iranama
කිරි ගහේ නැකැත හදන හැටි
නැකැතක් හැදීම තරමක් දුෂ්කර වැඩක්. පංචාංග ලිතේ ඒ ඒ කාර්යයන් සඳහා නැකැත් වෙන වෙනම ලියා තිබෙනවා. බොහෝ දෙනා ඒ නැකැතක් ලියා දීලා සේවාදායකයා, පිටත් කරනවා. ඒක හොඳ මදි. මොකද... ලිතේ දක්වලා තිබෙන්නේ පොදු නැකැත් පමණයි. ඒවා ඒ ඒ අයගේ ජන්ම නැකැතට සීහෙනවාද නැතිනම් ගැළපෙනවාද නැද්ද කියා සොයා බැලිය යුතුයි.
අපේ කතාවක් තිබෙනවා "හරියට කිරි ගහට ඇන්න වගේ" නැකැත හදලා තිබුණා කියලා. ඒ කිරි ගහේ නැකැත හදන්න හුඟක් මහන්සි වෙන්න ඕන. ඇතැම් වෙලාවට පැය තුන හතරක් යනවා හොඳ නැකැතක් හදා ගන්න. හේතුව නැකැත කිරි ගහේ නැකැත වෙන්න කරුණු කීපයක්ම හරියන්න ඕන නිසා.
පළමුවැනි කාරණය තමයි ජන්ම නැකැතට සිහෙන නැකැතක් සොයා ගැනීම. නැකැත් සීහුම් චක්‍රය "නැකැත් හදන හැටි" පොතේ තිබෙනවා. ඉන් ජන්ම සම්පත් සාධක ක්ෂේම මෛත්‍රි යන නැකැත් සුබයි. වධ ප්රත්යාරි විපත් නැකැත් අසුබයි. දෙවනුව නැකැත යෙදී ඇති දිනම කාලහෝරාව ගළපා ගැනීම වැදගත්. කාල හෝරාවේ පංචම කාල හෝරාව සූක්ෂම කාල හෝරාව කියා කොටස් දෙක තුනක්ම තිබෙනවා. හෝරාව කියන්නේ පැයකට. කාල හෝරා චක්‍රය ගැනත් ඔබ දැන් හොඳටම දන්න නිසා දිගින් දිගට චක්‍ර වගු ප්‍රස්ථාර ඉදිරිපත් කරන්නේ නැහැ. නැකැතට නැකැත සීහුම් නම් දෙවනුව බලන්නේ හොඳ හෝරාවක් ගැන. ඕනම වැඩකට සුබ හෝරාව තමයි සඳුගෙ, සිකුරුගෙ, බුධගෙ, ගුරුගෙ, හෝරා හතර. හැබැයි කුජගෙ, ශනිගෙ හෝරාවලදීත් සුබ නැකැත් සාදන හැටි ජේයාතිෂයෙ දක්වා තිබෙනවා. ඒවා සිද්ධි, අමෘත, චර, නන්දා යන යෝගවලින් විස්තර කෙරෙනවා. බ්‍රහස්පතින්දා දිනක 5, 10, 15 යන තිථියක් උදාවෙලා තිබුණොත් එය සිද්ධි යෝගයක්. වැඩ සඵල වෙනවාමයි. මේව හොඳට පොත් බලල කියවලා අවබෝධ කරගන්න ඕන.
නැකැත් හොඳනම් හෝරාවත් හොඳනම් තිථියක් හොඳනම් ඊළඟට බලන්න ඕන පක්ෂියා රජ කරන වේලාව හෝ භෝජන අවස්ථාව. නැකැත් 27ට අනුව පංච පක්ෂි ක්‍රමයක් තිබෙනවා. මේව පංචාංග ලිතේ දක්වලා තිබෙනවා. පක්ෂි රජ, භෝජන අවස්ථා දෙක අනුව යෙදෙන කාලය සොයා ගැනීම වැදගත්. මේ කියන සේරම කාරණා අල්ලන්න ගියාම නැකැත් හැදිල්ල එපා වෙනවා. ඒ වුණත් අප නියම කිරිගහේ නැකැත සේවාදායකයාට සාදා දිය යුතුයිනේ.
ඕනෙම කෙනකුට සතියේ සුබ දිනයක් වගේම අසුබ දිනයක්ද තිබෙනව. එය අප තෝරා බේරා ගන්නේ 22 වැනි දෙකර්ණාධිපති ග්‍රහයා අනුවයි. රවි 22 වන දෙකර්ණාධිපති නම් ඉරිදා දවසත්් සතියේ සෑම දිනකම රවි හෝරාව යෙදෙන කාලයත් අසුබයි. ඕනම කෙනකුට දවසේ සෑම පැය 24න් පැය දෙකක් අසුබයි. මේවා හරිහැටි සොයා ගැනීම වැදගත්.
නැකැත් සෑදීමේදී ඒ ඒ කාර්යය සඳහා ගැළපෙන නැකැත් ජේයාතිෂයෙහි දක්වා තිබෙනවා. විවාහයට සුදුසු නැකැත් වෙනම දක්වා ඇති අතර ගෘහ නිර්මාණයට වෙනත් නැකැත් කීපයක් දක්වා තිබෙනවා. ගොවිතැනට සුදුසු නැකැත ගමන් යෑමට සුදුසු නැහැ. මේ ගැන නැකැත් 27 ඒ ඒ කාරණ සඳහා වෙන්කර දක්වා ඇති අන්දම ගැන ජේයාතිෂ පොතපතෙහි සඳහන් වෙනවා.
හොඳට මතක තබා ගන්න. හරියට නැකැත හැදුවොත් වඳ ගැහැනුන්ටත් ළමයි හම්බවෙන නැකැත් තිබෙනවා. තුංමංසලේ ගෙවල් හැදුවත් ව්‍යාපාර ආරම්භ කළත් නැකැත හරිනම් සුබ පලයක්ම උදා වෙනවා.
කරන කියන වැඩ සාර්ථක වෙනවා. සිද්ධි අමෘත චර නන්ද්ර යෝග උදාව තිබියදී පක්ෂි භෝජන රජ අවස්ථාව අනුව සීහෙන නැකැත සාදා දීමෙන් සේවාදායකයාට යහපත් නැකැතක් සාදා දිය හැකියි. හැබැයි ඊට මහන්සි වෙන්න ඕන. ඔබ හරියට කිරි ගහේ නැකැත කෙනකුට සාදාදී යහපත උදාකර දුනහොත් ඔබේ කීර්තිය අවට ගම් හතකටම පැතිරේවි.
Wmqgd .ekSu u