iranama
ඔබේ ලග්නයේ ගුරු ඉන්නේ කොතැනද?
ගුරු ලග්නයේ හෙවත් පළමුවැන්නේ පිහිටා ඇත්නම් දැඩි ආත්ම විශ්වාසයකින් ජීවන රටාවක් ගෙනයන අයෙකි. සමාජය තුළ කැපී පෙනෙන හා පරිණත බුද්ධියක් හිමි පුද්ගලයෙක් වේ. අඩු තරමේ ඥාති වර්ගයාටවත් ප්‍රධානියකු වීමේ වාසනා ගුණය මෙම අයට ඇත.දෙවැන්නේ නම් මෙයට සුබදායක පිහිටීමකි. ස්ථාවර ධනයකට හිමිකම් තිබේ. භාග්‍යයද ඇත. යහපත් වචන ප්‍රකාශ කිරීමට උත්සාහ ගන්නා අයෙකි. තමාගේ පවුලේ අය කෙරෙහි මෙම අය දැඩි ඇල්මක් දක්වයි.
තුන්වැන්නේ නම් මෙය යම් තරමක විවිධ බාධාවන් ගෙන දීමට කරුණු කාරණා ගොඩනැඟෙනු ඇත. හදිසි බෝවන රෝගයන්ට ලක්වීමේ ප්‍රවණතාව වැඩි වේ. තමාට වැඩිය සහෝදර සහෝදරියන්ගේ දියුණුව බලය වැඩිවන මුත් එම අයගෙන් පල ප්‍රයෝජන ලැබීමට අපොහොසත් වේ. එහෙත් ඔබද කුමන අයුරකින් හෝ සමාජයේ ප්‍රසිද්ධියට පත්වේ.හතර වැන්නේ බලවත් වී ඇති නම් භව භෝග සම්පත් ගේ - ෙදාර ඉඩකඩම් හිමිවීමේ වාසනා ගුණය ඇතිමුත් අසුබවාදීව මෙම ග්‍රහයා පිහිටියහොත් මානසික සුවය හා සැප සම්පත් හීන වේ. තම මවට යහපත් වේ.
පස් වැන්නේ නම් මෙම පිහිටීම උසස් අධ්‍යාපනය සම්බන්ධ වඩාත් සුබ පලදායී පිහිටීමකි. දෙස් විදෙස්වල පවා ප්‍රසිද්ධියක් ලැබීමට යහපත් පිහිටීමකි. නමුත් විවාහ ජීවිතයේදී ගුහැන දරුවන් අඩුබවක් මෙහිදී පෙන්නුම් කෙරේ.
හය වැන්නේ නම් යහපත් ප්‍රතිඵල අපේක්ෂා කිරීමට නොහැකි වනු ඇත. රහසිගත රෝගාබාධයන්ට සහ සතුරු කරදරවලට ලක්වීමට ඉඩ ඇත. එහෙත් නැන්දම්මා මාමාගේ පල ප්‍රයෝජන ලැබෙනු ඇත.හත් වැන්නේ නම් යහපත් විවාහ ජීවිතයට හිමිකම් කියනමුත් ජීවිතයේ මධ්‍යම වයසෙන් පසු ලෞකික සැප සම්පත්වලට වඩා ආධ්‍යාත්මික ගුණ වගාවන් වර්ධනය කර ගැනීමට සිත යොමු වේ. නමුත් සාරධර්මයන්ගෙන් පිරිපුන් අයකු වනු ඇත.
අට වැන්නේ නම් ගුප්ත දේ සම්බන්ධ දැඩි ඇල්මක් දක්වන අයෙකි. මෙවැනි අයට ධන ලාභ හිමි වීමේ ඉඩකඩ වැඩිය. නමුත් හදිසියේ මරණය සිදුවන අතර එයින් පසු තමාගේ ප්‍රසිද්ධිය වැඩිවේ.
නව වැන්නේ නම් මෙය ගුරුට ත්‍රිකෝණ බලය හිමිවන හොඳ පිහිටීමකි. පෙර පින් බලය ඉස්මතු කරදීමෙන් තමා සිටින ප්‍රදේශයටවත් ප්‍රභූවරයකුට මෙන් ගෞරව සම්මාන ලබා දෙන ග්‍රහ පිහිටීමකි. මෙහිදී දෙලොවටම සුගතිගාමී පුද්ගලයකු වේ.
දහ වැන්නේ නම් මෙම අය රාජ්යතන්ත්රයේ උසස් වගකීම් දරන අයවලුන් වන අතර තමාගේ ආත්ම ගෞරවයද රැකගෙන සමාජයට වැඩදායී අයකු වේ. තම පියාටද යහපත් වනු ඇත.
එකොළොස් වැන්නේ නම් මෙයද යහපත් ප්‍රතිඵල ගෙන දෙන පිහිටීමක් වශයෙන් හඳුන්වා දිය හැකිය. හදිසි ධන ලාභ දේපොළ සම්පත් ලැබීමට තරම් සුබදායක වනු ඇත. උසස් අය ඇසුරු කිරීමට ඉඩකඩ සැලැසේ. නමුත් දරු සම්පත් අඩු බවක් පෙන්නුම් කෙරේ.
ෙදාළොස් වැන්නේ නම් මෙම ස්ථානයේ ගුරු පිහිටීම එතරම් සුබදායක නොවනු ඇත. විවිධ කරදරවලට සහ නීතිමය වශයෙන් ප්‍රශ්න ඉස්මතු වී තමා සතු දේපොළ ධන සම්පත් විනාශයට පත්වීමට ඉඩ ඇත. නමුත් මරණයෙන් පසු යහපත් ආත්මයකට හිමිකම් කියනු ඇත. ඉහත දැක්වෙන ගුරුගේ ප්‍රතිඵල එම ග්‍රහයාගේ බල දුබලතා මතද වෙනත් සුබ අසුබ ග්‍රහ දෘෂ්ටි අනුව මෙහි ප්‍රතිඵල වෙනස්විය හැකිය. ඔබේ ලග්නයේ ගුරු අසුබව සිටිනවා නම් සෙත් ශාන්ති කර්ම ඇත.
කහපාට මල්, කහ කොඩිවැල් සහිත බෝධි පූජා තැබීම වැඩිහිටි සිල්වත් අයට දන්දීම, සිවුරු, අටපිරිකර පූජා කිරීම සැලකීම, නරසිංහ හෝ අභිසම්භිධාන යන්ත්‍රය පැලැඳ ගැනීම, පුෂ්පරාග මැණික් පැලැඳීම යහපත් වනු ඇත.
Wmqgd .ekSu u