iranama
කතරගම දෙවියන්ගේ පිහිට ලබන හැටි මෙන්න
දෙවියන් යදින බොහෝ තැන්හි පොල් බිඳෙන හඬ ඇසෙති. සෙත් පතා මෙන්ම දෙස් තියාද පොල් ගසති. දෙවියන් ඉදිරියේ පොල් ගැසීමෙන් වස් දොස් දුරුවේයෑයි හින්දු බැතිමත්හු විශ්වාස කරති. වර්තමානය වනවිට ජාති භේද නැති පොදු විශ්වාසය බවට පත්ව තිබේ.
සොර සතුරු උපද්‍රව නිසා තමන් සතු දේ අහිමි වූ විට ශාප කරමින් පොල් ගසති. එවැනි කරුණකදී පොල්ගසා අවලාද කරන්නේ පුරසඳු බැස ගොස් අව පක්ෂය පැමිණි විටය. අමාවක ගෙවෙන්නට පළමු මේ කටයුතු සිදු කිරීම සිරිතකි.
මැණික් ගංගාවට බැස දිය නා එතැන් සිට පොල් ගෙඩිය දොහොත දරා බිම දිගේ පෙරළි පෙරළී යන හින්දු බැතිමතුන් කතරගමදී දැක ගත හැක. ඇසළ උත්සව සමය පැමිණි විට මෙවැනි දසුන් දිවා රාත්‍රි දැක ගැනීමට ලැබේ.
කතරගම ඇසළ උත්සව සමය ඇරැඹුණු විට භාරතයෙන් පවා හින්දු බැතිමත්හු පැමිණෙති. එසේ පැමිණෙන ඇතැම් පූජකවරුන් පොල් බිඳින්නේ ඔවුන්ගේම හිස මත පොල් ගෙඩිය ගසා ගනිමින්ය.
සොර සතුරු උපද්‍රව ඇතිවූ කෙනකුට ජීවත්වීම අපහසුය. එවැනි උදවිය නීතියේ පිළිසරණ පතා ගියද දුප්පත්කම හරස් විය හැක. තමන් නිවැරදි නම් දෙවියන් ඉදිරියේ දුක කියන්නට පසුබට විය යුතු නැත.
කතරගම දෙවියන් කෙරෙහි මහත්වූ භක්තිය උපදවා ගෙන පූජාව අඟහරුවාදා දිනයක තබන්න. අබතෙල් පහනක් දල්වා පොල් ගෙඩිය දකුණු අතෙහි තබාගෙන කපුරු දල්වාගෙන මෙසේ කියන්න.
***************************************************************
ඕම් කදිරනේ දේව ගෝවින්දනේ සර්ව සතෲ එක්පෑ මුක්කාලෙන් අල්ලා සොල්ලා දේහං උඩු කුරුඤ්ඤං.
ඕම් කන්ද ස්වාමී නමෝ වරං මම දුක්ඛ විනාශාය විනාශාය සවාහඃ
ඕම් මයුර වාහන ප්රල උනුව (සතුරා) අල්ලං අප්පා හයි හයි දිරගං උඩුකුරුඤ්ඤං,උඩුකුරුඤ්ඤං ඔම් සිවායුං ඕඩි වා වා මලප්පල වායේල් කදිරනේ මා කෙරේ නැමී මා කී බස් අසා අනුන්කී බස් නාසා මා සිතූවන්ට උඩුකුරුඤ්ඤං හෙලා සලිත දිෂ්ටියංයඃ ඕම් රී නාම කදිර භාන්ද්ර ඒං ඒං (සතුරා) තැරි තැරි අඩි පුඩි උඩුකුරුඤ්ඤං.
ඕම් වල්ලි අම්මා දිෂ්ටි පත්රකාලී දිෂ්ටි
අල්ලං ආපසු උඩුකුරුඤ්ඤං පලයන් තෝසවාහඃ
7 වරක් කියන්න දැන් පොල් ගෙඩිය ගසන්න.
කඳසුරිඳු අණින් හෝ කඩවර අණින් බලගතු යක්ෂයකු ඔබේ සතුරා හෝ සොරුන් කරා ගමන් කරනු ඇත.
නිමල් කුඩාතිහි - කතරගම
***************************************************************
ග්‍රහ අපල දුරුවෙන්න බෝධි පූජා තබන හැටි
ජීවිතයේදී ඉරිසියාව, ක්‍රෝධය මානය වෛරය ද්වේශය පළිගැනීම වැනි සියුම් චරිත හා හද සන්තානයේ පැළ පදියම්වූ දුර්වලකම් නිසාත්, පූර්ව ආත්ම වල කරන ලද අකුසල් කර්මවල විපාක ලැබීමත් හේතුකොටගෙන සසර සැර සරන මෙලෙස ගමනේදී ඇතිවන හීන මානය අධිමානය, කුලමානය, රුවමානය, තරුණ මදය, බල මානය හා ධනමානය, නිල මානය තුළින් පිම්බී මත්වී සිටින මිනිසුන් සමාජයේ දකින්ට ලැබේ. හිතට විරුද්ධව හෝ ඔවුන් ඇසුරු කරන්නට සිදුවේ.
එවැනි ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම සුව නොවන රෝග සෑදේ. හොරි, දද, වන, කුෂ්ඨ, කඩුවේගන් පිළිකා ආදී චර්ම රෝග මෙන්ම ලේ විෂවීම් තුළින් අප්‍රමාණ දුක් කරදර වද වේදනා, නින්ද නොයැම, හිසරදය ආතතිය වැනි දේවල් සෑදේ.
ඒ අතර රවි, සඳු, කුජ, බුධ, ගුරු, සිකුරු, ශනි, රාහු, කේතු යන නවග්‍රහයන්ගේ අපලද ග්‍රහ නීච සතුරුතා හා මාරක ඒරාශ්ඨකයන්ගේ උපද්රතා ලැබේ. පෙර ආත්ම වල කරන ලද අකුසල් වර්ධනය වී මෙලොව දී අත්වැල් බැඳගෙන ඉස්මතු වී ඒමත් සිදුවේ.
ඒ සමඟම ඇස්වහ කටවහ දොස් සමඟ ජංගම ස්ථාවර අදෂ්යමාන බලවේග දියත් වීමත්, ජීවිතයේ බොහෝ අවස්ථාවලදී නොසිතූ විරූ සැපත, සතුට, සමගිය, ධනය, කීර්තිය, ප්‍රසංශා, ප්‍රසිද්ධිය ඇනහිටීම හා පසුබෑම් වලට ලක්වන අවස්ථාද මිනිස් ජීවිතයේ දක්නට ලැබේ.
ඒ සමඟම කොතෙක් වෙද හෙදකම් කළත් යන්ත්‍ර මන්ත්‍ර බලි තොවිල් කෙම් ජාති කළත් සුව නොවන පවතින රෝග සෑදෙන අතර, වෛද්‍යවරුන්ට පවා සොයා ගැනීමට නොහැකි ලෙඩ රෝග වලින් මිනිසා පෙළේ....
එවැනි අවස්ථාවලදී ඉවසීමෙන් උනන්දුවෙන් භක්තියෙන් විශ්වාසයෙන් යුතුව ශක්ති ප්‍රමාණයෙන් බෝධීන් වහන්සේගෙන් සිසිල සෙවන කිරණ බලය හා ශක්තිය තුළින් සහනය ලබාගත හැකිය.
භාවනායෝගීන් හා භාවනාව පිළිබඳ උනන්දුවක් උත්සාහයක් දක්වන සැදැහැවතුන් සමාධිය වැඩීමේ ප්‍රමාදය පිළිබඳව කනගාටුවක් හා කනස්සල්ලෙන් පසුවෙන බව අසන්නට දකින්නට ලැබේ. මේ පිළිබඳව පසුතැවිලි නොවී ඉතාම පිරිසිදුව නිදහස්ව උනන්දුවෙන් බෝධි පූජා තබා තව තවත් උස්සාහ කොට වීර්යය කොට භාවනාව දියුණු කරගත යුතුව ඇත.
දැන් දැන් භාවනාව පිළිබඳව සාමාන්‍ය මහ ජනතාව මෙන්ම තරුණ පිරිස උනන්දුවක් දක්වන බව දකින්නට තිබෙනවා. භාවනාව අත්නොහැර අතපසු නොකර තමන් දියුණු කරගත් දන්නා භාවනා විධි හා විදිහක් ඉදිරියට කරගෙන යාමේදී තමාට නොදැනුවත්වම සමාධිය ළඟට එනු ඇත.
නමුත් පළපුරුදු ආචාර්යවරු, කම්මට්ඨානාචාර්යවරුන්, ගුරුවරුන් සොයාගෙන උපදෙස් ගත යුතුයි. භාවනාව ප්‍රගුණ කරගත යුතුයි. භාවනාව දියුණු කරගැනීම තුළින් කලක් පසුවී සෙමින් සමාධිය ලැබෙනු ඇත. පැල් බැදගත් අත්හැරීමට අකමැතිවූ කෙලෙස් තුරන්වී කළ පෙර පිං පළදීමෙන් මතුවීමෙන් වීර්යය මතුවී සමාධිය ලැබීමට පටන් ගනී.
ඉක්මන් සමාධිය ලබාගැනීමට නම් බෝසතාණන් වහන්සේ විසින් බෝධි මූලයේ සිට මාර සෙනග පරදවා බුදුවූ සත්‍ය ක්‍රියාව සිහිකොට බෝධි පූජාව පැවැත්විය යුතුයි.
ඒ තුළින් බෝධීන් වහන්සේගේ පිහිට සරණ සෙවන කිරණ ශක්තිය ලබාගත හැකියි. ඒ තත්ත්වය ළඟාකර ගැනීමට නම් එවැනි අය නිතර පූජනීය වන්දනීය කරන බෝධීන් වහන්සේ නමක්ගේ පිහිට ලැබිය යුතුය.
බෝධිය යට හා බෝධිය වටේට තිබෙන තණකොළ වියළි අතුපතු කොළ කසළ වියළි බෝපත් හා බෝධිය වටේ තිබෙන දිරාගිය බෝපත් අයින් කිරීම, පළමුවෙන්ම කළ යුතුයි. අපිළිවෙලකට නොමැතිව වැලිමළුව රටාවට කලාවට නිර්මාණශීලීව වැලි මළුවේ තිබෙන සැලසුම් වලට අනුව ඇමදිය යුතුය.
විවිධ මල් වර්ග හා වනමල් සුදුසු ස්ථානයේ ක්‍රමවත්ව භක්තියෙන් හැඟීම් බරව අලංකාරව පූජාව සකස් කර ගන්න. විවිධ වර්ණවල පිරිසිදු රෙදි වලින් කපන ලද අලංකාර කොඩි දද වැල් වලින් බෝධිය සරසන්න. තවද බෝධීන් වහන්සේගේ අතුවල හා කඳේ මෙන්ම බෝධි ආරක්ෂක වැටේ කොඩි එල්ලා සරසා අලංකාර කළ යුතුය. බොදු බැතිය ඇතිවන අයුරින් කප් රාජ පැලැන්ද වීමද ඉතා හොඳයි.
ඒවගේම බෝධීන් වහන්සේට සැලකිය යුතු දුරකින් හඳුන්කූරු සමඟ සුවඳ දුම් ඇල්ලීම් කළ යුතුයි. ඒ සමඟම තලතෙල්, අඹතෙල්, පහන් දල්වන්න. උණුපැන්, ගිලන්පස, පලතුරු යුෂ ආදිය පූජා කිරීමද සිදුකරන්න. අමතක නොකරන්න.
සුවඳ පැන් යොදා පැන්කල සකස් කොට තමන් දන්නා බුදුගුණ බෝධි පූජා කවි ගායනා සහ සූත්‍ර දේශනාවලින් පැන් කල වලට මතුරා සියලු ආගමික වතාවන් කොට පැන්කල වලින් බෝධිය දොaවනය කරන්න.
මෙම වතාවන් දිගින් දිගටම කිරීම තුළින් තමා දියුණු කර ගන්නා භාවනාව වඩා වර්ධනය වී සමාධි ගතවීම ඉක්මනින් වීම සිදුවේ. පවතින ග්‍රහ අපලද දුරුවී මනස හා ජීවිතය සන් සුන්වී සහනයක් ලැබෙනවා ස්ථිරයි.
මරදන්කඩවල ඉසිපතන ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ඨානාචාර්ය කොළඹිස්සේ විමුක්තිරතන හිමියන් විසින් කරන ලදී. දේශනයක් ඇසුරින් සකස් කරන ලදී.
හස්ථ රේඛා හා ගුප්ත ශාස්ත්‍රවේදී
ගුණතිලක ගලප්පත්ති
027-3270360.
***************************************************************
වාස්තු දෝෂ නැති ගෙයක් හදන්නේ මෙහෙමයි
පසුගිය සතියෙන්....
නිවස ඇතුළත කාමරවල දොරවල් තැබීමේදී පිළිපැදිය යුතු රීතියක් වාස්තු විද්‍යාවේ දැක්වේ. ඒ සඳහා බිත්ති බැඳීමට පළමු අත්තිවාරම ඇතුළත පිරවූ පසු දොරවල් නොතැබිය යුතු ඉසව්ව හෙවත් ස්ථාන ලකුණු කරගත යුතුය. බිත්ති ගොඩනැඟුව පසු ඒ කටයුත්ත කිරීම අමාරුය. ඒ නිසා බිත්ති බැඳීමට පළමු අත්තිවාරම මත ලණු ඇදීමෙන් අශුභ ස්ථාන ලකුණු කර ගත යුතුය. එය කරන්නේ මෙහෙමයි. නිවසේ ඇතුළත ප්‍රමාණය දිගින් හා පළලින් කොටස් නවයකට බෙදා ගත යුතුය. එවිට දිග පැත්තේ කොටස් නවයකුත් පළල පැත්තේ කොටස් නවයකුත් වශයෙන් බෙදෙයි. ඊළඟට මුල්ලෙන් මුල්ලට එක් එක් බෙදීම් මායිමේ මුල්ලක සිට ලණු තුන බැගින් ලණු 6 ක් අදින්න. එවිට පහත සඳහන් සටහනේ ආකාරය ලැබේ.
සුවිශේෂ ශුභ දිසා
ප්‍රධාන ඇතුළු වීමේ දොර තැබීමේදී නිවසේ ක්ෂේත්‍ර ඵලය පදනම් කරගෙන ආය වර්ගය අනුව සලකා බලන අවස්ථාද වේ.
ආය වර්ගය පිළිබඳව පළමු ලිපියක සඳහන් විය. එය නැවත මතක් කළ යුතු නම් වඩු රියනින් ලබාගත් නිවසේ දිග පළල (වඩු රියනට අඟල් 31 යි) ඇසුරින් සාදාගත් ක්ෂේත්‍ර ඵලය අඩි අඟල් බවට පරිවර්තනය කර ලබන ප්‍රතිඵලය 8 න් බෙදූ විට ලබන ශේෂය අනුව ආය වර්ගය නම් කෙරේ. ඒ අනුව ශේෂය 1 නම්, එය වජ නම් වූ ආය වර්ගයේ නිවසකි. එබඳු නිවසක දොරවල් ප්‍රධාන දිශා හතරට තබතොත්, ඉතා යහපත්ය.
ශේෂය 3 නම්, එය සිංහ ආය වර්ගයේ නිවසකි. එබඳු නිවසක ප්‍රධාන දොරවල් දකුණටත් නැගෙනහිරටත් හා උතුරටත් තබතොත් ඉතා විශිෂ්ටය.
එසේම ශේෂය 5 නම්, එය වෘෂභ ආය වර්ගයේ නිවසකි. එබඳු නිවසක ප්‍රධාන දොරවල් නැගෙනහිර දිශාව යහපත්ය.
එසේම ශේෂය 7 නම් එය ගජ හෙවත් හස්ති ආය වර්ගයේ නිවසකි. එබඳු නිවසක ප්‍රධාන දොරවල් උතුරට, දකුණට හා බටහිරට තබතොත් යහපත්ය.
