iranama
දෙදෙනාගේ අඬ දබරවලට ජ්‍යෙතිෂයෙන් පිළියම්
බීමත්කම සහ දුරාචාරවලට ඇබ්බැහිවීම නිසා පවුල් ආරවුල්
පෙම් සබඳතා බිඳවැටීම් සිදුවේ
සැමියා හා බිරිඳ අතර සමගිය පවත්වා ගනිමින් ඉතා යහපත් පවුල් ජීවිත ගතකරන අය මෙන්ම නිරතුරුව ගැටුම් ඇතිකරගන්නා අයද මේ සමාජයේ බොහෝ සිටී. පෙම්වතුන් අතරද තත්ත්වය එලෙසය. තම ප්‍රේම සම්බන්ධය සාර්ථකව පවත්වා ගනිමින් බාධක බිඳගෙන අෙන්යානය අවබෝධයෙන් යුක්තව කටයුතු කර සාර්ථකත්වය කරා ගමන් කරන අය මෙන්ම තම තමන් අතරද වාද විවාද ගැටුම් ඇතිකර ගනිමින් ජීවිතය අවුලෙන් අවුලට පත්කර ගන්නා අයද සිටිති.
ගැටලුකාරී තත්ත්වයක් ඇතිවීමට හේතු සොයා බැලුවහොත් කරුණු කීපයක් පෙන්වාදිය හැක.
1. අදහස් හා ශාරීරික නොගැළපීම
2. දෙදෙනාගෙන් එක් අයෙකු හෝ දෙදෙනාම හෝ ඉක්මනින් කිපෙන සුළු නපුරු ගති ගුණ ඇති අය වීම.
3. ජ්‍යෙතිෂමය කරුණු හෙවත් ප්‍රධාන වශයෙන් කේන්ද්‍ර නොගැලපීම.
4. ආදර සබඳතාව හෝ පවුලේ ජීවිතයට හෝ කඩාකප්පල්කර දැමීමේ වුවමනාවෙන් යම් යම් විරුද්ධවාදීන් විසින් කරනු ලබන ගුප්ත විද්‍යාත්මක බලපෑම්
5. අධික බීමත්කම
6. දුරාචාරවලට ඇබ්බැහිවීම
අදහස් නොගැළපීම මෙන්ම ශාරීරික නොගැළපීම නිසා එකිනෙකා කෙරෙහි නුරුස්නා ගති ගැටුම් වරින් වර ඇතිවේ. නමුත් මෙම තත්ත්වය ඉවසීමෙන් හා අවබෝධයෙන් පාලනය කරගැනීමට උනන්දුවේ නම් බුද්ධිමත්ව සිතාබලා කටයුතු කිරීමෙන් විස
Wmqgd .ekSu