iranama
ඔබේ විදේශගත වීම ජ්‍යෙතිෂයෙන් දැනගන්න
තම ජීවිතය ජය ගැනීම සඳහා විදේශගත වීමේ වාසනාව තිබේද? නොතිබේද, යන්නත්, විදේශගත වීමෙන් ඵලක් තිබේද? නොතිබේද? යන්නත් ජ්‍යෙතිෂයට අනුරූපීව නිශ්චිතවම ප්‍රකාශ කිරීමේ හැකියාව ඇත. මෙහිදී විදේශගත වීම ආකාර කීපයකට සිදුවිය හැකිය. මෙම මාතෘකාව පිළිබඳව මෙවර ලිවීමට හේතු වූයේ විදේශගත වීමට වැඩි පිරිසක් විශාල උනන්දුවක් දැක්වීම සහ ඒ සඳහා විශාල මුදලක් වියදම් කර රැවටිලිවලට හසුවීමත්, සමහර පුද්ගලයන් කිසිදු ප්රයත්නයක් නොයොදා ඉතා පහසුවෙන් විදේශගත වී විශාල දියුණුවක් ලැබීමත් යන කරුණු කාරණා නිසාය. තවද මෙරට විදේශ ආදායමෙන් වැඩිම දායකත්වය දක්වන්නේ විදේශ ශ්‍රමිකයන් බවද මෙහිදී මතක් කළ යුතුය.
විදේශගත වීම ආකාර කීපයකට සිදුවිය හැකිය. එනම් අධ්‍යාපනය මුල්කරගෙන විදේශගත වීම, රැකියාව සඳහා විදේශගත වීම, විවාහයෙන් පසු විදේශයක පදිංචියට යැම, ව්‍යාපාර කටයුතු සඳහා විදේශගත වීම හා අනෙකුත් සංචාර සඳහාද විදේශගත විය හැකිය. බොහෝ දෙනකු අසන ප්‍රශ්නයක් වන්නේ තම කේන්ද්‍ර සටහනේ විදේශ යෝග නොමැති නම් විදේශගත විය නොහැකිද? තමනට මුදල් කොපමණ තිබුණත් විදේශයකට යැමට අපහසු ඇයි? ආදී ගැටලු වේ. කොපමණ මුදල් තිබුණද සාමාන්‍ය විදේශ සංචාරයක් කළ හැකි වුවද, ස්ථිර පදිංචියකට විදේශ අධ්‍යාපනයක් සඳහා විදේශයක රැකියාවක් සඳහා හෝ විදේශයක සිදුකරන ව්‍යාපාර කටයුත්තක් සඳහා අනිවාර්යයෙන්ම ඔබගේ කේන්ද්‍රයේ විදේශ යෝගයක් හෝ ඒ සඳහා උරුමයක් තිබිය යුතුමය.
තවද විදේශගත වීම කියූ සැණින් බොහෝ දෙනකුට සිතෙන්නේ පුද්ගලයකුගේ ජීවිතයේ දියුණුව හා සාර්ථකත්වය පමණි. නමුත් විදේශ රටකට යැම තුළින් පුද්ගලයකුගේ ජීවිතයේ පිරිහීමක් හෝ අසාර්ථක වීමක් සිදුවීමට ඉඩ ඇති බව කිසිවකු නොසිතන්නට පුළුවන. කේන්ද්‍ර සටහන සූක්ෂම ලෙස පරීක්ෂා කිරීම තුළින් ඔබට විදේශ ගමන් හෝ විදේශයක ස්ථිර පදිංචියක් උරුමද? නැතිද? යන්නත් විදේශ ගමන් මගින් දියුණුවක් හෝ පිරිහීමක් ඇතිවේද යන්නත් පැහැදිළිව ප්‍රකාශ කළ හැකිය. තවද විශේෂයෙන් කිවයුතු කරුණක් වන්නේ සමහර පුද්ගලයන්ගේ සාර්ථකත්වය සඳහා අනිවාර්යයෙන්ම විදේශයකට යායුතු බවත්, ඔවුන් මෙරට ජීවත් වන්නේ නම් කිසියම් හෝ ලෞකික දියුණුවක් ලැබිය නොහැකි බවත්ය. මේ බව ඔවුන්ගේ කේන්ද්‍ර සටහන්වල ලියවී ඇත.
