iranama
දියුණු වෙන්න මෙන්න මඟක්
කන්ධකුමාර දෙවියන් හෙවත් කතරගම දෙවියන් යෑදීමෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ කීර්තිය, බලය, ධනය, සශ්‍රීකත්වය, ආරක්ෂාව ඇතුළු දියුණුවයි.
බුදුරජාණන් වහන්සේ තෙවැනි වරට ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළ අවස්ථාවේ එදා කිහිරි උයන නමින් හැඳින්වූ ස්ථානයට වැඩම කර දම්දෙසූ බවත් (අද කිරිවෙහෙර පිහිටි ස්ථානය) බණ අසා පැහැදී බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් කටයුතු කළ සම්‍යදෘෂ්ටික දෙවිකෙනෙක් ලෙස ද කතරගම දෙවියන් හැඳින්වේ. එදා එළාර - දුටුගැමුණු යුද්ධයේදී දුටුගැමුණු රජතුමා විසින් පුද පූජා පවත්වා කතරගම දෙවියන්ගෙන් බලය හා ආරක්ෂාව ඉල්ලා සිටියේය. උන්වහන්සේගේ එකී ආශිර්වාදය හේතුවෙන් දුටුගැමුණු රජුට විශේෂ වූ දිව්‍ය වරප්‍රසාද හිමිව යුද ජය ඇතිවූ බව ඉතිහාසයේ සඳහන්ය.
ඉතා බලවන්ත තේජවන්ත කරුණාවන්ත දේවාත්මයක් වන කතරගම දෙවිඳුන්ගේ පිහිට ආරක්ෂාව, ආශිර්වාදය අපට ද අපගේ සියලු වැඩකටයුතු සාර්ථක කරගැනීම සඳහා ලබාගත හැකි අතර පස් පවින් වැළකී උදේ - සවස ත්‍රිවිධ රත්නය වන්දනාමාන කර කරණීය මෙත්ත සූත්‍රය ස-Cධායනා කර උන්වහන්සේට පිං අනුමෝදන් කරන්න. ඒ ආකාරයට දෙවියන්ට ආලේප වී කටයුතු කරන විට දෙවියන් පැහැදී දිව්‍යමය ආශිර්වාදය ඔබ වෙත ධ්‍යානය කරනු ඇත. මෙසේ කටයුතු කරන අතරතුර උන්වහන්සේගේ අප්‍රමාණ බලය නිරතුරුවම ඔබ ළඟ රඳවාගැනීම සඳහා පැරැණ්නන් භාවිත කළ ආරක්ෂාවක් ඔබ වෙත ඉදිරිපත් කරමි.
රත් හඳුන් - සුදු හඳුන් - කුංකුමප්පු - කස්තුරි - ගෝරෝචන සඳුන් තෙලෙන් ගලගා කඩල ඇටයක ප්‍රමාණයට ගුලිකර පහත සඳහන් මන්ත්‍රයෙන් 1008 වරක් ජීවම් කර සුබ නැකතකදී පැළඳීමෙන් සියලු බලාපොරොත්තු ඉටුවී ඔබ පතන ජය ඒකාන්තයෙන්ම හිමිවනු ඇත.
මන්ත්‍රය
ඕං හ්‍රSං හ්‍රSං මහී කන්ධකුමාර
උමයංගනපති වල්ලි අම්මා
තම්බිරානේ කදිරපුර වල්ලි අම්මා
සිව ගුරු නාරායනේ නමඃ