iranama
ග්‍රහලොව සෙන්පති බලවත් වෙති.
අර්බුද රැසක්...
ලග්න රැසකට සුබයි
ගුවන් අනතුරු ඇතිවිය හැකිය
කාලගුණ විපර්යාස නිසා ගොවිතැනට හානි
අධ්‍යාපන අංශවල කැළඹිලි
සෞරග්‍රහ මණ්ඩලය රාජධානියක් ලෙසත් සූර්යයා ඇතුළු ග්‍රහයන් එහි විවිධ තනතුරු දරන්නන් ලෙසත් ජ්‍යෙdතිෂය ලොවට හෙළිකළ සෘෂිවරු හඳුන්වාදී ඇත. එසේ කර ඇත්තේ ඒ ඒ ග්‍රහයන් කරන්නේ කුමක්දැයි වටහා ගැනීමේ පහසුව පිණිසය.
මේ අනුව ග්‍රහයන් අතර රජු හිරුය. සෙන්පති, කුජ හෙවත් අඟහරුය. සඳු බිසවද, බුධ රාජ්‍ය ලේකම්ද, ගුරු පුරෝහිතද සෙනසුරු සේවකයාද වෙයි. කේන්ද්‍රයේ කොටු 12 මේ අයට සතුරු මිතුරු වශයෙන් වෙන්වී තිබේ.
මෙහිදී ග්‍රහ මණ්ඩලයේ සෙන්පති වශයෙන්a සලකන කුජ හෙවත් අඟහරුට ග්‍රහයන් අතර චණ්ඩියා යෑයිද කියනු ලැබේ. ඊට හේතුව කුජ ග්‍රහයා නිර්භීත, එඩිතර විප්ලවකාරී ප්රචණ්ඩ සටන්කාමී ගති පෙන්වන බැවිනි. මෙම කුජ ලබන පෙබරවාරි මස
20 වැනිදා තමන්ටම අයත් වෘශ්චික රාශියට මාරු වනවා ඇත.
වෘශ්චිකය කුම්භ රාශිය හිමි ලංකා කේන්ද්‍රයේ දහවැන්න වන්නේය. එයින් රජය හා පාලකයන් ගැන නිවේදනය කෙරේ. කුජ ග්‍රහයා වෘශ්චික රාශියට පිවිසීම වසර දෙකකට පමණ වරක් සිදුවන නමුත් මෙහි විශේෂත්වය වන්නේ කුජ ඇතුළු වන රාශියේ දැනටමත් කම්කරු නායකයා ලෙස සැලකෙන සෙනසුරුද සිටීමයි. කම්කරු නායකයාත්, සෙන්පතිත් හිතවතුන් නොවේ. මෙසේ හිතවත් නැති සතුරු ආකල්ප ඇති දෙදෙනකු එක ගෙදරක වාසය කරන විට ඇතිවන තත්ත්වයන් කුජ ශනි දෙදෙනා වශයෙන් රාශි ගතවීම සමාන කළ හැකිය.
මෙම ග්‍රහයන් දෙදෙනාම මෙසේ ගමන් කරන්නේ කලාතුරකිනි. පසුගිය 2014 අගදීත් 1956-58 වසරවලත් කුජ ශනි දෙදෙනා ලංකා කේන්ද්‍රයේ දහවැන්නේ ගමන් කර ඇත. මේ වකවානුවේ ලංකා රජයේ විවිධ අර්බුදකාරී තත්ත්වයන් නිර්මාණය වූ කාල පරිච්ඡේදය බව සිහිපත් කළ හැකිවේ. මෙවර මෙම ග්‍රහ සංයෝගය අප රටට සහ ඔබට කුමක් සිදු කරන්නේදැයි සොයා බැලීම කාලෝචිත බව පෙනේ. එය බොහෝ අර්බුද ඇති කරන කාලසීමාවක් බව කිව හැකිව තිබේ. අධ්‍යාපන අංශවල කැළඹිළි වර්ධනය වේ.
