iranama
පලාඵල කථනයට විශේෂ යෝග භාවිත කරමු
අද අපේ ජ්‍යෙතිර්වේදීන් අසුබ යෝග ලෙස දියුණුවට පත් විය නොහැකි, අධ්‍යාපනයක් ලැබිය නොහැකි යෝග ලෙස හඳුන්වන යෝග විශේෂ ලග්න ඇසුරින් අධ්‍යයනය කරන විට ප්‍රතිඵල නවීකරණය වන ආකාරය අධ්‍යයනය කරමු. පහත කේන්ද්‍රය පරීක්ෂා කරන්න.
සතර කේන්ද්‍රයේ ග්‍රහයින් නොමැත. ලග්නාධිපතිs බුධ අට වැන්නේ තැන්පත්ය. දෙවැන්න අධිපති සිකුරු මෙන්ම නවය අධිපතිද අට වැන්නේය. සඳු දෙපස ග්‍රහයින් නොමැති බැවින් කේමදෘම යෝගයක් යෙදී පවතී. රාජ ලක්ෂ්මී යෝගය හා ධර්ම කර්මාධිපති යෝගය අට වැන්නේ තැන්පත් ග්‍රහයන්ගෙන් යෙදී ඇත. මේ අනුව කේන්ද්‍රයේ යහපත් බලවත් යෝග අවම වන අතර සතර වැන්න අධිපතිද සතර වැන්නෙත් අට වැන්නේය. එහෙත් උපාධිධාරී වෛද්‍යවරියක් වන මෙම තැනැත්තිය යහපත් විවාහයක්, යහපත් ආදායම් මාර්ග, නිවාස, යානවාහන ඇතිව ඉතා යහපත් ජීවිතයක් ගත කරයි.
අපි මෙම කේන්ද්‍රයේ පවතින දුර්යෝග නවීකරණය වූ ආකාරය ගැන විමසා බලමු
මෙම කේන්ද්‍රයේ ආරූඪ ලග්නය තෙවැන්නේ වන අතර සත් වැන්නේ පද ලග්නයද එම රාශියේම වේ. මෙය ශ්‍රීමන්ත යෝගයක් වේ. ආරූඪ ලග්නයේ කාරක සඳු ආරූඪ ලග්නයේම තැන්පත් බැවින් ආරූඪය වර්ධනය වේ. මෙම ශ්‍රීමන්ත යෝගය ජන්මියාගේ සැප සම්පත් වර්ධනය කරයි.
එමෙන්ම සතර වැන්න හා සත් වැන්න අධිපති ගුරු රාශි කේන්ද්‍රයේ උච්චව බලවත්ව නවාම්ශයේදී මිත්‍ර රාශිගතව ආරූඪ ලග්නය හා දාරපදය දකිමින් විශේෂයෙන් ජන්මියාට ප්‍රඥාව ලබා දේ.
මන්ත්‍ර පදය ආරූඪ ලග්නයට ත්‍රිකෝණගතව උච්ච ගුරු මන්ත්‍ර පදය දකී. තමා නොදක්නා බව දන්නා බැවින් යහපත් අධ්යාපනයකම හිමිකාරිය වෙයි.
ආරූඪ ලග්නයෙන් තෙවැන්න හා සය වැන්න පාප ග්‍රහයින් දැකීමෙන් හෝ තැන්පත් වීමෙන් පීඩා වීම ප්‍රබල රාජ යෝගයක් වනුයේ අන් අය අභිභවා ඉදිරියට යැමේ ශක්තිය හිමි බැවිනි. මෙම ප්‍රබල රාජයෝගය රැකියාව, තනතුරු, අධ්‍යාපන සඳහා ඉතා වැදගත් වේ. මෙම කේන්ද්‍රයේ ආරූඪ ලග්නයෙන් තෙවැන්න ශනි හා රාහු දකින අතර ආරූඪ ලග්නයෙන් සය වැන්න කුජ ශනි හා රාහු දකී.
රාජ ලක්ෂමී යෝගය, රාජ ධර්ම කර්මාධිපති යෝගය, නිපුන යෝගය යන යෝග තුනම යෙදී ඇත්තේ අට වැන්නේ බැවින් එම යෝගවල බලය දුබල වේ.
ආරූඪ ලග්නය බලවත් වීම ආරූඪ ලග්නය පද ලග්නවලට කේන්ද්‍ර ත්‍රිකෝණගත වීම බලවත් ගුරු ආරූඪ ලග්නය ඇතුළු පද ලග්න දැකීම හේතුවෙන් ජන්මියාගේ ලෞකික සැප සම්පත් වර්ධනය වී ඇත.
සම්භාව්‍ය ජ්‍යෙdතිෂ ග්රන්ථයන්හි පලාඵල කථනයේදී ආරූඪ ලග්නයට, චරකාරක ග්‍රහයින්ට වර්ග කේන්ද්‍ර වලට, රාශි දෘෂ්ටියට මුල් තැනක් දී ඇති බව ජෛමිනි සූත්‍ර, වෘහත් පරාශර හෝරා ශාස්ත්‍ර ග්රන්ථ අධ්‍යයනය කරන විට මැනවින් පෙනේ.
ඔබේ කේන්ද්‍රයේ සහකාරියගේ හෝ දරුවාගේ කේන්ද්‍රයක සතර කේන්ද්‍රය පාළු වූ පමණින් එසේ නැතහොත් ලග්නාධිපති සය වැන්න අට වැන්න හෝ දොළොස් වැන්නේ තැන්පත් වූ පමණින් කාල සර්ප යෝගය බඳු අශුභ යෝගයක් යෙදුන පමණින් අවාසනාවන්ත කේන්ද්‍ර ලෙස නොසැලකිය යුතුය. එම කේන්ද්රවලද බලවත් රාජ යෝග අපමණ තිබිය හැකි අතර අවශ්‍ය වන්නේ බාධක හඳුනා එම බාධක සඳහා ප්‍රතිකර්ම යෙදීම පමණක් බැවිනි.
Wmqgd .ekSu