iranama
නිල් ඔට්ටුත් එක්ක ඔට්ටු වෙන්න
කොරුණ්ඩම් කුලයට අයත් මැණික් ගලක් වන දරුපල ප්‍රමාදයට පලඳින "නිල් ඔට්ටු" මැණික් ගල නිල් මැණික (Blue Sapphire) සහ සුදු නිල (White Sapphire)) දෙමුහුම් වීමෙන් සෑදෙන්නක්. දරුපල ප්‍රමාද වීමේ දෝෂය සඳහා සාර්ථක පිළියමක් ලෙස පලඳින මැණික් වර්ගය වන මේ නිල් ඔට්ටු මැණික් තෝරාගැනීමේදී ඒ පිළිබඳ විශේෂ සැලකිල්ලක් යොදා එය සිදුකර ගැනීමට පියවර ගන්න. මොකද නිල් ඔට්ටු මැණික් තුළ සමහර අවස්ථාවල කළු ලප තත්ත්වයන් හෝ බාහිර අපද්‍රව්‍ය ගලෙහි පිහිටීම හෝ ගල තුළ දුම් වැනි තත්ත්වයන් පිහිටීම පැලඳීමට ඉතා අහිතකර තත්ත්වයක් ලෙස සැලකෙන නිසා.
inShare
Mawbima, 2015-11-21 02:00:00
Read 111 Times

මෙසේ ගල් තුළ දුම තිබීම යනුවෙන් මා අදහස් කළේ ස්වාභාවික මැණික් ගලක තිබෙන ගෙවුඩ දුම නොවේ. සමහරක් පුච්චාපු මැණික් තුළ දුම වැනි තත්ත්වයක් ඉතිරි වෙනවා. අපි මෙය හඳුන්වන්නේ මැරුණු කිරි ස්වභාවය (Death milkey) ලෙසින්. එවැනි තත්ත්වයන් තිබෙන මැණික් පැලඳීමෙන් එතරම් සුබ පල අපේක්ෂා කළ නොහැකියි. මෙසේ නිල් ඔට්ටු පැලඳීමේදී ඔබ කැරට් භාගයකටවත් වැඩි මැණික් ගලක් පැලඳීමට කටයුතු කරනවා නම් වඩාත් හොඳයි. මොකද වැඩිහිටියකු හට ලැබිය යුතු විශ්ව ශක්තිය(Cosmic energy) හරියාකාරව ලැබීමට නම් කැරට් භාගයකට වඩා වැඩි ගලක් දැමීම ප්‍රමාණවත් නිසා.
ගල් පැලැන්ද පමණින් අපට විශ්ව ශක්තිය ගලා ආවාටම පමණක් මදි. අපිත් ඒ සඳහා අනුරූපව හැඩගැසිය යුතු වෙනවා. මොකද ජල තලයකින් ගලා එන ජලය රැස්කර ගන්න අපට බාල්දියක් අවශ්‍ය වෙනවනෙ. අන්න ඒ වගේ ගල් පැලඳීම තුළ පැමිණෙන විශ්ව ශක්තිය ග්‍රහණය කරගැනීමට අපගේ මනසත් හැඩගැසිය යුතුයි. මේ නිසා ගල් පැලඳි පසු අපට තිබෙන ඍණාත්මක සිතිවිලිවලින් අප මිදිය යුතු වෙනවා.
අපේ සිත සතුටු සහගත ධනාත්මක ජයග්‍රාහී සිතිවිලිවලින් පුරවාගත යුතුයි. දරුපල බලාපොරොත්තුවෙන් සිටින ඔබගේ මනස දැනටමත් දරුවකු සුරතල් කරමින් සිටින පසුබිමක් මවාගත යුතුයි. අපි මෙයට චිත්තරූප දැකීම කියලත් කියනව. මෙසේ අපි හදන චිත්තරූප මල්පල ගැන්වීමට මැණික් හරහා ගෙනෙන විශ්ව ශක්තිය අපට උපකාර වෙනවා. මෙසේ දරුපල ප්‍රමාදය හේතුවෙන් කනස්සල්ලෙන් කල්ගෙවූ බොහෝ පිරිසක් අද මෙවන් මැණික් පැලඳීම් සහ මානසික අතෘප්තිය හමුවේ තම අපේක්ෂා ඉටුකරගෙන තිබෙනවා.
ඉතින් විශ්වාසය සහ කැපවීමක් නිවැරැදිව මැණික් තෝරාගැනීම සහ නිවැරැදි ක්‍රමවේදයක් යටතේ මැණික් පැලඳීමත් තුළ මෙසේ දරුපල ප්‍රමාද වීම සියයට අනූවක් අනූ පහක් පමණ මඟහරවාගත හැකි බව මැණික් උපදේශකවරයකු සහ නිර්දේශයකු ලෙස මා සඳහන් කරන්නේ ඒ පිළිබඳ ඉතා සාර්ථක අත්දැකීම්ද සමඟයි.
Wmqgd .ekSu u