නිවසේ නැකත අනුව ශුභ දිශා
නිවස කුමන නැකතකට අයත්දැයි සොයන හැටි පළමු පරිච්ඡේදයක පැහැදිළි කර ඇත. එය නැවත මතක් කරතොත් නිවසේ ක්ෂේත්‍ර ඵලය 8 න් වැඩිකර 27 න් බෙදූ විට ලබන ශේෂයට අයත් නැකත නිවසේ නැකතයි. (මෙය නිවස හැදීමට දෙන නැකත නොවේ.) නිදසුනක් වශයෙන් ශේෂය 0 නම්, නිවසේ නැකත රේවතී වේ. ඒ පිළිවෙල මෙසේය.
ශේෂය 00 නම් නිවසේ නැකත රේවතී වේ.
ශේෂය 26 නම් නිවසේ නැකත මුල වේ.
ශේෂය 25 නම් නිවසේ නැකත පුවපල් වේ.
ශේෂය 24 නම් නිවසේ නැකත කැති වේ.
ශේෂය 23 නම් නිවසේ නැකත සුවණ වේ.
ශේෂය 22 නම් නිවසේ නැකත සිත වේ.
ශේෂය 21 නම් නිවසේ නැකත අද වේ.
ශේෂය 20 නම් නිවසේ නැකත පුවපුටුප වේ.
ශේෂය 19 නම් නිවසේ නැකත අනුර වේ.
ශේෂය 18 නම් නිවසේ නැකත අස්ලිස වේ.
ශේෂය 17 නම් නිවසේ නැකත අස්විද වේ.
ශේෂය 16 නම් නිවසේ නැකත පුවසල වේ.
ශේෂය 15 නම් නිවසේ නැකත පුවපල් වේ.
ශේෂය 14 නම් නිවසේ නැකත රෙහෙණ වේ.
ශේෂය 13 නම් නිවසේ නැකත දෙනට වේ.
ශේෂය 12 නම් නිවසේ නැකත සා වේ.
ශේෂය 11 නම් නිවසේ නැකත පුනාවස වේ.
ශේෂය 10 නම් නිවසේ නැකත උත්‍රපුටුප වේ.
ශේෂය 09 නම් නිවසේ නැකත දෙට වේ.
ශේෂය 08 නම් නිවසේ නැකත මා වේ.
ශේෂය 07 නම් නිවසේ නැකත බෙරණ වේ.
ශේෂය 06 නම් නිවසේ නැකත උත්‍රසල වේ.
ශේෂය 05 නම් නිවසේ නැකත හත වේ.
ශේෂය 04 නම් නිවසේ නැකත මුවසිරස වේ.
ශේෂය 03 නම් නිවසේ නැකත සියාවස වේ.
ශේෂය 02 නම් නිවසේ නැකත විසා වේ.
ශේෂය 01 නම් නිවසේ නැකත පුෂ වේ.
ඇතැම් ආචාර්යවරයෙක් ශේෂය 1 නම් අස්විද නැකතද, 2 නම් බෙරණ නැකතද ආදී වශයෙන් දක්වා ඇත. එම නිවාස නැකත් ජන්මියාගේ නැකතේ සිට 1, 6, 8, 12 ට වැටෙතොත් අශුභ සේ සැලකේ.
නිවසේ නැකත අනුව උළුවස්ස තබන දිශාව පහත සඳහන් අයුරින් වෙතොත් යහපත් යෑයි සැලකේ.
1. කැති, රෙහෙණ, මුවසිරස, අද, පුනාවස, පුෂ, අස්ලිස යන හතෙන් එකක් විණි නම් ප්‍රධාන දොර නැගෙනහිරට තැබිය යුතුය.
2. මා, පුවපල්, උත්‍රපල්, හත, සිත, සා, විසා යන නැකැත් හයෙන් එකක් විණි නම් ප්‍රධාන දොර දකුණට තැබිය යුතුය.
3. අනුර, දෙට, මුල, පුවසල, උත්‍රසල, අභිජිත්, සුවණ යන නැකැත් හතෙන් එකක් විණි නම් නිවසේ දොර බටහිරට යහපති.
4. දෙනට, සියාවස ආදී නැකැත් සතෙන් එකක් වූයේ නම් ප්‍රධාන උළුවස්ස උතුරට තැබීම සුදුසුය.
ආචාර්ය පියසේන රතුවිතාන
0777270056
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks