මහා ධන ලක්ෂ්මී යෝගයක් 2016 පෙබරවාරි මස 20 වැනි සෙනසුරාදා උදේ 6.27 සිට 6.39 දක්වා විනාඩි 12ක කාලයක් තුළ උදාවෙයි. මේ එම යෝගය කොළඹ ප්‍රදේශයට උදාවන වේලාවයි. අනෙකුත් ප්‍රදේශයන් තුළ එදින හිරු උදාවේ වෙනස අනුව එම යෝගය ලබන ගෙවෙන වේලාවද වෙනස් වෙයි. එදින කොළඹට හිරු උදාවන්නේ උදේ 6.27ටයි. හිරු උදාවේ වෙනස පංචාංග ලිතෙහි දක්වා ඇත.
මහා ලක්ෂ්මී යෝගය යෙදෙන ග්‍රහ ගැළපීම් කීපයක් අතරින් මෙවර මෙම වසරේ උදාවන ලක්ෂ්මී යෝගය සෙනසුරුම පදනම් කරගෙන උදාවෙයි. සෙනසුරාදා දිනයක, සෙනසුරුගේ කාල හෝරාව හා සෙනසුරුගේ පංචම කාල හෝරාව යෙදෙන විනාඩි 12ක කාලසීමාව තුළ සෙනසුරුට හිමි තක්කාල මකර ලග්නයෙන් මෙම මහඟු යෝගය උදාවේ.
සෙනසුරාදා අසුබ දිනයක් වශයෙන් බොහෝ දෙනා සිතා සිටියද වාසනාව ගෙනෙන මෙම යෝගය සෙනසුරු ග්‍රහයා පදනම් කරගෙන උදාවී වාසනාව රැගෙන ඒමට නියමිතය. සෙනසුරාදා සහ අඟහරුවාදා සුබ කටයුතු නොකිරීමට වගබලා ගන්නා බොහෝ දෙනා විසින් මේ කාරණය දෙවරක් සිතා බලනු වටී.
ලක්ෂ්මී දෙවඟන මහා විෂ්ණු දෙවියන්ගේ දේවියය. සැමට යස ඉසුරු ගෙනෙන මහා ලක්ෂ්මී දේවියගේ බැල්ම ආශීර්වාදය ලැබෙන මෙම යෝගයෙන් ප්‍රතිඵල උදාකර ගන්නා අන්දම කාටත් වැදගත් වෙයි. මෙම සුබ වේලාවට මහා ධන ලක්ෂ්මී යන්ත්‍රය ජීවම් කිරීම ආරම්භ කළ හැකිය. ඊට යන්ත්‍ර විද්‍යාත්මකව නා පේවී නිර්මාංශිකව ජප ඇදුරා සූදානම් විය යුතුය. යන්ත්‍ර ජීවම් කිරීමේ විද්‍යානුකූල පිළිවෙත් අනුව එක් වරකට ජීවම් කළ හැක්කේ එක් යන්ත්‍රයක් පමණි. යන්ත්‍ර දෙකක් යහනේ තබා ජීවම් කළහොත් ඉන් එකකට වත් බල පිහිටන්නේ නැත. එහෙයින් ජීවමට ගන්නේ එක් යන්ත්‍රයක් පමණි.
නමුත් ඒ සමඟ සුවඳ ධූප ජීවම් කිරීම රන් තැඹිලි තෙල් ජීවම් කිරීම, වාලම්පුරි හෙවත් ජය සංඛ ජීවම, බෙලිගසේ පිළිල අත්තක් යහනේ තබා ජීවම් කිරීම එකවර සිදුකළ හැකිය. මේවා දහස්වර, දස දහස්වර, ලක්ෂවාරය ජීවම් කළ හැකි අතර වැඩි වාර ගණනක් ජීවම් කිරීමෙන් වැඩි බලයක් වැඩි ගුණයක් උදාවෙයි.
එමඟින් කරන කියන ව්‍යාපාර රැකී රක්ෂා දියුණුවීම, නොයෙකුත් ලාභ ප්රතිලාභ උදාවීම, නිවෙසේ ශි‍්‍රයාව, වාසනාව, සතුට සාමය සමඟිය හා සහනය සැලසීම ආදී බොහෝ යහපත සැලසෙයි.
කල්වේලා ඇතිව තනාගත් ජප ආසනයක් හෙවත් යහනක් උඩුවියන් බැඳ සාදාගත යුතුය. වියන බැඳෙන්නේ බොහෝවිට නා - බෝ - නුග - ඊතණ ආදී රිකිලිවලිනි. කහ දියර ඉස විලඳ පොරි අතුරා මල් වර්ග, පලතුරු වර්ග, කැවිලි වර්ග පුදට තබා මල් බුලත් තටුව සාදාගත යුතුය. පස්තෙලින් පහන් දල්වා සුවඳ දුම් දෙමින් නිර්මාංශිකව මුඛ භාෂණයෙන් සිදු කෙරෙන මෙම සත්ක්‍රියාව ජප වාර ගණන අවසාන වන තෙක්ම නියමිත පිළිවෙත් පරිදි සිදුකිරීම වැදගත්.
ධන ලක්ෂ්මී ස්තෝත්ර අෂ්ඨකය කියමින්
"ඔම් ශ්‍රී ං ක්ලීං මහා ලක්ෂ්මී ඒහි ඒහී -
සර්ව සෞභාග්යයම් දේහිමේ ස්වාහා"
යනුවෙන් අරඹා ජපය ලක්ෂ වාරයක් කිරීම ඉතා අපහසු වුවද ලක්ෂයේ ජපය ඉතාමත් වැදගත්ය.
ජප කරන ලද ධන ලක්ෂ්මී සුවඳ ධූපයෙන් දුම් ඇල්ලීම නිවෙසට ව්‍යාපාරික ස්ථානයට යහපත සලසයි. සෞභාග්‍ය උදාකරයි. ධන ලක්ෂ්මී තෛලය බෙලි පිළිලද නිවෙසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ තබා පුද සත්කාර කිරීමෙන් කරන කියන රැකී රක්ෂා දියුණු පමුණුවී යහපත උදාවෙයි. ධන ලක්ෂ්මී යන්ත්‍රය නිවෙසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ තබා පුද දීමෙන් යස ඉසුරු සම්පත් උදාවෙයි.
එහෙයින් මෙම වසරේ මුලින්ම උදාවන මෙම වටිනා යෝගයෙන් ඔබද ප්‍රතිඵල ලබා ගන්නට නැකැත හොඳට මතක තබාගෙන අදාළ පුද සත්කාර කරන්න. යහපත සැලසෙයි.
ප්‍රවීණ ජේයාතිෂවේදී නන්දන කුමාරපේලි 0772020800
Wmqgd .ekSu u