iranama
ජුනි 8 බුධ මාරුවක්
ලග්න 7 කට සුබ ඵල උදා කරමින් ග්‍රහ ලොව බුද්ධිමතා
හෙවත් බුධ සිකුරුට අයත් වෘෂභ රාශියට.
නවග්‍රහයින් අතරින් කුඩාම ග්‍රහ තාරකාව බුධ නැතහොත් ග්‍රහ ලොව බුද්ධිමතා ලෙස හඳුන්වනු ලබන බුධ ග්‍රහයා ලබන 8 දා පෙ.ව. 9.53 ට සිකුරු ට අයත් වෘෂභ රාශියට පිවිසීමට නියමිතය. වෘෂභය බුධට මිත්‍ර රාශියකි. ඒ අනුව බුධ, වෘෂභ රාශියේ රවි හිමි කැති නැකතේ දෙවන පාදයට පිවිසෙනු ඇත. පසුගිය අප්‍රේල් මස 03 වන දින මේෂ රාශියට පිවිසි බුධ ග්‍රහයා එතැන් සිට වක්‍ර වෙමින් හා නිවෘත වෙමින් මාස 02 කට වැඩි කාලයක් මේෂ රාශිය තුල සිය ග්‍රහ චලිතය පවත්වා ගන්නා ලදී.
ග්‍රහ ලොව ඥානකාරකයා ලෙසින් හඳුන්වන බුධ අධ්‍යාපනයට, ළමා වියට, පොත පතට, ලේඛන කලාවට, ගුරු වෘත්තියට, මෙන්ම චතුර කථිකත්වයට මෙන්ම කවියට, පොත් පත් වෙළදාමට හා මුද්‍රණ කර්මාන්තයටද බලපෑමක් දක්වන ග්‍රහයකු ලෙස අපට හඳුන්වා දිය හැකිය.
මිථුන, කන්‍යා, වෘෂභ, තුලා, මකර හා කුම්භ යන ලග්න වලට සුබ ග්රහයෙකු වන බුධ මේෂ, කටක, සිංහ, වෘශ්චික හා ධනු යන ලග්න වලට තඳ බල පාපි ග්‍රහයා වනු ඇත. මිථුන කන්‍යා තුලා මකර හා මීන යන ලග්න වලට යෝග කාරකයා වන බුධ මේෂ, කටක, සිංහ වෘශ්චික යන රාශි වලට මාරක ග්‍රහයා වන්නේය. යම් පුද්ගලයෙකුගේ ජන්ම පත්‍රයේ බුධ බලවත් නම් ඔහු හෝ ඇය නිරතුරු පොතපතට මෙන්ම උගත් අය සමග සාකච්ඡාවට මෙන්ම ලේඛන කලාවට වැඩි නැඹුරුවක් දක්වනු ඇත. එසේම බුධ බලවත් බෙහෝ අයගේ විවාහ ජීවිත එතරම් සාර්ථක නොවන්නේ බුධ එම අංශයට එතරම් බර නොවූ ග්රහයෙකු නිසාය. බොහෝ විට බුධ ග්‍රහයා තමා සමග යෝග වන ග්‍රහයාගේ බලය ආරෝපනය කරගනු ඇත. එය බුධගේ ස්වරූපයයි.
බුධ බලවත්ව (උච්චව හෝ ස්වක්ෂේත්රව) යම් කේන්ද්‍රස්ථානයක හෝ ත්‍රිකෝණස්ථානයක සිටින කල පංච මහා පුරුෂ යෝග අතරින් භද්‍රd නම් බලවත් සුබ යෝගය උදා වනු ඇත. මෙම යෝගයෙන් උපන් අය අධ්‍යාපනයට ඉතාම දක්ෂ ඥාන වන්තයින් වන අතර මනා අධ්‍යාපනයක් නොලැබුවත් උපතින්ම උගතුන් වනු ඇත. මේ අය නීතිය, ජ්‍යෙdතිෂය, චතුර කථිකත්වයට උපතින්ම සහජ දක්ෂයින් වන්නේය. බුධ ග්‍රහයා ජන්ම පතේ හා නවාංශකයේ දුර්වල වීම හේතුවෙන් කථාවෙහි දුර්වලතා, ලේ දෝෂ හේතුවෙන් ශරීරික පීඩා, තුවාල, ස්නායු ආබාධ, වචනයේ අමිහිරිතා ඇතිවිය හැකිය. බුධට අයිති දිනය බදාදා වේ. කොහොඔ වාක්ෂයට සාත්තු කිරීම බුධ අපල සඳහා නොවරිදින පිළියමකි.
මෙම කාලසීමාව තුල ලග්න 12 අතරින් මේෂ, මිථුන, සිංහ, කන්‍යා, තුලා, මකර, කුම්භ යන ලග්න වලට සුබ ප්‍රතිඵල උදා වන අතර
මෙම ග්‍රහ මාරුව හේතුකොට ගෙන මාසකට ආසන්න ඉදිරි කාල සීමාව තුල රට තුල ධාන්‍ය සම්පත් බහුල වනු ඇත. කෘෂිකර්මාන්තයට ඉතාම සුබ දායක වනු ඇත. අස්වනු සරුවන වැඩියෙන් ඵල හටගන්නා කාලයකි. එසේම වැසි තත්ත්වයේ යම් අඩුවීමක් සිදුවන අතර, ගං වතුර, හා කාලගුණ වෙනස් කම් බහුල වනු ඇත. විශේෂයෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට මෙම කාල සීමාව සුබ දායක වේ. තරුණ තරුණියන් අතර පෙA්රම සම්භන්ධතා බහුලව ඇති වේ. විවාහ ආශ්රිත කටයුතු මෙන්ම රෙදිපිළි හා විසිතුරු භාණ්ඩ සම්බන්ධ කටයුතු වලට මෙම ග්‍රහ මාරුව ඉතාම සුබ දායක වනු ඇත.
පොදුවේ ලග්න වශයෙන් ගත් කල බුධ වෘෂභයට පිවිසීම හේතුවෙන් පහත සඳහන් ප්‍රතිඵල උදා වනු ඇත.
මේෂ ලග්නය -
විවාහ වාසනා උදා වනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. යාන වාහන මෙන්ම විසිතුරු දේවල් හිමි වන කාලයකි. එසේම බිරිඳගේ පාර්ශ්වයෙන් දායාද හිමි වනු ඇත. පපුවේ සෙම් අමාරු හා ලේ සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය. රෝහල් ගත වීමේ අවදානමක් පෙන්නුම් කෙරේ. සෙම් රෝග බහුල වන අතර යුග දිවි සමගියට සුබ දායක වනු ඇත.
වෘෂභ ලග්නය -
මෙම කාලයේ ඥතීන් හෝ හිතවතුන් සමග අමනාප වීමට ඉඩ ඇත. බලාපොරොත්තු වූ ණයක් ලැබෙයි. කාර්ය බහුල කාලයකි. සහෝදරයින්ට අසුබ වෙයි. කෙටි ගමන් බිමන් අධික වේවි. විමසිලිමත් වීම වැදගත්. අනතුරු වලට ලක්විය හැකිය.s සහෝදරයින්ට අසුබය.
මිථුන ලග්නය -
ධන හානි ඇතිවන කාලයකි. මුහුණේ රෝගාබාධ ඇති වනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය අසුබයි. විදේශ ගමන් වලට එක්විය නොහැකිය. යම් පමණක පවුල් ජීවිතය තුල ගැටුම් ඇති වන අතර, තම සහකාරියගෙන් හෝ සහකරුගෙන් ධනය ලැබීමටද හැකිය. නමුත්a එයින් ප්‍රබල ගැටලු මතුවනු ඇත. සෞඛ්‍ය තත්ත්වය අයහපත්ය.
කටක ලග්නය -
පවුලේ අයකුට හෝ හිතවතෙකුට ඇතිවන අසනීප තත්ත්වයන් නිසා ඔබට කාලය ශ්‍රමය, ධනය ඒ වෙනුවෙන් ගත කිරීමට සිදුවනු ඇත. පසුගිය දින වල පැවති බාධා යම් ප්‍රමාණයක් ඉවත්වෙයි. තනතුරු ලාභ ලැබෙයි. උසස් අධයාපන කටයුතු සාර්ථක වන අතර අඵතින් අරඹන කටයුqතු මේ කාලයේ සාර්ථක වේ. එසේම මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍යය පිරිහීමට හැකියාව පවතිනවා. සිතේ ඇතිවන මානසික අසහනය දුරු වෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ.
සිංහ ලග්නය -
විවාහ ජීවිතයේ කරදර හා බාධා මෙම කාල සීමාව තුල උදා වනු ඇත. හදිසි ගමන් බිමන් යැමට නිතර අවස්ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන් ද යෙදීමට ඉඩ ඇත. ශරීර සැප නොලැ
Wmqgd .ekSu