මෙහිදී චන්ද්‍රයාගේ පිහිටීම, 12 වැන්නාධිපතියාගේ පිහිටීම, දොළොස්වැන්නේ ඇති ග්‍රහ පිහිටීම්, දහවැන්නාධිපතිගේ ග්‍රහ පිහිටීම් හා ඉහත ග්‍රහයන් චර රාශිවලට සම්බන්ධ වීම, චර අංශකවල පිහිටීම සම්බන්ධ කරගෙන විදේශ යෝග ක්‍රියාත්මක වේ. මීට අමතරව සංචාර සඳහා බලපෑම් ඇති කරන ප්‍රධාන ග්‍රහයන් දෙදෙනෙක් වන්නේ ශනි හා රාහු වේ. 12 වැන්නාධිපතියා 10 වැන්නාධිපතියා සමඟ යෝග වීම, 1 වැන්නාධිපතියා චන්ද්‍රයා සමඟ යෝග වීම, මෙම යෝගය චර රාශියක හෝ චර අංශකයක (මේෂ, කටක, තුලා, මකර) පිහිටීම, එසේම මෙම ස්ථාන අධිපතියන් රාශිවලින් හෝ අංශකවලින් පරිවර්තනය වීම රැකියාව සම්බන්ධව විදේශගත වීම, පෙන්නුම් කරයි. එසේම චන්ද්‍රයා චර රාශියක් වී 10 වැන්නේ පිහිටීම, නිතර නිතර සංචාරයේ යෙදෙන යෝගයක් වේ. මෙයට 12 වැන්නාධිපතියාගේ සහ 11 වැන්නාධිපතියාගේ සුබ සම්බන්ධයක් පවතී නම් ඒවායින් වන ප්‍රතිලාභය විශාල වේ. 9 වැන්නාධිපතියා 12 වැන්නාධිපතියාට සම්බන්ධ වීම තුළින් හා 5,9 අධිපතියන් හෝ ගුරු, බුධ 12 වැන්නාධිපතියා සමඟ හෝ චන්ද්‍රයා සමඟ සම්බන්ධ වීම, යෝග වීම, පරිවර්තනය වීම තුළ අධ්‍යාපනය සඳහා විදේශගත වීම පෙන්නුම් කරයි. එසේම මේ සඳහා ඉහත සඳහන් කළ චර රාශිවල හා අංශකවල පිහිටීම තුළ විශේෂ වැදගත්කමක් දක්වයි.
ලග්නාධිපතියා 12 වැන්නාධිපතියා, 10 වැන්නාධිපතියා යෝග වීම හා ඔවුන් පිහිටි නවාංශකාධිපතියන්ගේ යෝග වීම, ඉහත ග්‍රහයන්ට ශනි සම්බන්ධ වීම තුළින් ස්ථිර පදිංචිය සඳහා විදේශගත වන යෝග නිර්මාණය වේ. තවද 12 වැන්නේ, 10 වැන්නේ, 11 වැන්නේ, ලග්නයේ යන ස්ථානවලට අධිපතින්ගේ හා ඉහත සඳහන් කළ ග්‍රහයන්ගේ බල දුබලතාවය තීරණය කර, ඔබගේ විදේශ සංචාරය ප්‍රතිඵලදායකද යන්න තීරණය කළ යුතුවේ. මෙහිදී තැන්පත් භාවය ඉතා වැදගත් වේ. තවද මෙහි සඳහන් කළ ග්‍රහ පිහිටීම්වලට අමතරව, වෙනත් ග්‍රහ පිහිටීම් මඟින් විදේශ යෝගඇතිවන අවස්ථා බොහෝ ඇති බැවින් ඒවා එකින් එක විස්තර කිරීම අසීරු කරුණකි.
කේන්ද්‍රයක දළ පිහිටීම හා භාව පිහිටීම අතර බොහෝ විට වෙනස්කම් ග්‍රහයාගේ ශඩ්වර්ගයේ කාලය ඉතා වැදගත් වන අතර එයින් වැදගත්ම වන්නේ රාශිය, නැකත, නවාංශකය වේ. එසේම ස්ථානීය බලය ප්‍රකාශ කිරීමේදී භාවයේ වැදගත් කම ප්‍රධාන වේ. යම් අවස්ථාවලදී භාව සංකල්පයට අනුව දුටු පමණින් පෙනෙන ග්‍රහයන්ගේ ස්ථානීය බලය ඇතිවීම හෝ නැතිවීම නිශ්චිතවම ප්‍රකාශ කළ හැක. මෙම ආකාරයට භාව කේන්ද්‍ර සංකල්පය මගින් සූක්ෂම ලෙස කේන්ද්‍රය පරීක්ෂා කිරීමට ගතවන කාලය වැඩිවන අතර අනාවැකි වල සත්‍යතාවයද වැඩිවේ.
වැඩිදුර විස්තර සදහා 0718602525, 0115248187
විද්‍යාවේදී ජ්‍යෙතිෂවේදී
ගෝඨාභය මුදලිගේ
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks