iranama
කැමැති දේ නොලැබෙන දුක
කැමැති දේ නොලැබෙන විටත් එසේ වීමට විවිධ අවහිර බාධක ඇතිවන විටත් කරකියා ගත නොහැකි වූ විට ජන්ම පත්‍රය රැගෙන ජ්‍යෙdතිෂඥයෙක් ළඟට යැම සාමාන්‍ය ජන ජීවිතයේ සිරිතකි. එවිට දැනගන්නට සිදුවන්නේ අපල කාලයක් ලබා ඇති බවය. අපල යනු පලක් නැත යන්නය. මෙලොව ඉපදෙන මිනිසාට කලින් කලට එවැනි දෛවයන් මතුවෙයි.
මෙයින් බොහෝ වැදගත් කරුණු අතර රැකියාවක් නොලැබීම - විවාහයක් නොලැබීම - දරුඵල නොලැබීම - ගෙයක් දොරක් තනාගන්නට කොහොමටත් නොහැකි වීම - ආරම්භ කරන්නට සිතා සිටින බොහෝ කටයුතු මාස ගණන්, අවුරුදු ගණන් අතපසු වී යැම ආදී දේවල් දැක්විය හැකිය. මේවා මිනිස් ලොව බලපාන කැමැති දේ නොලැබෙන දුක්ය. විශේෂයෙන් සෑම ලැබීමකටම මුල් වන මුදල් හදල් නොලැබීම ඒ සියලු නොලැබීම් අතර ප්‍රධානම නොලැබීම වෙයි.
බුද්ධ දේශනාවේ මෙම කැමැති දේ නොලැබෙන දුක විශේෂ වශයෙන් දක්වා තිබේ. එසේම එසේ වීමට හේතු භූත වන කරුණු ගැන ද බුද්ධ දේශන අනුව දැකිය හැකිය. ගාම්භීර ධර්මය කෙරෙහි අවබෝධයක් නැති අය මෙම තත්ත්වයන්ට වගකිව යුත්තේ ග්‍රහයන් බවට විශ්වාස කරති. ග්‍රහයන් යනු විශ්ව ශක්තීන්ය. විශ්ව ශක්ති වලින් සත්ත්වයන්ට - ලෝකයට යම් යහපතක් හෝ අයහපතක් සිදුවීමට නම් තවත් විශ්ව ශක්තීන් සමඟ සම්බන්ධ විය යුතුය.
ඇල්බට් අයින්ස්ටයින් නම් විද්‍යාඥයා "සාපේක්ෂතා වාදය" නම් ග්රන්ථයක් ලියමින් මේ විශ්ව ශක්තීන්ගේ විවිධ වූ ශක්ති එකිනෙක සම්බන්ධ වීමෙන් ලෝකයේ බොහෝ යහපත් අයහපත් දේවල් සිදුවන බව පෙන්වා දෙයි. රෝස මලකට අලංකාර වර්ණයක්, හැඩයක් හා මන මෝහනීය සුවඳක් ලැබෙමින් හටගත්තේ ද විශ්ව ශක්තීන් ගණනාවක් එක්වීමෙනි. මෙසේ රවි, කුජ, බුධ, ගුරු, සඳු ආදී වශයෙන් ප්‍රධාන විශ්ව ශක්තීන්ට අමතරව මනුෂ්‍යයෝ ද වෙනත් සත්ත්වයෝ ද, ගස්වැල් ආදිය ද විශ්ව ශක්තීන්ය. මේ අතරින් මිනිසුන් වූ අපි ද විශ්ව ශක්තීන් නිපදවන පිරිසකි. එනම් මනෝභාවයන්ය. මනසේ අකුසල් බලය සහිත සිතුවිලි වැඩිවන විට මිනිසාගෙන් විශ්වයට ඇදී යන චිත්ත තරංග අයහපත් තරංග වෙයි.
එවිට රවි, කුජ, සඳු ආදී තමන්ට පවතින මහ දශාව, අතුරු දශාව විද්‍යාව සපයන ග්‍රහයන්ගේ විශ්ව කිරණයන්ට මෙසේ වූ අශුද්ධ චිත්ත තරංග සම්බන්ධ වී ප්‍රතිඵල අත්කරන විට කැමැති දේ නොලැබෙන දුක ක්‍රියාත්මක වෙයි. මේ භවයේ අයහපත් චිත්ත කිරණ පෙර භවයෙන් විඤ්Æණ ගතවූ අයහපත් චිත්තයට සම්බන්ධ වෙයි. මේ භවයේ යහපත් චිත්ත කිරණ (මෙත්තා - මුදිතා - කරුණා) පෙර භවයෙන් විඤ්Æණ ගත යහපත් චිත්තය හා එක්වෙයි. ඒ අනුව කැමැති දේ ලැබෙන හෝ නොලැබෙන ප්‍රතිඵලය ක්‍රියාත්මක වෙයි.
මෙහිදී "විඤ්Æණය" ගැන ඔබට යමක් කිව යුතුය. මේ විඤ්Æණය යනු යමෙකු තුළ පවතින "දැනගැනීම" නම් ස්වභාවයයි. ඔබ රුවන්වැලි මහ සෑය වෙත ගොස් වන්දනා කළේ යෑයි සිතමු. එයින් සතියකට පසු ඔබ එය සිහිකරන විට රුවන්වැලි සෑය දුටු ආකාරය එය පැදකුණු කළ ආකාරය - එය බැබළෙමින් තිබූ ආකාරය - ඔබ වන්දනා කළ ආකාරය ඔබට මැවී පෙනේ. ඒ මනසින් පෙනීම හඳුන්වන්නේ විඤ්Æණය ලෙසය. එයින් ඔබ ලැබූ නිරාමිස සතුට ද එසේ සිහිකරන විට දැනේ. එය දැනගැනීමකි. එනම් විඤ්Æණයයි.
