ජ්‍යෙතිර් විද්‍යාවට අනුව කුජ නෛසර්ගික පාපියෙකු වශයෙන් මිනිසාගේ ශුභ සිද්ධියට වඩා මිනිස් ක්‍රියාකාරකම් තුළ චිත්තවේගික වශයෙන් පීඩාකාරී පසුබිමක් නිර්මාණය කිරීමට දායක වන ග්‍රහයෙකි. කෙසේ වෙතත් කුජ සත්‍යවාදී හා ධෛර්යය සම්පන්නව ක්‍රියාත්මක වන ග්රහයෙක්ද වේ. කුජ විශ්ව කේන්ද්‍රයේ ලග්නාධිපතියාද වන බැවින් ජන්මියාගේ පෞරුෂය හා බැඳුණු ශක්තීන් කෙරෙහිද යම් ප්‍රමාණයක බලපෑම් ඇති කරයි.
විවාහයේ පැවැත්මට හේතු කාරක වන යහපත් බලවේග මෙන්ම හානිකර පීඩාකාරී බලවේගයන්ද පවතී. ජ්‍යෙdතිෂමය අධ්‍යයනයන් තුළින් හෙළිවී ඇත්තේ කුජ, රාහු, කේතු හා ශනි ආදී පාපී ග්‍රහයන්ගෙන් විවාහයේ පැවැත්ම කෙරෙහි නිශේධනාත්මක බලපෑමක් ඇති කරන බවයි. මේ අයුරින් කුජ අන්‍ය ග්‍රහයන්ට වඩා පීඩාකාරී බලයක් ඇති කරන බව හඳුනාගත හැකිය.
අන්‍ය ග්‍රහයන්ට වඩා කුජ විවාහයේ පැවැත්ම හා ලිංගිකත්වය කෙරෙහි බලපාන ග්රහයෙකු බැවින් එම බලපෑමට සාපේක්ෂව ඒවායේ ක්‍රියාකාරීත්වය, උද්දීපනය හා දුර්වල වීම සිදු වේ. නීච වීම, පාපී ග්‍රහයන් හා සම්බන්ධ වීම හෝ දෘෂ්ටිගත වීම, සතුරු රාශිගත වීම, වක්‍රවීම ආදී තත්ත්වයන් තුළ හත්වැන්නට කුජ විසින් ඇති කරන අනිටු විපාක වැඩි කෙරේ.
මෙහිදී කුජගේ ස්වභාවය තුළින් නිවේදනය වන විරුද්ධවාදී බව, මතභේදකාරී බව, වැරැදි අවබෝධය හා චපල මානසිකත්වය, කෝපය, නීති කැඩීම, හිංසාව, වෙන් කිරීම හා අසමගිකම ආදී පීඩාකාරී තත්ත්වයන් උදා කෙරේ යයි විශ්වාස කරයි. මෙය ජ්‍යෙdතිෂයේදී භෞම දෝෂය හෙවත් කුජ දෝෂය නමින් හඳුන්වයි.
මෙම භෞම දෝෂය යනුවෙන් හඳුන්වන්නේ කුජ ග්‍රහයා යම් කේන්ද්‍රයක ලග්නය, දෙවැන්න, සිව්වැන්න, හත්වැන්න, අටවැන්න හා දොළොස්වැන්න යන භාවයන්ට ඇති කරන පීඩාවයි. 12 වැන්නේ සිටින කුජ 8 වැනි දෘෂ්ටියෙන් හත්වැන්න පීඩා කරනු ලබයි. ලග්නයේ සිටින කුජ සප්තම දෘෂ්ටියෙන් 7 වැන්න පීඩා කරනු ලබයි. හතරවැන්නේ සිටින කුජ චතුරශ්‍ර දෘෂ්ටියෙන්ද, හත්වැන්න පීඩාවට පත් කරවයි. කුජ දෙවැන්නේ සහ අටවැන්නේ සිටීමෙන් විවාහයට බලපානු ලබන්නේ කෙසේ දැයි මෙහිදී ප්‍රශ්නයක් පැන නඟී.
දෙවැන්න කුටුම්බය හෙවත් පවුල් සංස්ථාවයි. කලත්‍රයාගේ මාරක ස්ථානයයි. ඒ අනුව දෙවැන්නේ සිටින කුජද විවාහයට හානිදායක යෑයි පිළිගත හැක. අටවැන්නේ සිටින පාපියා දෙවැන්න දකින බැවින් දෙවැන්න පීඩා වන බවද එමගින් ගැටලු ඇති විය හැකි බවද සිතිය හැක.
කෙසේ වෙතත් විවාහ ජීවිතයේ පැවැත්මට බලපානුයේ දෙවැන්න සහ 7 වැන්න පමණක් නොවේ. හත අධිපති, විවාහ කාරක සිකුරු වැනි ග්‍රහයන් ගැනද නොවිමසා
7 වැන්නේ කුජ දුටු පමණින් විවාහය අසාර්ථක වේ යෑයි නිගමනයට පැමිණීම සාධාරණ නැත. මෙම නිසා
7 වැන්නේ කුජ තැන්පත් වීම සෑම අතින්ම අනතුරුදායක යෑයි නිගමනය කිරීම අන්තවාදී සිතිවිල්ලකි.
සාමාන්‍යයෙන් කුජ 7 වැන්නේ යහපත්ව සිටීම මගින් උන්නතිකාමී ආත්මාභිමානයෙන් පිරි දක්ෂ කඩිසර සහකරුවකු හෝ සහකාරියක් හිමිවෙයි. නමුත් පාප පීඩිත කුජ 7 වැන්නේ වීමෙන් ආක්රමණකාරී, වහා කිපෙන සුලු, කලහකාරී හැසිරීමෙන් යුත් සහකාරියක් හෝ සහකරුවෙක් හිමිවේ. අභුභ වූ කුජට සෙනසුරුගේ හෝ යුරේනස්ගේ දෘෂ්ටි ලැබීමෙන් ඉහත කී තත්ත්වය උග්රවනු ඇත. තවදුරටත් ගුරු ග්‍රහයාගෙන් හෝ
8 වැන්නාධිපති ග්‍රහයා වෙතින් කුජ ග්‍රහයා පීඩාවට පත් වුවහොත් කලත්‍රයා සමඟ බරපතළ ගැටුම් ඇතිවිය හැකි අතර සිකුරුගෙන් අයහපත් දෘෂ්ටි ලබා පීඩිත වුවහොත් අවිචාරවත් ලෙස පරදාර සේවනයට ගොදුරු විය හැක.
සඳු, බුධ, ගුරු, සිකුරු යන ශුභ ග්‍රහයන් බලවත් අවස්ථාවන්හිදී කුජ දෝෂ හේතුවෙන් උද්ගත වන අනිටු විපාකයන් බොහෝ දුරට අවම විය හැක. කෙසේ වුවද මෙසේ අවම වීම් තත්ත්වයන් යටතේ වුවද විවාහ ජීවිතය තුළ කිසියම් හෝ පීඩාකාරී තත්ත්වයන්ට මුහුණදීමට සිදුවිය හැක. මෙම දෝෂය වෙනත් ග්‍රහ බලපෑම් මත සම්පූර්ණයෙන්ම භංග වීමක් සිදුවේ යෑයි කිව නොහැකි වුවද ඒ තුළින් දෝෂ බොහෝ සෙයින් අඩුවීමක් සිදුවිය හැක.
අඟහරු යහපත් තත්ත්වයේ සිටින අයගේද විවාහ බිඳ වැටී ඇති අවස්ථා ඇත. එසේ වූයේ එම කේන්ද්‍රවල විවාහය බිඳ හෙළන වෙනත් යෝගද ඇති හෙයිනි. එවැනි අවස්ථාවල විවාහය බිඳ වැටීමේ වරද පැටවෙන්නේ කුජ වෙතය. කුජ බලවත් භාවයෙන් යුක්තව 7 වැන්නේ සිටියදී අශුභ ග්‍රහයන්ගේ දෘෂ්ටියට ගොදුරු වුවහොත් කුජගේ එම ප්‍රකෘති තත්ත්වය වෙනස් කොට අයහපත් බලපෑම් ඇති කෙරේ. එබැවින් අඟහරු 7 වැන්නේ සිටි පමණින් අනියත බියක් ඇතිකර නොගත යුතුය.
කුජ දෝෂයට තවත් කුජ දෝaෂ තිබෙන කේන්ද්‍රයක් එකතු කිරීම, විෂෙන් විෂ නැසීමේ ක්‍රියාවලිය යටතේ පාපී කේන්ද්‍රවලට පාපී කේන්ද්‍ර සෙවීම, විෂෙන් විෂ නැසීමේ ක්‍රියාවලියම අනුගමනය කරන්නකි. එහෙත් මෙම ක්‍රමය සාර්ථක වන සහ අසාර්ථක වන අවස්ථාද නැත්තේ නොවේ.
එබැවින් කේන්ද්‍රයක රාශි 12 තුළ කුජ ග්‍රහයා 1, 2, 4, 7, 8, 12 යන රාශි 6 න් එකක පිහිටීම විවාහය හා එහි පැවැත්මට පීඩාකාරී බලපෑම් ඇති කරයි නම් කුජ ග්‍රහයා එකී රාශියක සිටින කේන්ද්‍ර හිමි සෑම සියලු දෙනාගේම විවාහ ජීවිතය අසාර්ථක විය යුතුය. එබැවින් යම් ජන්මියෙකුගේ කේන්ද්‍රයක ඉහත කී රාශියක කුජ තිබූ පමණින් විවාහයේ දික්කසාද වීමක්, වැන්දඹු වීමක් ඇති වේ යෑයි පැවසීම සාධාරණ නොවේ. මන්ද මෙම කුජ දෝෂය භංගවන අවස්ථාද ඇති බව බොහෝ භාරතීය පඬිවරු පෙන්වා දී ඇත.
එබැවින් සෑම ලග්නයකටම කුජ හත්වැන්නේ එක සේ බලපානු නොලබයි. කුජ සිටින නැකත, ශුභ ග්‍රහයන් කුජ වෙත කරන බලපෑම්, කුජගේ උච්ඡ හෝ ස්වකේෂ්ත්‍ර පිහිටීම් මෙන්ම නවාංශකයේ පිහිටීම ආදී සාධක ගණනාවක් මත මෙම කුජගේ දෝෂකාරී තත්ත්වය සංශෝධනය විය හැක. මෙම නිසා සමස්ත කේන්ද්‍රයේ ග්‍රහ බලය පිළිබඳ පුළුල් අධ්‍යයනයකින් තොරව කුජ