රාජ්‍ය තන්ත්රයේ විශේෂ වෙනස්වීම් කිහිපයක් පෙබරවාරි 20 දාත්, ජුලි 25 වැනිදාත් අතර සිදුවනු ඇත. මේ අතර දැනට රජයට විරද්ධව සිටින කිහිප දෙනෙක් ඉදිරියේදී රජය සමඟ එක්වනු ඇත. එමෙන්ම විවිධ විරෝධතා, වර්ජන, කැළඹිලිවලටද මුහුණපෑමට රජයට සිදු වන්නේය. එමෙන්ම නියඟය හා කාලගුණ විපර්යාස නිසා ගොවිතැන්වලට හානි සිදුවනු ඇත. අහස් යානාවක කඩාවැටීමක් හෝ ගුවන් අනතුරක් ගැනද උක්ත කාලය තුළ අසන්නට ලැබෙනවා ඇත. වායුගෝලයට විවිධ විෂ වර්ග එකතුවීමෙන් මහජන සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති වේ. නව දේශපාලන බලවේගයක් බිහිවීමටද ඉඩ තිබේ. 1956, 2014 වසරවලද මෙවැනි තත්ත්වයන් හා මෙම ග්‍රහ සංයෝගය උදාවී තිබීම සැලකිය යුත්තකි. කුජ මාරුව උපන් ලග්නවලට බලපාන්නේ මෙසේය.
මේෂ - තරමක් අපලදායක බව පෙනේ. ශරීර සෞඛ්‍යය ගැන බොහෝ ප්‍රවේශම් විය යුතු වේ. අපකීර්තියට පත්වීම්, අනතුරු සිදුවීම් ගැන සැලකිලිම්මත් වන්න. විවාහ සහකරුටද තරමක් අපලදායකයි. විශේෂ සුබ කටයුතු ආරම්භයට සුදුසු කාලයක් නොවේ. ග්‍රහ ශාන්ති කර්ම කර ගැනීම මගින් අපල දුරු කරගත හැකි වේ.
වෘෂභ - අඹු-සැමි භේද දුරුවී යයි. විවාහ යෝජනා ස්ථිර වීමට ඉඩ තිබේ. එහෙත් යටි බඩේ උෂ්ණාධික රෝග, හිසේ රෝග ඇතිවිය හැකිය. හවුල්කරුවන් අමනාප වීමට ඉඩ තිබේ. අඬදබරවලට මැදිවීමට ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් වන්න. සතුරු කරදර ඇතිවන නමුත් සතුරන්ගෙන් ජයගත හැකි කාලයකි.
මිථුන - සාමාන්‍යයෙන් සුබදායකයි. අධ්‍යාපන කටයුතුවලට තිබූ බාධා ඉවත් වේ. සේවක පක්ෂයේ ගැටලු මතුවීමට ඉඩ තිබේ. බලාපොරොත්තු වූ ණය මුදලක් ලැබේ. උත්සාහය ධෛර්යය වැඩි වේ. සතුරු කරදරයකින් ජය ලැබේ. අසනීපවලින් සුවය ලැබේ.
කටක - විනෝදය වෙනුවෙන් අධික ලෙස පෙළඹී යැමටද මේ නිසා දියුණුවට කරන කටයුතු අතපසුවීමටද ඉඩ තිබේ. අනියම් පෙම් සබඳතාවලින් ප්‍රවේශම් වන්න. මුදල් ආයෝජනය කළ යුත්තේ දුරදිග බලාය. දරුවන්ට අපල කාලයක් බව පෙනේ. අධ්‍යාපන කටයුතුවලට තරමක බාධා පවතී.
සිංහ - ඉඩම් පිළිබඳව දියුණුවට කරන කටයුතු සාර්ථක කරගත හැකි වේ. බෙදුම් නඩුවකින් ජය ලැබේ. කේන්තිය පාලනය කරගත යුතු කාලයකි. ගෙදර පිංකමක් කිරීමට අවධානය යොමුවේ. මාපියන් අමනාප වීමට කරුණු යෙදිය හැකිය. රැකියා දියුණුවකටද හේතුය. ඉඩම්වල ගෙපැල් කැපීම වැනි කටයුතුවලට සුබයි.
කන්‍යා - චිත්ත ධෛර්යය ඉහළ යයි. අසල්වාසීන් සමඟ තිබූ අමනාපකම් ඉවත් වේ. ලිපි ලේඛන පිළිබඳ කටයුතුවලට සුබයි. සතුරන්ගෙන් ජය ලැබේ. ශරීර සනීපය වර්ධනය වේ. ලාභදායක ගමන් බිමන් යෙදේ. සහෝදරයන්ගේ උදව් උපකාර ලැබේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබෙන කාලයකි.
තුලා - බිරිඳ හෝ සැමියා නිසා ධනයක් ලැබීමට කරුණු යෙදේ. කතාවේ බලය පෙන්විය හැකි වේ. සාකච්ඡා සාර්ථක වේ. වියදම්ද ඉහළ යයි. එමෙන්ම කතාව නිසා සතුරන් ඇතිවීමටද ඉඩ තිබේ. පවුලේ අය සමඟ කටයුතු කරන විට කේන්තිය පාලනය කර ගන්න. මුහුණ ආශ්රිත ඉන්ද්රියයන්ගේ ආබාධ ඇතිවිය හැකිය.
වෘශ්චික - දැනට ලග්නයේ ගමන් කරන සෙනසුරු සමඟ කුජද එක්වීම අනවශ්‍ය කරදර ඇති කරන කාලයක් බව පෙනේ. වාහනවලට කෙරෙන වියදම අධික වේ. පවුලේ අය සමඟ දුර ගමන් බිමන් යැමටද හැකිවේ. ඌෂ්ණාධික රෝග, සුළු අසනීප ගති ඇති කරයි. හිතවත් මිතුරෙක් හෝ අසල්වැසියන් අමනාප වීමට ඉඩ තිබේ.
ධනු - සාර්ථකව කරගෙන ආ කටයුත්තකට බාධා අවහිර මතුවන කාලයකි. නිවාස ඉදිකිරීම්වලට බාධා පැමිණේ. ගෙවල් වැඩ ආරම්භ කිරීමට සුබ කාලයක් නොවේ. ගෙදරින් පිට දුර ගමන් යෙදේ. විදේශ ගමන් සාර්ථක වනවා ඇත. මව හෝ පියාට අපලදායකයි. සිත් තැවුල් ඇතිවීමට කරුණු යෙදෙන අතර වියදම් ඉහළ යනවා ඇත.
මකර - සුබපලදායක වේ. උසස් අයගේ ආධාර උපකාර ලැබේ. අලුත් මිතුරන් හඳුනා ගැනීමට අවස්ථා උදාවේ. සහෝදරයන්ට සුබදායකයි. ධන ලාභ ලැබේ. ඉඩම් ගෙවල් පිළිබඳ කටයුතු ආරම්භයට සුබපලදායකවේ. තනතුරේ හෝ තත්ත්වයේ උසස් වීම්වලට හේතුයි. වාහන මිලට ගැනීමට තිබූ බලාපොරොත්තු ඉටු වේ.
කුම්භ - මිශ්රපලදායක කාලයකි. රැකියා අංශවල තමන්ගේ බලය වැඩිවිය හැකියි. දූරදර්ශීව කටයුතු කිරීමෙන් බලාපොරොත්තු ඉටුකර ගත හැකි වේ. උත්සාහය ධෛර්ය ඉහළයි. නමුත් සේවක පක්ෂය සමඟ අමනාපකම් ඇතිවීමටද ඉඩ තිබේ. නිවසේ දියුණුවට කරන කටයුතුවලට බාධා පවතී.
මීන - පසුගිය කාලයේ තිබූ කරදරයකින් නිදහස ලැබේ. දුර වන්දනා ගමන් යෙදේ. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කකරගත හැකි වේ. වියදම් පාලනය කරගත හැකිවේ. නමුත් ගෙදර වැඩිහිටියෙකුට අපලදායකයි. හිතේ චංචල බව, මානසික අසහනය වැනි තත්ත්වයන්ට හේතුයි.
කුජගේ අපලයක් ඇති විට රතුපාට ඇඳුම් භාවිතය අශුභදායක වේ. මිරිස් සහිත ආහාර ගැනීම අඩුකළ යුතුය. කේන්තිය පාලනය කරගෙන ඉවසීම, කරුණාව, මෛත්‍රිය වැනි හැඟීම් වර්ධනය කරගත යුතු වේ. ලේ දන්දීම හා මරණයට කැපවූ සතුන් නිදහස් කිරීම මගින් අපල සමනය වේ. බුද්ධ පූජා, බෝධි පූජා තබා මංගල සූත්‍රය සඡ්ජායනා කිරීමද කතරගම දෙවියන්ගේ පිහිට පැතීමද ශුභය. අභිසම්භිධාන, රතන, නවගුණ නවග්‍රහ මණ්ඩල යන්ත්‍රයක් පැළඳීමද අපල සමනය කරනවා ඇත.
Wmqgd .ekSu u