iranama
ඔබේ විවාහය හදහනේ ලියා තිබේ
මිනිසාගේ දෙවැනි ඉපදීම ලෙස හඳුන්වන්නේ විවාහය වේ. එනම් මිනිසාගේ පැවැත්වේ මූලික අඩිතාලම වැටෙන්නේ විවාහය තුළිනි. මෙය සහතිකයකට පමණක් සීමා වන දෙයක් නොවන අතර මානසික කායික සහ ආධ්‍යාත්මික සබඳතාවයක් වේ.
පුද්ගලයෙකුගේ කේන්ද්‍රය පරීක්ෂා කිරීමේදී ඔහුට හෝ ඇයට විවාහයක් හිමිද? අහිමිද යන්නත් තමාගේ විවාහය සිදු වන්නේ කවදාද? යන්නත් තවද විවාහ වූ පසු ඔවුන්ගේ ජීවිතය සාර්ථකද? අසාර්ථකද යන්නත්, බහු විවාහයක් පවතීද යන්නත් පැවසිය හැක.
එසේම සහකරු හා සහකාරිය සම්බන්ධව බැඳීම් ඇතිවන ආකාරයත් ඔහුගේ හෝ ඇයගේ ස්වරූපය රැකියාව, ගති පැවතුම් ආදී සියල්ල ද කේන්ද්‍රය නිවැරදිව පරීක්ෂා කිරීමෙන් පැවසිය හැක.
භාව කේන්ද්‍ර සංකල්පයට අනුව, කේන්ද්‍රයක් පරීක්ෂා කර පලාඵල කථනයේදී නිවැරදිව පලාඵල ප්‍රකාශ කළ හැකිය. එයට හේතු වන්නේ භාව කේන්ද්‍රය තුළින් සෑම ග්‍රහයකුගේම රාශිය, හෝරාව, දෙර්කාණ, නවාංශකය, ද්වාදසාංශක, ත්රිංශාංශක, නැකත, ග්‍රහයන්ගේ අවස්ථාව ආදී සියල්ලම පරීක්ෂාවට ලක්වන හෙයිනි.
හත් වැන්නේ ඇති ග්‍රහයන්ගේ බල දුබලතාව, හත්වැන්නාධිපති සිටි නවාංශකාධිපතිගේ පිහිටීම ස්ත්‍රියකගේ නම් කුජගේ පිහිටීමද, පුරුෂයකුගේ නම් සිකුරුගේ පිහිටීමද සැලකිලිමත් විය යුතුය. ඉහත සියල්ල පරීක්ෂා කර විවාහය කුමන කාලයේ සිදු වේද, නොවේද, එය ප්‍රමාද වේද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ හැක. හත්වැන්නාධිපති සිටින ස්ථානය හා හත්වැන්නාධිපති සිටි නවාංශකාධිපති සිටින ස්ථානයෙන් ත්‍රිකෝණගතව ගුරු ගෝචර වන විට විවාහය සිදු විය යුතු වයසේ නම් මහ දශා, අන්තර් දශා ඒරාශ්ටක අපලවල අහිතකර බලපෑමක් නොමැති නම් විවාහ වීම සඳහා කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම ඇත්නම් එම කාලවල විවාහය සිදු වේ. විවාහ ජීවිතය බැලීමේදී විවාහයට පෙර සබඳතාව (ප්‍රේම සබඳතාව) 5 වැන්න සම්බන්ධ කරගෙන බැලිය යුතු අතර විවාහයෙන් පසු සම්බන්ධතාව 7 වැන්නෙන් 5 වැන්න වූ 11 වැන්නෙන් බැලිය යුතුය. පොදුවේ ගත් කල විවාහ ප්‍රමාද කරන යෝග වශයෙන් ශනි මංගල යෝගයද, හත්වැන්නේ ශනි, රාහු කේතු, ගුරු වැනි ග්‍රහයන් සිටීම හා ඔවුන් දුබල වීමද 7 වැන්නාධිපති පාප පීඩිත වීමද, හත්වැන්න පාප පීඩිත වීමද, විෂ කන්‍යා යෝග යෙදීම හා හත්වැන්නාධිපති දුර්වලව 6, 8, 12 සිටීම වැනි යෝගද තවද සඳහන් නොකළ යෝග ගණනාවක් ඇත. මෙහිදී ග්‍රහයන්ගේ ෂඩ් වර්ගය ඔවුන් පිහිටි නැකත්, ඔවුන්ගේ අවස්ථා සියල්ල පරීක්ෂා කළ යුතුය.
විවාහයේදී සහකරුට හෝ සහකාරියට ඔවුනොවුන්ගේ ඇති වන බලපෑම පොරොන්දම් හා කේන්ද්‍ර පරීක්ෂාවෙන් කෙසේද යන්න තීරණය කළ හැක. එනම් භෞම දෝෂවල බලපෑම (කුජ දෝෂය) ආයුෂවල බලපෑම, සම්බන්ධතාවයේ ශක්තිය වැනි විවාහයට අදාළ වන කරුණු සියල්ල පරීක්ෂා කළ යුතු වේ.
පොරොන්දම් ගැලපීම පමණක් දෙදෙනාගේ විවාහයට සුදුසුකමක් නොවේ. පොරොන්දම් හොඳින් ගලපා කළ විවාහයන් දෙදරා ගිය අවස්ථාවන් කොතෙකුත් දක්නට ලැබේ. නමුත් මේ සඳහා කේන්ද්‍රවල ග්‍රහ පිහිටීම තුළින් පුද්ගලයන්ගේ ස්වරූපය ආයු, ලෙඩ රෝග ආදී කරුණු සලකා බලා කේන්ද්‍ර ගැලපිය යුතු වේ. විවාහයට අහිතකර ග්‍රහ බලපෑම් පවතී නම් කේන්ද්‍ර ගලපා විවාහය සිදු විය යුතු වේ. එසේ නොමැති නම් දික්කසාදයකින්, මරණයකින් දුක් කරදර තත්ත්වයකින් විවාහය අවසන් විය හැක.
විවාහ ප්‍රමාදයක් ඇත්නම්, ඔබගේ කේන්ද්‍රය අනුව, ප්‍රමාදයට හේතුව බලා එම හේතුවට සාධක වන ග්‍රහ පිහිටීම සූක්ෂ්ම ලෙස පරීක්ෂා කර, ඒ සඳහා පිළිවෙත් ප්‍රතිකර්ම කිරීම තුළින් හා තමා කරන දාන, ධර්ම පිංකම් අනුව එම බාධා අවම කරගත හැක. නමුත් කේන්ද්‍රය තුළ විවාහ නොවීම, බහු විවාහ සහ අධි ධාවනකාරී යෝග ඇත්නම් ඒවා ඵල දීම කේන්ද්‍රය තුළින් නිශ්චිත නම් කුමන පිළිවෙත් කළද එහි බලපෑම අවම කර ගැනීමට හැකියාවක් නොමැත. එවැනි අය ධර්මයට නැඹුරු වීම තුළින් තමාගේ සිත දමනය කර ගැනීම ඉතා යෝග්‍ය වනු ඇත.
වැඩිදුර විස්තර සඳහා 0718602525, 0115248187.
* විද්‍යාවේදී ගෝඨාභය මුදලිගේ
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks