iranama
කාල නිගමනය සහ විවාහය සිදුවන දිනය
අප ගුරු ශ්‍රී මත් කේ.එස්. ක්‍රිෂ්ණමූර්ති මැතිතුමන්ගේ පුත් මහාචාර්ය හරිහරන් ක්‍රිෂ්ණමූර්ති සහ එතුමාගේ පුත් මහාචාර්ය විග්නේෂ් ක්‍රිෂ්ණමූර්ති විසින් පසුගිය සතියේ කොළඹදී පවත්වන ලද තෙදින වැඩමුළුවේදී ශ්‍රී ලාංකික ක්‍රිෂ්ණමූර්ති පද්ධති අනුගාමිකයන්ට ඉතා වැදගත් අංශ කිහිපයක් කෙරෙහි අවධානය යොමු කළ හැකි විය.
මෙම වැඩමුළුවේදී විස්තර කරන ලද විවිධ විෂයයන් අතරෙන් කාල නිගමනය පිළිබඳ සහ විවාහය සිදුවන දිනය තෝරා ගැනීම කෙරෙහි වැඩි අවධානය යොමු විය. එහි එක් මාතෘකාවක් මෙසේය.
curtesy :
sinhalalipi.com
ජන්ම පත්‍රය හෝ තත්කාල කේන්දර විග්රහයේදී විවාහය සඳහා එහි 7 වැනි භාවය ප්‍රධාන තැනක් ගනියි. එහි 7 වැනි භාවයේ උප ස්ථානය හිමි ග්‍රහයා 2 වැනි හෝ 7 වැනි හෝ 11 වැනි භාව නිවේදක ග්‍රහයකු වූයේ නම් ජන්මියා විවාහය සඳහා වාසනාව ලද අයකු වෙයි.
ක්‍රිස්තු වර්ෂ 1987 මැයි මාසයේ 15 වැනි දින රාත්‍රි 23.15ට සකස් කළ කේන්දර සටහන සඳහා රූපය බලන්න.
මෙම ජන්ම පත්‍රයේ රාශිභාව, නක්ෂත්ර සහ උපස්ථාන ඛෙදීම මෙසේය.
ග්‍රහ පිහිටීම
ග්‍රහයා භාවය නක්ෂත්රය උපස්ථානය
රවි ඪම රවි රාහු
සඳු යඪ කේතු සිකුරු
කුජ ම කුජ සිකුරු
බුධ ඪම සඳු සඳු
ගුරු ඪඪඪ බුධ කුජ
සිකුරු ඪඪඪ කේතු සඳු
ශනි යඪ බුධ රාහු
රාහු ඪඪ ශනි ගුරු
කේතු මඪඪඪ සඳු ශනි
මෙම ජන්ම පත්‍රයේ විවාහය ගැන පෙන්වන 7 වැනි භාව ස්ථුටය යෙදී තිබුණේ කටක රාශියේ ශනි ග්‍රහයා හිමි නක්ෂත්රයේ සහ සඳු ග්‍රහයා හිමි උප ස්ථානයේය.
මෙහි උප ස්ථානය හිමි සඳු ග්‍රහයා කටක රාශියේ 7 වැනි භාවය අධිපතිව ධනු රාශියේ 11 වැනි භාවයේ, කේතු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. ඒ නිසා මෙම ජන්මියා විවාහ වීමේ වාසනාව ලබා ඇත්තෙකි. විවාහ වීම මෙන්ම වරකට වඩා එම වාසනාව ලබා ඇති අය ගැන සොයා දීමටද මෙම 7 වැනි භාව ස්ථුටය අධිපති ග්‍රහයා සමත් වෙයි. මෙම ග්‍රහයා ද්වී ස්වභාව හෝ ද්වී ස්වභාව ග්‍රහයකුගේ නක්‍ෂත්‍රයක හෝ ද්වී ස්වභාව රාශියක තැන්පත්ව සිටියි නම් ඔහු හෝ ඇය බහු විවාහ වාසනාව ලබා ඇති අයෙකි. මෙහි උප ස්ථානය හිමි සඳු ග්‍රහයා යුග්ම රාශියක් වන ධනු රාශියේ 11 වැනි භාවයේද, තවත් යුග්ම රාශියක් වන කන්‍යා රාශියේ ලැගුම් ගෙන සිටින කේතු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයකද තැන්පත්ව සිටියි. එහෙයින් බහු විවාහ ඇතිවෙයි.
විවාහය සිදුවන්නේ ජන්ම පත්‍රයේ හෝ තත්කාල කේන්දරයේ 2 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයන්ගේ මහ දශාවේ සහ අතුරු දශා කාලවලදී ඔවුන්ගේ ගෝචර ගමන් සමඟ එකඟ වන විටදීය.
මෙම ජන්ම පත්‍රයේ 2 වැනි, 7 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයන් බලන්න.
2 වැනි භාවය ශනි ග්‍රහයා හිමි කුම්භ රාශියයි. මෙම 2 වැනි භාවයේ මීන රාශියේ රාහු ග්‍රහයා තැන්පත්ව සිටියි. ශනි ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක රාහු ග්‍රහයා තැන්පත්ව සිටියි. රාහු ග්‍රහයාගේ නක්ෂත්රවල වෙනත් ග්‍රහයන් තැන්පත්ව නැත.
7 වැනි භාවය සඳු ග්‍රහයා හිමි කටක රාශියයි. මෙම 7 වැනි භාවයේ වෙනත් ග්‍රහයන් නැත්පත්ව නැත. 7 වැනි භාවය අධිපති සඳු ග්‍රහයාගේ නක්ෂත්රවල බුධ සහ කේතු යන ග්‍රහයන් තැන්පත්ව ඇත.
11 වැනි භාවය කුජ ග්‍රහයා හිමි වෘශ්චික රාශියයි. මෙම භාවයේ වෘශ්චික රාශියේ ශනි ග්‍රහයාද, ධනු රාශියේ සඳු ග්‍රහයාද තැන්පත්ව ඇත. කුජ ග්‍රහයා ස්වකීය නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. සඳු ග්‍රහයාගේ නක්ෂත්රවල බුධ සහ කේතු යන ග්‍රහයන් තැන්පත්ව ඇත. ශනි ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක රාහු ග්‍රහයා තැන්පත්ව සිටියි. ශනි ග්‍රහයා වෙත මීන රාශියේ තැන්පත්ව සිටින ගුරු ග්‍රහයාගේ ත්‍රිකෝණ දෘෂ්ටිය ලැබේ. සඳු ග්‍රහයා වෙත මේෂ රාශියේ තැන්පත්ව සිටින සිකුරු ග්‍රහයාගේ ත්‍රිකෝණ දෘෂ්ටිය ලැබේ.