iranama
කසාදේ ප්‍රමාදෙන් නංගියේ නාඬන්
ජේයාතිෂයේදී තරම් විවාහය ගැන කතා කරන වෙනත් විෂයයක් නැති තරම්. සිද්ධාන්ත ගණනාවක් පාවිච්චි කරනවා විවාහ ගළපන්න. විවාහයේදී ඇති වෙන ප්‍රශ්න ගැන කතා කරන්න. ඒත් හැමෝටම නිසි කල විවාහයක් කර ගන්න ලැබෙන්නේ නැහැ. සමහරුන්ට ප්‍රමාද වෙනවා. අද තරුපති තුළින් අපි බලමු විවාහය ප්‍රමාද වීමට බලපාන ග්‍රහ පිහිටීම් ගැන.
කේන්දරයක විවාහය ගැන කියැවෙන්නේ හත් වැනි කොටුවෙන් කියලත් විවාහ කාරකයා සිකුරු ග්‍රහයා බවත්, මුලින්ම අපි මතක තියා ගන්න ඕනෙ. හත් වැනි කොටුව ගැන බලන කොට මුලින්ම හරි පහසුවෙන් බලන්න පුළුවන් කරුණක් තමයි හත් වැන්නේ ඉන්න ග්‍රහයෝ කවුද කියන එක.
රවි ග්‍රහයා හත් වැන්නේ සිටීම විවාහයට එතරම් යහපත් පිහිටීමක් නෙවෙයි. ස්ත්‍රී කේන්දරයේ රවි හත් වැන්නේ සිටීම, විවාහයෙන් පසුව පුරුෂයාට අයහපත් බවත් පුරුෂ කේන්දරයේ රවි හත් වැන්නේ සිටීම විවාහයෙන් පසුව භාර්යාවට අයහපත් බවත් සඳහන්. ඉතින් මෙවැනි කේන්දර හිමි අයට විවාහකයකු සොයා ගැනීම තරමක් අපහසු කාර්යයක්. ඒ නිසා විවාහය ප්‍රමාද වෙනවා.
සඳු හත් වැන්නේ නීචව සිටීම ස්ත්‍රී - පුරුෂ දෙපක්ෂයටම විවාහය ප්‍රමාද වීමට හේතුවක්. (සඳු නීච වන්නේ වෘශ්චික රාශියේදී) හත් වැන්නේ සඳු බලවත්ව සිටින විට නම් නිසි වයසේදී විවාහ වීමට පුළුවන්.
වෘෂභ ලග්න හිමියන්ගේ හත් වැන්නේදී සඳු නීච වෙනවා. මකර ලග්න හිමියන්ට හත් වැන්න වන්නේ කටක රාශියයි. සඳු එහිදී ස්වක්ෂේත්ර බලය ලබා ගන්නවා. මෙය විවාහයට හොඳ පිහිටීමක්. වෘශ්චික ලග්න හිමියන්ගේ හත් වැන්න වෘෂභ රාශියයි. සඳු එහිදී උච්ච බලය ලබා ගන්නවා. මෙම පිහිටීමද විවාහයට යහපත්.
හත් වැන්නේ කුජ පිහිටි ජන්ම පත්‍ර නිතරම මහත් ආන්දෝලනයකට ලක් වෙනවා. හත් වැන්නට නරකම ග්‍රහයා ලෙස කුජ ග්‍රහයායි පිළිගන්නේ. තවත් හේතුවක් තමයි කුජ දෝෂය. ඕනෑම ජන්ම පත්‍රයක කුජ ග්‍රහයා ලග්නයෙන්, චන්ද්‍රයාගෙන් හෝ සිකුරුගෙන් 1, 2, 4, 7, 8, 12 යන ස්ථානයක සිටිනවා නම් එය කුජ දෝෂය හැටියටයි සැලකෙන්නේ.
මේ දෝෂය පිහිටි අයට විවාහ ජීවිතය තුළ යම් යම් ප්‍රශ්න ඇති විය හැකි බවයි සඳහන් වන්නේ. කුජ ග්‍රහයා රුධිරයට අධිපතියා වීමත් ග්‍රහ ලොවේ පෙරැළිකාරයා වීමත් විවාහයට විශාල බලපෑමක් කරන ග්‍රහයා වීමත් හේතුවෙන් කුජගේ පිහිටීම ගැන විවාහ පොරොන්දම් ගැළපීමේදී විශේෂ අවධානයක් යොමු කරනවා. කුජ කේන්ද්‍රයේ අයහපත් ලෙස පිහිටි අයටත් විවාහකයකු සොයා ගැනීමට අපහසු වන අතර විවාහය ප්‍රමාද වන්නත් පුළුවන්.