සොරෙකුගේ සිත ද එසේය. අන්තිමට කරන ලද සොරකම විඤ්Æණයක් ලෙස පවතී. ඊළඟ හොරකමට ඒ විඤ්Æණය හෝ එයට පෙර හොරකම් වලින් ගොඩනැඟුන විඤ්Æණ ද ඔහු මනසින් පාවිච්චි කරයි. ඊර්ෂ්‍යයා - වෛර - තරහා ආදී මානසික සංකීර්ණතා ද එසේම විඤ්Æණ බවට පත්වෙයි. කෙනෙක් මියයන විට ද ඊට පෙර හටගත් විඤ්Æණ ස්වභාවය තුළින් චුති සිත පහළ වී උපතක් ලැබේ. එතෙක් ජීවිතයේ කරන ලද අකුසල විඤ්Æණයක් පහල වුවහොත් කොතෙක් පින් කර ඇතත් අගතියක උපදී මරණයට ආසන්නයේ සිංහල තේරුම සහිතව පිරිත් වැනි දෙයක් ඇසුන විඤ්Æණයක් ඉපදුනා නම් එයින් චුති සිත සැකසී කොතෙක් පව්කම් ඇතත් සුගතියක උපදී මෙය "ආසන්න කර්මය" නම් වේ.
ඒ ධර්මතාව අනුව මිනිසකුට කැමැති දේ ලැබීමේ හෝ නොලැබීමේ දුක හටගනී. කැමැති දේ ලැබීමට වංචා - කපටිකම් - රැවටිලි - බොරු වර්ණනා ආදී මනසින් හා වචනයෙන් කරන අකුසල් තුළින් තමන් කැමැති දේ ලබාගැනීමට පුළුවන් වුවත් ඒවායින් තමන් බලාපොරොත්තු වන ප්‍රතිඵල විනාශ වී යා හැක. පල දීමක් නැත, එය තාවකාලික සැපයකි. නමුත් මරණයෙන් පසු ඝොර දුක් සහිත අගතියක කල්ප ගණන් කාලය ගෙවීමට සිදුවේ.
මත්ද්‍රව්‍ය - ඌරු - කුකුළු ගොවිපළවල් - ධීවර කර්මාන්තය - සොරකම ආදී විවිධ ජීවනෝපායන්ගෙන් ඵලයක් ඇතත් මරණයෙන් පසු කල්ප ගණනක් සුගති ආත්මයක නොඉපිද ඝෝර කටුක දුක් එම විඤ්Æණ කරා එළඹීම සිදුවනු ඇත. එවිට අංශු මාත්‍රයක්වත් තමන් කැමැති දේ හෙවත් සැපයක් නොලබන්නේය.
තමන් යහපත් විඤ්Æණ උපද්දන විට මේ තත්ත්වයන් දුරුකරගත හැක. එවිට කැමැති දේ නොලැබෙන දුක නැති කළ හැක. ඒ සඳහා බුදු දහම හඳුන්වන ඒකායන මාර්ගය මෛත්‍රී භාවනාව වැඩීමය. පැහැදිලි සුපැහැදිලිව තමා තුළ මෛත්‍රීය වර්ධනය කරගත යුතුය. එවිට ග්‍රහයන්ගේ කිරණවලට හසුවන්නේ මෛත්‍රී විඤ්ඤාණයයි. ඒ අනුව ග්‍රහයන්ගේ විශ්ව බලය සක්‍රීය වෙයි.
මේ තුළින් හෘද රෝග පවා නැතිවී සුවය ලැබේ. සතුරු කරදර පවා දුරුවේ. අභිධ්‍යා හෙවත් අධික තණ්හාව නම් අකුසලයට නොවැටී තමන්ගේ සාධාරණ අපේක්ෂා ඉටුවීම - විවාහ සපල වීම - දරුඵල ලැබීම - රැකීරක්ෂා ලැබීම ආදී අත්‍යවශ්‍ය කටයුතු පවා ඉටුවේ. මෛත්‍රී වැඩීම ගැන ධර්මධර - විනයධර උගත් ආරණ්‍යවාසී කල්‍යාණ මිත්‍ර භික්ෂුන් වහන්සේ කෙනකුගෙන් උපදෙස් ලැබීම වඩාත් යෝග්‍යය. එකම වර්ගයේ පැළ දෙකක් එකිනෙක ඈතින් සිටුවා දෙකටම පොහොර වතුර යොදා හොඳින් සාත්තු කරන්න. මෙයින් එක් ගසකට දිනපතා මෛත්‍රී කරන්න. අනෙක් ගසට පරුෂ වචනයෙන් ශාප කරන්න. ටික දිනකදී ඒ ගස නිසරුවී කේඬෑරී වී යන අන්දමත් අනෙක් ගස සරුසාරව වැඩෙන අන්දමත් අත්දකින්න. මෛත්‍රියේ බලය එයින් අවබෝධ කරගන්න.වැඩිදුර විස්තර සඳහා 0774547797 අංක අමතන්න.
ජ්‍යෙතිෂවේදී අගලවත්ත බී. හේරත්
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks