iranama
ජීවිතයම ජය ගන්න නම් තබන්නේ මෙහෙමයි
නම් තැබීම විද්‍යානුකූල කලාවක්
නම් තැබීම ඇතුළු පුද්ගල කළ යුතු නොකළ යුතු බොහෝ වත් පිළිවෙත් ද අඩංගු පුද්ගල සෙත පිණිසම නිර්මාණය වී ඇති බොහෝ දැ පරම්පරාවෙන් පරම්පරාවට උරුම කර දෙමින් ඉදිරියට යන ජ්‍යෙdතිෂ විද්‍යාව මෙලොවට දායාද කළ පුරාණ Rෂින් වහන්සේලා නමස්කාර පූර්වක ව පින් දී සිහිපත් කරමින් මේ ලිපිය අරඹමි.
සිද්ධාර්ථ කුමරුට නම් තැබීම පිළිබඳ බෞද්ධ ඉතිහාසය තුළ සඳහන් වී තිබීමෙන් ද පැහැදිලි වන්නේ නම් තැබීම ඉපැරණි ක්‍රියාවලියක් බවයි.
වර්තමානය වන විට නම් තැබීම පිළිබඳ ඉතා අතළොස්සක් දෙනා සැලකිල්ලක් දක්වා නිවැරදි නම් තැබීමකට අවධානය යොමු කරතත් බොහෝ දෙනා ඒ පිළිබඳ සැලකිල්ල නොදක්වති. සමාජය තුළ ද මේ පිළිබඳව තවමත් හරවත් සංවාදයක්, අධ්‍යයනයක් සිදු නොවේ.
නම් තැබීම පිළිබඳ පුරාණ Rෂින් වහන්සේලා පෙන්වා දී ඇති රීතීන් හා ක්‍රම ශිල්ප පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ඒමේ දී යම් යම් මගහැරීම් සිදු විය හැකි වුවත් මේ පිළිබඳ ක්‍රමවත් අධ්‍යයනයක් හා දීර්ඝකාලීන නිරීක්ෂණයන් කර ඒ අත්දැකීම් හරහා බොහෝ නිවැරදි කිරීම් කරගත හැක.
මවිසින් දීර්ඝ කාලයක් තිස්සේ නම්වල ඇති දොaෂ හා පුද්ගල චර්යා පිළිබඳ ගළපමින්, නිරීක්ෂණය කරමින්, නම්වල ඇති අර්ථ දොaෂ සහ ගණ දොaෂ ඉවත් කර නිවැරැදි ගණ පිහිටුවා අර්ථ පූර්ණ නම් තැබීමෙන්, තැබූ නම්වල විපාක/ප්‍රතිඵල අත්දැකීමෙන් ප්රත්යක්ෂ වන්නේ නම් තැබීම ගැඹුරු වූත් හරවත් වූත් අප සමාජය විසින් සමාජ හා පුද්ගල ප්රගමනයට ඉවහල් කර ගත යුතුම ඉතා වටිනා විද්‍යාත්මක ක්‍රම ශිල්පයක් බවයි.
ජ්‍යෙතිෂ විද්‍යානුකූලව නම් තැබීමේදී ජ්‍යෙතිෂ විද්‍යාව පිළිබඳ සාමාන්‍ය දැනීමකුත් නිවැරැදි ගණ පිහිටවමින් නම් තැබීමේ ජ්‍යෙdතිෂ විද්‍යානුකූල තත්ත්වයන් පිළිබඳ ගැඹුරු දැනීමකුත් අර්ථදොaෂ නැති කර අර්ථ පූර්ණ නම් තැබීම සඳහා සිංහල භාෂාව හා භාෂාවේ වචන පිළිබඳ වචනවල
Wmqgd .ekSu