උපතින්ම සුබ ග්‍රහයෙක් වන බුධ හත් වැන්නේ බලවත්ව සිටීම යහපත් විවාහයකට මඟ පෙන්වනවා. හත් වැන්නේ බුධ ඉන්න අය තමන්ට සම වයසේ හෝ සුළු වයස් පරතරයක් ඇතිව හෝ තමන්ට වඩා වයසින් අඩු කෙනකු සමඟ විවාහ වීම දැක ගත හැකියි. කන්‍යා, මකර, කුම්භ ලග්න තුනට හැර අන් හැම ලග්න හිමියකුටම බුධ හත් වැන්නේ සිටීම හොඳයි. නිසි කල විවාහය සිදු වෙනවා.
ගුරු ග්‍රහයා ජන්ම පත්‍රයක හත් වැන්නේ පිහිටි විට තමන් විසින්ම විවාහකයකු සොයා ගැනීමට දක්වන උනන්දුව අඩු වෙනවා. ගුරු ලෝකෝත්තර ග්‍රහයකු නිසා තරමක උපාසක බවක් ආරෝපණය වෙනවා. වැඩිහිටියන් විසින් විවාහයක් සොයා දෙන තුරු ඉවසීමෙන් සිටීම ගුරු හත් වැන්නේ පිහිටි අයගේ ස්වභාවයයි.
හත් වැනි රාශියේ සිකුරු ග්‍රහයා තැන්පත්ව සිටින අය නිසි වයසේදී විවාහයට පත් වනවා. ඔවුන්ට ප්‍රසන්න පෙනුම ඇති උත්සාහවන්ත භාර්යාවක හෝ ස්වාමිපුරුෂයකු ලැබෙන අතර විවාහ ජීවිතය සතුටින් ගත කරන්න පුළුවන්.
සෙනසුරු හත් වැන්නේ තැන්පත් වෙලා ඉන්නවා නම් විවාහය ප්‍රමාද වෙනවා කියලා තමයි ජේයාතිෂයේ සඳහන් වන්නේ. නමුත් හතේ ඉන්න සෙනසුරුට, සුබ ග්‍රහයන් පෙනෙනවා නම්, තත්ත්වය මීට වඩා වෙනස්. ඒ වගේම තමයි හත් වැන්නේ ඉන්න ශනිව කුජට පෙනෙනවා. නම් (කුජ ග්‍රහයාට තමන් ඉන්න තැන සිට හතර, හත සහ අට වැනි රාශි පෙනෙනවා) විවාහකයාට ඉතාමත් අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන්.
රාහු පාප ග්‍රහයකු ලෙස සලකන නිසා හත් වැන්නේ රාහුගේ පිහිටීම විවාහයට අයහපත්. රාහු නිතරම විවාහය අවුල් කරන්න බලනවා. කුජ හැරුණු විට හත් වැන්නට නරකම ග්‍රහයා ලෙස රාහු සලකනවා. කේතු ග්‍රහයා විවාහය තුළ තිබෙන මිහිරි අත්දැකීම් ලබන්නට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා හත් වැන්නේ කේතු සිටි විටද විවාහය ප්‍රමාද වන අතර යම් ප්‍රමාණයකට අසාර්ථකද වෙනවා.
මොන හේතුවක් නිසා හෝ විවාහය ප්‍රමාද වන අයට එම ප්‍රමාදය මඟහැරී විවාහයට යොමු වීම සඳහා පිළිවෙත් කීපයක් ජේයාතිෂයේ සඳහන් වෙනවා.
ඒ අතර,
1. පත්තිනි මෑණියන්ට බාරයක් වීම
2. ජිනපඤ්ජර යන්ත්‍රය හෝ අභිසම්භිදාන යන්ත්‍රය පැලැඳීම
3. විවාහක යුවළක් හෝ පෙම්වතුන් යුවළක් සමඟිව සතුටින් සිටින ආකාරය දැක ඔවුන්ට හදවතින්ම සුබ පැතීම.
ආදිය සඳහන්.
ජේයාතිර්වේදය ඉතා වටිනා විෂයයක් වුණාට සම්පූර්ණ ජීවිතයට ජේයාතිෂයට භාර දීලා 'අපිට දැන්ම විවාහයක් හරි යන්නේ නැහැනේ' කිය කියා බලා ඉඳීම බුද්ධිමත් කමක් නෙවෙයි. තමන්ට අවශ්‍ය දේ ලබා ගන්න තමන්ම උත්සාහවන්ත විය යුතුයි.
Wmqgd .ekSu u