iranama
ජ්‍යෙතිෂය පිළිබඳ ධර්මානුකූල විවරණයක්
සූර්යයා ඇතුළු ග්‍රහ තාරකාවන් පිළිබඳ කරුණු තාරකා විද්‍යාවෙන් උගන්වනු ලැබේ. පෘථිවිය පිළිබඳව විශේෂිත කරුණු භූගෝල විද්‍යාව මගින් අධ්‍යයනය කෙරේ. "ජ්‍යෙdතිෂය" යනු මෙම විද්‍යාවන් දෙකම පදනම් කර ගනිමින් ඉන් බොහෝ ඔබ්බට දියුණු වූ විශිෂ්ට ශාස්ත්රයකි. එනම් තාරකා විද්‍යාව මගින් ග්‍රහයන්ගේ චලිතය ගැන කියනු ලබන අතර එම චලිතය ගැනත්, එයින් මිනිසා ඇතුළු පරිසරයට සිදුවන බලපෑමත් ජ්‍යෙdතිෂයෙන් අනාවරණය කරයි.
aa"ජ්‍යෙdaති" යන්නෙන් දිලිසීම යන අරුත දේ. කුමන දිලිසීමද? ග්‍රහ වස්තූන්ගේ දිලිසීමයි. හිරු කිරණ වැටී ග්‍රහ වස්තූන්ගෙන් පරාවර්තනය වන ශක්ති මිනිසුන්ගේ දෛවයටත්, කාලගුණික විපර්යාස කෙරෙහිත්, සියලු සතුන්ටත් කරන බලපෑම විස්තර කරන බැවින් මෙම ශාස්ත්‍රයට ජ්‍යෙdතිෂ් ශාස්ත්‍රය යන නම භාවිත කෙරේ.
ජ්‍යෙdතිෂය ලොවට දායාද කළෝ Rෂිහු වෙති. චිත්ත සමාධිය උසස් තත්ත්වයට දියුණු කළ එතුමෝ ග්‍රහ චලිතය පිළිබඳ කරුණුත් එයින් සිදුවන බලපෑමත්a අලලා ජ්‍යෙdතිෂය ලොවට දායාද කළහ. පැරැන්නෝ දැනුම යන්න හැඳින්වූයේ "වේදය" යන නමිනි. වේදය මහා පුරුෂයකු නම් ජ්‍යෙdතිෂය ඔහුගේ "ඇස්" බව වේදය අංග හයකට බෙදූ තැන සඳහන් වේ.
ඇස් නැති කෙනකුට ලෝකය දැකිය නොහැකිය. අන්ධකාර කාමරයක පහනක් දැල්වූ විට සියල්ල පෙනෙන්නාක් මෙන් ජ්‍යෙdතිෂයට සියල්ල පෙනේ.
මේ විශිෂ්ට ශාස්ත්රයේ ඉතිහාසය කිව නොහැකි තරම් දිගය. එහෙත් මේ ශාස්ත්‍රය බුද්ධ ධර්මයට කොතෙක් එකඟ දැයි තර්ක විතර්ක ගොඩනැඟෙනු දක්නට ලැබේ. අප මෙහිදී උත්සාහ කරන්නේ ජ්‍යෙdතිෂය ගැන ධර්මානුකූල විමසුමක් කිරීමට ය. එය බුද්ධිමත් පාඨකයන්ගේ ප්රයෝජනයම පිණිස වේ යෑයි අපි සිතමු.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ සුවිශේෂී අංශ වශයෙන් කර්මය හා පටිච්ච සමුප්පාදය පෙන්වා දිය හැකිය. සත්වයාගේ විවිධත්වයට හේතුව කර්මය බව චුල්ල කම්ම විභංග සූත්‍රය, මල්ලිකෝවා සූත්‍රය, මහා කම්ම විභංග සූත්‍රය ආදී සූත්‍ර ධර්මවල පැහැදිලිව දක්වා තිබේ. මේ අනුව රෝගී වීම හා නිරෝගී බව, ඉගෙනීමට දක්ෂතා දක්වන අංශ, කෙරෙහි කර්මවල බලපෑම සුළුපටු නොවේ. එහෙත් කර්ම විපාක පිළිබඳව කිසිවක් නොසලකා කෙරෙන බටහිර වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර හා නූතන අධ්‍යාපන ක්‍රම අසම්පූර්ණ බව අමුතුවෙන් කිව යුතු නොවේ.
කර්ම විපාක හා පටිච්ච සමුප්පාද ධර්මය ගැන කතා කරන කිසිදු ලෞකික විද්‍යාවක්a නැති අතර කර්ම විපාක පදනම් කරගනිමින්, පුනර්භවය පිළිගනිමින්, අටලෝදහම ගැන අවබෝධයෙන් බිහිවූ එකම ලෞකික විද්‍යාව ජ්‍යෙdතිෂ ශාස්ත්‍රය බව පිළිගැනීමට සිදු වේ. එහෙත් ජ්‍යෙdතිෂය ලෞකික දියුණුව සඳහා බවත් බුද්ධ ධර්මය ලෝකයෙන් එතෙර වීම හෙවත් නිවන සඳහා බවත් දත යුතු වේ. වෛද්‍ය විද්‍යාව, ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව වැනි විෂයයන් මානව සමාජයට කොතරම් ප්‍රයෝජනවත් වන්නේද? ජ්‍යෙdතිෂය ද එවැනි ම වූ විද්‍යාවක් බව කිව යුතුය.
යම් දරුවකු උපදින මොහොතක එම උපන් ස්ථානයේ සිට හෙවත් එතැන කේන්ද්‍ර කර ගනිමින් වෘතයක් ඇන්දේ නම් එම වෘතය වටා ග්‍රහයන් හා තාරකාවන් පිහිටි අන්දම සඳහන් කෙරෙන සටහන කේන්ද්‍රයයි. කේන්ද්‍රය වූයේ උපන් ස්ථානයයි. ග්‍රහ වස්තූන් සටහන් වන බැවින් ඊට සඳහන } හඳහන යන වචනය බිහිවී තිබේ.
උක්ත වෘත්තය කොටස් දොළහකට බෙදා ඒවා රාශි වශයෙන් ද භාව වශයෙන් ද ගණනය කරන අන්දම ග්‍රහ ගණිතයේ ඉගැන්වේ. රවි, සඳු, කුජ, බුධ, ගුරු, සිකුරු, සෙනසුරු යන ග්‍රහයන් මෙම කොටස් 12 ඇතුළත සිටි අන්දම හඳහනේ දක්වා තිබේ. එක කොටසක් අංශක 300 කි. සූර්යා වටා පෘථිවිය ගමන් කරන කල්පිත රේඛාවත්, සඳු පෘථිවිය වටා ගමන් කරන රේඛාවත් කැපෙන තැන් රාහු, කේතු නම් වේ. ඒවාට ඡායා ග්‍රහයෝ යෑයි කියනු ලැබේ. ග්‍රහ ගණිතය පැරණි මුතුන් මිත්තන් සතු දැනුමක් මිස නවීන විද්‍යාවෙන් දැනගත් දෙයක් නොවේ.
අටලෝ දහම සහ කේන්ද්‍රය
අප සියලු දෙනාටම මුහුණ දීමට සිදුවන කරුණු අටක් ගැන ධර්මයේ සඳහන් ය. ලාභ - අලාභ, යස- අයස, නින්දා - ප්‍රශංසා, සැප - දුක යනු ඒ කරුණු අටයි. මෙම කරුණු පෙන්වන භාව අටක් කේන්ද්‍රයේ තිබේ.
"aසැප" හෙවත් නමවන භාවය
කේන්ද්‍රයේ නමවන භාවය (කොටුව) සුබ ස්ථානය, පුණ්‍ය ස්ථානය යනුවෙන් ද භාග්‍ය ස්ථානය යනුවෙන්ද නම් කර තිබේ. එනම් යම් කෙනකුගේ කේන්ද්‍රයේ නම වැන්න බලවත් නම් ඔහු හෝ ඇය නිරෝගී වූ සැප විඳින සමාජයේ ගෞරවය ලබන කෙනෙක් වනවා ඇත. උසස් අධ්‍යාපනය, ලබන සිල්වත් අය මෙයින් බිහි වේ. මෙම භවයෙන් කියනු
බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ සුවිශේෂී අංශ වශයෙන් කර්මය හා පටිච්ච සමුප්පාදය පෙන්වා දිය හැකිය
Wmqgd .ekSu