iranama
නොදැන පැලැන්ෙදාත් අමාරුවේ
එම ධර්මතාව නැවතත් මතක් කර දෙමින් අද මා ඔබට විස්තර කර දෙන්නට යන්නේ මේ මැණික්වල ඇති ශක්තිය ආශ්රයෙන් ඔබගේ සිතැඟියාවන්, අභිප්රායන් සාර්ථක කරගන්නා ක්රමවේදයයි.
එම ධර්මතාව නැවතත් මතක් කර දෙමින් අද මා ඔබට විස්තර කර දෙන්නට යන්නේ මේ මැණික්වල ඇති ශක්තිය ආශ්රයෙන් ඔබගේ සිතැඟියාවන්, අභිප්රායන් සාර්ථක කරගන්නා ක්රමවේදයයි.
වැස්ස වැටුණාට එම වැසි ජලය රැස්කර ගැනීමට පොළොවේ තටාක, වැව්, අමුණු සෑදී නැත්නම් ඉන් වැඩක් වේද? වැස්සක් ලැබී වැව්ද පිරී ගියත් එම ජලය නිසියාකාරව ගොවි බිම් කරා සංසරණය වීමට අවශ්‍ය වාරි පද්ධතියක් නොමැති නම් එම වැව් ජලයෙන් වැඩක් වේද...? එම වැව් අමුණු පද්ධතියද වාරි පද්ධතියද නිසියාකාරව තිබුණත් ඉන් ලැබෙන ජලය අපි නිසියාකාරව පරිහරණය නොකරන්නේ නම් ඉන් වැඩක් වේද...?
විශ්ව ශක්තිය පෘථිවි වාසී අපට පැමිණීම මැණික් ආශ්රයෙන් එය අප වෙත ලබා ගැනීම සහ එම විශ්ව ශක්තියේ ආධාරයෙන් අපගේ ජීවිත ජයග්‍රහණය කරා මෙහෙයවීමද ඉහත වැසි ජලය නිසියාකාරව පරිභෝජනය කිරීම හා සමානය.
කරාමයක් විවෘත කළ පළියට වතුර ගලා ආවාට එම ජලය පිරවීමට බඳුනක් ලැහැස්ති කරගෙන නොමැතිනම් තේරුමක් නැත.
එමෙන්ම විශ්ව ශක්ති ගලනය මැණික් පැලඳීම තුළ සිදු කරගත්තත් ඊට අනුරූපව ඔබගේ ශරිරය සහ ගති පැවැතුම් සකසා නොගතහොත් ඉන් පලක් ලැබෙන්නේ ඉතා අල්ප වශයෙනි.
ඉතින් මේ කී උදාහරණයන් අනුසාරයෙන් ඔබ තේරුම් ගත යුතු කරුණක් තිබෙනවා. ඒ තමයි මැණික් පැලැඳීම තුළ අපගේ ජීවිතවල අරමුණු ජයග්‍රහණය කරගත හැකි වුවත් එය සිදුවන්නේ නිවැරැදි ක්‍රමවේදයකට එය සිදු වුවොත් පමණි යන්නය.
ඒ වගේම තමයි මැණික් ගලක් වැරැදියට පලඳිනවා කියන්නෙ, තමුන්ට ගැළපෙන්නේ නැති විශ්ව ශක්තිය තමුන් වෙත ළඟාකර ගැනීමයි. ඒ තුළ අපගේ ජීවිත වියවුල් වෙනවා වගේම අපිට අපි හිතන්නෙ නැති කරදර බාධක පැමිණීමටද එම වැරැදියට පැලැඳි මැණික් ගල හේතු වෙනවා. හරියට කියනවානම් අපි වැව් බැම්ම වැරැදියට තැනුව වගේ, වැවෙහි සොරොව්ව වැරැදි තැනක තැනුවා වගේ වැවට වතුර පිරෙනවාත් සමඟ එහි ඇති පීඩනය වැව් බැම්මට එහෙමත් නැතිනම් සොරොව්වට ඔරොත්තු නොදී එය බිඳී ගොස් අපිම රැස් කරගත් ජලය අපේම ගොවි බිම් විනාශ කරනවා වගේ අපේ ජීවිත උදුරා ගන්නවා වගේ.
මේ නිසා ඔබ හොඳින් මත තබා ගත යුතු කරුණක් වන්නේ මැණික් පැලඳීමට යොමු වීමේදී මැණික් ගලක් හරි හැටි හඳුනා ගැනීමේ දැනුම තිබෙන, ජේයාතිෂයට අනුව පැලඳිය යුතු මැණික් මොනවාදැයි තීරණය කිරීමට දැනුම තිබෙන, ඒ වගේම එම මැණික් පැලැඳීමට ඔබගේ මානසික සහ චර්යා රටාව සකසා ගත යුතු ආකාරය පිළිබඳව ඔබට උපදෙස් ලබා දිය හැකි නිවැරැදි සේවාවක් තුළින් එම මැණික් පැලඳීම සිදුකළ යුතු බවයි.
මේ සියලු මැණික් සෑදී ඇත්තේ ප්‍රධාන වර්ණ තුනකින්. එම වර්ණ තුනෙහි අඩු වැඩි බව සෑම මැණිකක්ම තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණක්. මෙසේ නිවැරැදි වර්ණ කාණ්ඩ තෝරා ගැනීම තුළ එතුළින් පැමිණෙන විශ්ව ශක්තිය අප ශරීරයේ ඇති චක්රා හත උද්දීපනය කරනු ලබනවා. එම උද්දීපනයන් හේතුවෙන් අපගේ තේජෝ මණ්ඩලය (ඒභපච) නිසියාකාරව සමබරව විහිදෙන්නට පටන් ගන්නවා. මේ කාර්ය සිදුවීමට අපගේ සිතද සම්බන්ධ විය යුතුයි. අපි නිතර ධනාත්මක චිත්ත ස්වභාවයකින් හැසිරිය යුතු වීම අනිවාර්යයි.
මොකද අපි නිතර පසුතැවිලි වන අය නම් නිතර ඍණාත්මක සිතිවිලි සිතෙහි පුරවාගෙන සිටී නම් ඒ කියන්නේ 'අපට ඕව හරියන්නෙ නෑ. හැමදාම මට වරදිනවා" වැනි කරුණුවලට බරව සිතනවා නම් මේ මොන මැණික් පැලඳුවත් වැඩක් වෙන්නේ නෑ. මොකද මේ විද්‍යාව ඉතා ගැඹුරුයි. මේ විශ්ව ශක්තිය අපේ සිතෙහි හැසිරීම අනුව ඉතා බරපතළ බැඳීමක් තිබෙනවා.
සිත ශක්තිමත්ව, විශ්වාසවන්තව, ජයග්‍රාහී අරමුණක රඳවාගන්නට වගේම අපි අප අදහන විශ්වාසකරන ආගමික සිද්ධාන්තයන් සමඟත් නිරන්තර බැඳී සිටිය යුතුයි. උදාහරණයක් විදියට ඔබ බෞද්ධයකු නම් උදේ හවා තෙරුවන් නැමැදීම, නිරන්තර ක්රමානුකූල බෝධි පූජා පැවැත්වීම ආදිය අපට හදුන්වා දිය හැකියි.
ඉතින් මේ කරුණු පිළිබඳ දළ අදහසක් ඔබට ඉදිරිපත් කළත් සියලු විද්‍යාත්මක කරුණු සහ න්‍යායාත්මක කරුණු එක් ලිපියක් මඟින් විස්තර කර දෙන්න අපහසු වුවත් ඔබට සියයට එකක තරම් හෝ අවබෝධයක් මින් ලැබෙන්නට ඇති. කෙසේ නමුත් ඔබ අවබෝධ කරගත යුතු වන්නේ අපි මැණික් පැලඳීමේදී සලකා බැලිය යුතු කාරණා එකක් නොව රාශියක් ඇති බවත් එය නිවැරැදි දැනුමක් ඇති තැනකින් සිදුකරගත යුතු බවත්ය.
Wmqgd .ekSu u