iranama
කුජ-ශනි යුද්ධයෙන් මිථුන කන්‍යා මකර කුම්භ ලග්නවලට සහනයක්
දිගටම විපත්ති, ව්‍යසන ගෙන දුන් කුජ ග්‍රහයා වක්‍රයෙන් මිදී ජුනි මස 30 වැනි දින නිවෘත වේ. මෙය එක්තරා සැනසීමක් ලෙස හැඳින්විය හැක.
අඟහරු හෙවත් භූමිපුත්‍ර යනුවෙන් හඳුන්වන කුජ ග්‍රහයා මහ පොළොවට සමාන ග්‍රහයකු ලෙස සැලකේ. එම කුජ වක්‍රවී කළ දෑ සුළුපටු නොවේ. හානි, ව්‍යසන, විපත්ති මහා ප්‍රමාණයෙන් මෙරටේ ද ලෝකයේ ද සිදුවිය. ලේ සෙලවීම්, ඝාතන, කම්පන, භූචලන, නායයාම් කළ කුජ වක්‍රයෙන් මිදී නිවෘත වන්නේ මෙම ජුනි මස 30 වැනි දා උදේ 5.06ටයි. මෙය එක්තරා සැනසීමකි.
එසේ ගමන් කරන කුජ ජූලි 12 යළි වෘශ්චික රාශියට පැමිණේ. මෙම කුජ අගෝස්තු 24 සවස 4.58ට සෙනසුරු සමග හරියටම සංයෝග වේ. එමෙන්ම මෙය කුජ-ශනි යුද්ධයකි. මෙම ග්‍රහ යුද්ධයෙන් කුජ පරදී. ලෝකයේ කිසියම් සන්සුන් බවක් වේද එය ප්‍රකම්පනය කරමින් යළිත් අදෝනා නගන අනතුරු පීඩා, අහස්, නාවික අනතුරු, කාලගුණ දේශගුණ විපර්යාස සඳහා මෙය බලපායි. යුදගිනි අවි සම්බන්ධ මර්මස්ථානවල ඇති කරන හානිදාක සිදුවීම් මෙම කාලය ආශ්‍රිතව සිදුවීම නිශ්චිතය. ලොව හමුදා රජයන් බිඳවැටී පොදුජන බලය ඉස්මතු වූ පාලනයන් ඇති වේ. අගෝස්තු 24 පාදක කර ගනිමින් එහා මෙහා සති දෙකක කාලය ඉතාමත් අයහපත් සිද්ධීන් ගහනය.
මිථුන, කන්‍යා, මකර, කුම්භ ලග්න හිමියන්ට මෙය අයහපත් නොවන අතර මේෂ, කටක, සිංහ, වෘශ්චික, ධනු ලග්න හිමියන් සුපරික්ෂාකාරී විය යුතුය. පෙර සඳහන් කර ඇති අයුරුම ධර්මානුකූලව ජීවත්වීම එකම පිළියමය.
මූත්‍රා, වකුගඩු රෝග, සෙංගමාලය, ආතරයිටිස්, සන්ධි පීඩා, නහරගත පීඩා ඇති අයට පීඩාවන් උග්‍රවිය හැක.
විෂ්ණු, කතරගම දෙවියන්ට පුද පූජා පැවැත්වීම, විශේෂයෙන් බෝධිපූජා තබා දසදිසා පිරිත, අබිසම්භිදානය පිරිත සජ්ඣායනය කිරීම යහපත්ය.
ceylonweek.com