iranama
කුවා අංක අනුව ඔබට සුබ දිශාව
ඔබ උපන් වර්ෂය අනුව ඔබගේ චීන ලග්නය හා කුවා අංක අප ලබා දුන්නෙමු. ඔබගේ කුවා අංකය දන්නේ නැති නම් අනිවාර්යයෙන්ම පසුගිය සතියේ තරුපති පුවත්පත සොයාගෙන ඔබගේ චීන ලග්නය සහ කුවා අංකය සොයාගන්න. මෙම සතියේ අප ඔබට පෙන්වා දෙන්නේ තමන්ගේ උපන්දිනය අනුව ඔබට ලැබෙන කුවා අංකයට සුබ දිශාවන් සහ ඒවා භාවිත කරන පිළිවෙළය. මෙම කරුණු නිවැරැදිව පිළිපැදීමෙන් ඔබගේ බොහෝ කටයුතු සාර්ථක කරගැනීමට හැකිවන බව නොඅනුමානය.
inShare
Mawbima, 2016-02-27 02:00:00
Read 160 Times
පසුගිය සතියේ
(එනම් 2016 පෙබරවාරි මස 21 තරුපති අතිරේකයෙහි) ඔබ උපන් වර්ෂය අනුව ඔබගේ චීන ලග්නය හා කුවා අංක අප ලබා දුන්නෙමු. ඔබගේ කුවා අංකය දන්නේ නැති නම් අනිවාර්යයෙන්ම පසුගිය සතියේ තරුපති පුවත්පත සොයාගෙන ඔබගේ චීන ලග්නය සහ කුවා අංකය සොයාගන්න. මෙම සතියේ අප ඔබට පෙන්වා දෙන්නේ තමන්ගේ උපන්දිනය අනුව ඔබට ලැබෙන කුවා අංකයට සුබ දිශාවන් සහ ඒවා භාවිත කරන පිළිවෙළය. මෙම කරුණු නිවැරැදිව පිළිපැදීමෙන් ඔබගේ බොහෝ කටයුතු සාර්ථක කරගැනීමට හැකිවන බව නොඅනුමානය.
කුවා අංකය අනුව
ඔබට සුබ දිශා 4
එක් එක් සුබ දිශාවන් භාවිතයෙන් ඔබ වෙත එල්ලවෙන බලපෑම පිළිබඳ කෙටි විග්‍රහයක්.
ධනයේ දිශාව
මෙම දිශාවෙන් ඔබට සමෘද්ධිමත් ජීවිතයක් උදාවීම සහ ධන වාසනාව කෙරෙහි බලපායි. තවද ව්‍යාපාරික කටයුතු මෙහෙයවන විට සහ පාලනය බලය මෙහෙයවන විට උසස් ප්‍රතිඵල ලබාගත හැකිය.
සෞඛ්‍ය දිශාව
ඉතාම යහපත් ශරීර සෞඛ්‍යයක් ලබාගැනීමටත් අන් අයගේ උදවු උපකාර ලබාගැනීමටත් සහ තමන්ට සිදුවිය හැකි අවසානාවන්ත සිදුවීම්වලින් වැළැකී සිටීම සඳහාත් මෙම දිශාව ප්‍රයෝජනවත් වේ.
ආදරයේ දිශාව
තමන්ගේ නිවෙස තුළ සමඟිය සමාදානය වර්ධනය කළ හැකිය. විශේෂයෙන්ම අවිවාහකයන්ට මංගල යෝජනා ගෙන ඒමට මෙම දිශාව මහත් පිටිවහලකි.
අධ්‍යාපනයේ දිශාව
අධ්‍යාපන කටයුතු දියුණු කරවයි. නිවැරැදි දේ කිරීමට මනස පොලඹවයි. කුඩා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු බෙහෙවින් සාර්ථක කරවයි.
දැන් ඔබ කළ යුතු වන්නේ ඔබගේ අවශ්‍යතාව මත දිශා තෝරාගැනීමයි. මෙහිදී විශේෂයෙන්ම කිවයුතු කාරණය නම් ඔබගේ කුවා අංකය අනුව ධනය, සෞඛ්‍යය, ආදරය හා අධ්‍යාපනය ලෙස වෙන් වෙන්නට සටහන් කළද, මෙම දිශා 4ම ඔබට සුබ වන අතර එහි වැඩිම බලපෑම ඇත්තේ කුමකටද යන්න පමණක් මෙහි සටහන් කර තිබීමයි. මෙම දිශා 4න් ඔබගේ නිවෙසේ පිහිටීම අනුව දිශා තෝරාගත හැකිය. මින් ඔබට යහපතක් මිස අයහපතක් සිදුවන්නේ නැත.
මෙහිදී ඔබට මෙම දිශා භාවිත කළ හැකි ප්‍රධාන ආකාර කිහිපයක් ඇත.
පළමු ආකාරය නම් ඔබට සුබ දිශාවක කාමරයක් තෝරා ගැනීමයි. දෙවැනි ආකාරය නම් ඔබට නිදාගැනීමේදී ඔබට සුබ දිශාවකට හිස දැමීමයි. තෙවැනි ආකාරය නම් ඔබ රාජකාරී හෝ පාඩම් වැඩවල නිරත වන විට සුබ දිශාවකට මුහුණ ලා වැඩකටයුතුවල යෙදීමයි. වෙනත් විශේෂ සෑම කටයුත්තකදීමත් සුබ දිශාවක් භාවිත කිරීම ඔබට වඩාත් වාසි සහගත වේ.
නමුත් 2016 වසරට විශේෂ කාරණයක් ඔබ දැනගත යුතුය. මේ වසරේ ඊසාන දිශාව වසරේ අසුබ දිශාව වන හෙයින් එම දිශාව භාවිතය, එම දිශාවට හිස දැමීම, එම දිශාවට මුහුණ දැමීම නොකරන්න. තවද ඔබ වාඩිවී වැඩ කරන අයෙක් නම් පමණක් ඔබ උතුරට මුහුණලා වාඩිවීම නොකරන්න. වැඩි විස්තර ඉදිරි සතිවලදී සවිස්තරාත්මකව පැහැදිලි කෙරේ.
Wmqgd .ekSu u