iranama
නිවැරදි වත් පිළිවෙත් පිළිපැද සීවලී මහරහතන් වහන්සේගේ ගුණ බලය ලබාගන්න
ලොවට අග්ර වූ උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් අප තිලෝගුරු ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි මහ රහතන් වහන්සේලා අතරින් පින්වත් සීවලී මහ රහතන්Sivali a deity in Burma WQ වහන්සේට හිමි වන්නේ ප්රමුඛස්ථානයකි. එයට හේතුව සීවලී මහ රහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අතරින් සිව්පසය, චීවරය, පිණ්ඩපාතය සේනාසන, ගිලාන ප්රත්ය ලැබීමට පින්වත් බලයෙන්ම ඔහු උපන් නිසාය. උන්වහන්සේ මේ පිනැති පැතුම පතා ඇත්තේද ඈත අතීතයේ සිටය.
අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලසුදර්ශණල නම් විහාරයේ වැඩ වසන සමයේ ඒ රටේ වැසියෝ සුදුමල් දෝත පුරාගෙන වීථි දිගේ මහා පෙළහරින් ගමන් කරන විට එක් පිංවතකුගේ නෙතට ලක්වීමෙන් ඒ කෙරෙහි හිත ඇදී ගොස් එතනට පැමිණ ගදින්, සුවඳින් බුදුන් පුදන විශාල ජනකාය කෙරෙහි ඇසිපිය නොහලා බලාසිටියේය. ඒ බුදු අසිරිය ඔහුගේ හිත තුළට කාවැදුනේය. බුදුරජාණන් වහන්සේ සිව්වනක් පිරිස අමතා එක් පින්වත් බුද්ධ පුත්ර නමක් කැඳවා ඒ උතුමා පියුමතුරා බුද්ධ ශාසනයේ සිවුපස ලබන්නවුත් අතර අගතැන්හිලා තබා අනුදැන වදාළ සේක.
ඒ සිදුවීමෙන් පසු පිරිස් කෙළවර සිටි පිංවතාද එවැනි තනතුරක් ලබාගැනීමට සිතා පුරා සතියක්ම බුදුන් ප්රමුඛ මහා ස