iranama
කාලගුණය ගැන කියන ග්‍රහයෝ
ජ්‍යෙතිෂ හෝ වාස්තු විද්‍යාව යනු නිවාසයක් සෑදීම පමණක්ම නොවේ
ගංවතුර හෝ අධික වර්ෂාව නියඟය
තද සුළං ඇති වන්නේ ග්‍රහ බලපෑමි නිසාමයි
මේ වන විට ශ්‍රී ලංකාවාසී බොහෝ දෙනෙක් ගංවතුර හා නාය යැම්වලට ලක්ව සිටිති. කොළඹ අවට බොහෝ ප්‍රදේශවල ජනතාව ගංවතුරෙන් ද කෑගල්ල අවට, බුලත්කොහුපිටිය හා අරණායක ප්‍රදේශවල අය විශාල නාය යැමකින්ද උන්හිටිතැන් ද, සමීප ඥතීන්ද අහිමිව සිටිති.
ගංවතුර ගැන නම් අද්දැකීමක් ඇතත් නැතත් චිත්‍ර හෝ රූපවාහිනි මගින් දැකගත හැකිය. එහෙත් නාය යැම ගැන අද්දැකීම් ඇත්තෝ ඉතා විරලය. අපට දකින්නට ලැබෙන්නේ නාය යැමෙන් පසුව පස් කන්දක රූපය පමණි. අරණායක, එළඟපිටිය නාය ගිය ප්‍රදේශය ආසන්නව පන්සලේ වැඩ විසූ ස්වාමින් වහන්සේ එය විස්තර කළේ මෙසේය.
විශාල සද්දයක් ඇසුනා. මම ඇස් පියා ගත්තා. ටිකකින් ඇස් ඇරල බලනකොට මට ටිකක් එහායින් මුළු ප්‍රදේශයම පහළට යනවා. මිනිස්සු කෑගහන සද්දෙ එක්ක ගෙවල් හැට පහක් විතර තිබුණු මුළු ගමම පහළට ගහගෙන ගියා. සේරම මගෙ දායකයො. පන්සලට මොකවත් වුණේ නෑ.
මහා මාර්ගයට ඉදිරිපිට තිබූ දර්ශනීය කන්දේ විදුලි බුබුළු රාශියක් රාත්‍රියට පෙනුණු ගම්මානයම පසුදා රාත්‍රිය වන විට අඳුරින් වැසී තිබුණි. එකම සහනය වූයේ ආධාර රැගෙන සතර අතින් ගලා ආ කාරුණික වූ ලංකාවාසී ජනතාවයි.
මේ අතර තවදුරටත් නාය යැමට ලක්වෙතැයි අනුමාන කළ ප්‍රදේශවල ජනතාව ද ගේ දොර අතහැර දමා අවට පන්සල්වල පිහිටවූ අනාථ කඳවුරුවලම නවාතැන් ගන්නට නියම කෙරිණි. මේ අපේ රටේ වසර පනහකින් වත් නොදුටු ෙ
Wmqgd .ekSu