iranama
ජ්‍යෙතිෂයෙන් රෝග සුවකළ හැකිද ?
මනුෂ්‍යයන් වූ අපට වද දෙන මූලික ප්‍රශ්න වලින් එකක් වන්නේ රෝගාබාධයි. එම රෝගාබාධයන් ගෙන් සියයට අනූවක්ම ඔබේ සිත මුල් කොට ගෙන අඩු වැඩි වන බව දන්නවාද?
සිත සැකසී ඇත්තේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන සතර මහ භූතයන්ගෙන් සැදුම් ලද මෙම සිරුරේ ගොඩ නැගුණ ශක්තිය තුළිණි. මෙම භූත කොටස්වලට ඇති වන බලපෑමේ ස්වභාවය අනුව ඔබගේ මනස නොයෙක් කම්පනයන්ට ලක්වෙයි. එසේ වීමට ග්‍රහ වස්තුවල බලපෑමද ඉවහල් වන බව ඔබ පිළිගන්නවාද උදාහරණයක් ගතහොත් තදින් හිරු රශ්මිය වැඩි වන දිනවලදී මිනිස් සමාජය තුළ අසහනකාරී බව කලබලකාරී බව කේන්ති යැම වැඩිවෙයි. එසේම හඳ හොඳින් පායා ඇති දිනවලදී මානසික ව්‍යාදි තත්ත්වයන් උත්සන්න වන බව ඔබ අසා ඇත. මේ ආකාරයට රවි, චන්ද්‍ර, දෙදෙනාගේ බලපෑම ඇති වනවා සේම අනෙකුත් ග්‍රහ වස්තුවල බලපෑමද අපට ඇති වෙයි. එසේ ඇතිවන බලපෑම සතර මහ භූත යන්ගේ ශක්තියෙන් ඇති වූ සිතටම යොමු වීම ස්වභාවයයි.
පවුලේ ජෝතිෂ්‍යවේදියා ඔබගේ ජන්ම පත්‍රය පරීක්ෂා කර අදාළ ග්‍රහ බලපෑම ඉතා හොඳින් තෝරා දෙනු ඇත. ඒ ඒ කාල වකවානු තුළ දී ඔබට කිනම් ආකාරයේ ග්‍රහයන් ගෙන් රෝග තත්ත්වය, ප්‍රශ්න මතු වන්නේ දැයි පවසනු ද ඇත. විශේෂයෙන්ම මෙම ග්‍රහ ශක්තින් තුළ පවතින අශුභ කිරණයන් උරාගෙන ශූභ කිරණ බවට පත් කිරීමට ඒ ඒ ග්‍රහයාට අදාළ ශාක, පාෂාණ හා ලෝභයන් ද පවතී.
රවීට - ඉඹුල්, පද්මරාග, රන් හෝ පිත්තලද - චන්ද්‍රයාට - දිඹුල්, මුතු බෙලෙක් මුසු තඹ ද කුජට - කොලොන් කොරල් හෝ රතු මැණික්, තඹ ද බුධට - කොහොඹ, පච්ච සින්ක් මිශ්‍ර තඹද, ගුරුට - බෝ පුෂ්පරාග, රත්තරන්ද, සිකුරුට - කරඳ දියමන්ති, සුqදු මැණික් හා රිදී ද, ශනිට - නුග කාකනිල යකඩ හෝ රිදී ද රාහුට - වැටෙකේ, ගෝමේද, යකඩ හෝ රිදීද කේතු - කෙසෙල් වෛරෝඩි යකඩ හෝ රිදීද වෙයි.
සෑම බුදුවරයන් වහන්සේ නමක්ම බුද්ධත්වයට පත්වීමට යම් වෘක්ෂ මූලයක් තෝරාගෙන ඇත. තම චිත්ත සමාධියට පිටුවහලක් වන ශාකය ඒ උත්තමයන් තෝරාගෙන ඇති බව දැන් ඔබට පසක් වනු ඇත. මේ අනුව ඒ ඒ ග්‍රහයින් ගෙන් ඇතිවන බාධාවන් දුරු කොට ශුභ ඵල ළඟා කර ගැනීමට ශාකයන්ද ඉවහල් කරගත හැකි බව ඔබ අවබෝධ කරගත යුතුය.
ඉහත වෘක්ෂයන් අසල වැඩි කාලයක් ගත කිරීම තුළ හා මැණික් ලෝහ පැළඳීමෙන් ග්‍රහ කිරණ නිසා සිදුවන සතර මහ භූතයන්ගේ අසම තුළිතතාවයන් මග හැරී සිත සමතුළිත තාවයට නැතහොත් සහනයට පත්වෙයි. එතැන් සිට අදාළ රෝගාබාධයන්ට බෙහෙත් කිරීම අත්‍යවශ්‍ය වන අතර මෙතෙක් සුව නොවූ රෝග ඉන් සහ මුලින්ම සුව වනු ඇත. එසේම බුද්ධානුස්සතිය, මෛත්‍රිය භාවනාව ආනාපානසති භාවනාව වැනි භාවනා ගුරු උපදේශ සහිතව වැඩීම ඉතා යහපත්ය.
ඔබ ජෝතිෂ්‍යවේදියකු ළඟට ගිය පමණින් රෝග සුව වේ යෑයි නොසිතන්න. ඔහුගේ හෝ ඇයගේ උපදෙස් මත අදාළ වත් පිළිවෙත් නිසි අයුqරින් කරන්න. සෑම විටම මනස සතුටින් තබා ගන්න. කිසිවිට සෘනාත්මකව කටයුතු ආරම්භ නොකරන්න "මේ පාරවත් හරියයිද දන්නෑ" යනුවෙන් සිතමින් වත් පිළිවෙත් ආරම්භ කිරීම තුළම ඔබගේ මනසේ සමතුළිතතාව බිඳීගොස් අවසන්ය.
පිරිත් කීම රෝග සුවයට ඉතා ශූභ ඵල දුන් බව ප්රත්යක්ෂ සත්‍යයකි. ඒ ඒ ග්‍රහ දොaෂවලට අදාළව පිරිත් කීම හා කියන වාර ගණන අනුව රෝගාබාධ සුව වීම මා අත්දුටු සත්‍යයකි. නමුත් ඔබ මැනවි අවබෝධ කර ගතයුතු කරුණ වන්නේ පිරිත් කී පමණින්, බෝධි පූජා කළ පමණින් රෝග සුව වනවා නම් අද අපේ රටේ පිරිත් අසන තරමට බෝධි පූජා කරන තරමට එකදු රෝගියකු වත් සිටිය නොහැකිය යන්නයි. තමා කරන ක්‍රියාව මානසික ඒකාග්‍රතාවයකින් හා පේවීමෙන් කරන්න. පේවීම යනු මස් මාංශ කෑමෙන් වැළකී භාවනා වැඩීමයි. එසේම බෝධි පූජා හා පිරිත් කීමයි. සතුන්ගේ මස් කුසේ තබාගෙන මොන මෛත්රියක්ද? සුරාවෙන් වැළකී අදාළ දින ගණනවත් වත් පිළිවෙත් කළ යුතුය. පිරිත් කියන්නේ නම් රෝග තත්ත්ව අනුව අඩු තරමින් 21 වරක් 108 හෝ 1000 වරක් කිව යුතුය. සිත, කරන ක්‍රියාවෙහි පමණක්ම තබාගෙන කිරීම අනිවාර්යෙන් සිදුවිය යුක්තකි. එසේම ආත්ම විශ්වාසයෙන් කළ යුතුය.
රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශූක්‍ර, ශනි රාහු , කේතු, යන නවග්‍රහයින් මූලිකවම සිතටම බලපෑම් ඇති කරන බව දැනගත යුතුය. නිරවුල්ව ඉදිරියේදී කුමන ආකාරයේ බාධාවල් එන්නේ දැයි බලා අදාළ ලෝහයෙන්ම තැනු ආභරණයකට ඇඟේ ස්පර්ෂ වන ආකාරයට නියමිත මැණිකම යොදා පැළඳිය යුතුමය. එසේම ග්‍රහයාට අදාළ වෘක්ෂයට සාත්තු කරන්න යෑයි කීමෙන් අදහස් කරන්නේ ඒ තැන වැඩි කාලයක් ගත කරන්න යන්නයි.
රෝග සුවයට ජ්‍යෙdතිෂ්‍ය යොදාගත හැකි මේ එක් කොටසක් පමණකි. ඉහත ආකාරයේ වත් පිළිවෙත් කිරීම මගින් ඇතිවන මානසික සහනයෙන් හා අනන්ත අප්‍රමාණ තෙරුවන් ගුණ බලයෙන් ඔබ සැමගේ රෝදුක් සුව වේවා· සැනසීම උදා වේවා·
වැඩිදුර විස්තර සඳහා 0714542808.
ජ්යෙතිෂ්යවේද එච්. එම්. උපුල් ශාන්ත
වක්මුල්ල වත්ත, මඩවල, වැලිපැන්න.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks